ශූරයින්ගේ විස්තර විචාරකයන් අතරට අපේ සංගාත්

664
Kumar Sangakkara

ජුනි මාස 1 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන, ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන මෙහෙයුම් කටයුතු වල සැලසුම් හා එම තරගාවලියේ නිල විස්තර විචාරකයන්ගේ නම් ලැයිස්තුව ඊයේ (18) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් රිකී පොන්ටීන්, නවසීලන්තය සදහා බ්‍රෙන්ඩන් මැකලම්, ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර සංගක්කාර හා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ග්‍රැහැම් ස්මිත් පළමු වරට නිල විස්තර විචාරකයන් ලෙස තම හැකියාවන් පෙන්වනු ඇත. තවද මොවුන් සියලු දෙනාම ඒ ඒ ක්‍රිකට් කණ්ඩායම් වල හිටපු නායකයින් වීම ද සුවිශේෂී සිදුවීමකි.

ශූරයින්ගේ කුසලානයට පෙර දියතලාව සහ මහනුවර දී පුහුණු සැසියක්

පුංචි ලෝක කුසලානය නමින් සමස්ත ලෝකයේම අවධානය දිනා ගෙන ඇති ශූරයින්ගේ කුසලානය එළඹෙන ජුනි මාසයේ දී එංගලන්තයේ දී සහ වේල්සයේ..

එයට අමතරව සවුරෝ ගංගුලි, ශේන් වෝන්, මයිකල් සියැටර්, නසාර් හුසෙයින්, මයිකල් ඇතර්ටන්, ශෝන් පොලොක්, සංජය මන්ජර්කාර්, රමිස් රාජා, ඉයන් බිශොප්, ආතර් අලී කාන් හා සයිමන් ඩවුල් යන ක්‍රිකට් විචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් හා අත්දැකීම් බහුල විචාරකයන් රැසක්ම මේ විචාරකයන් අතරට එක්කර ඇත.

“ක්‍රීඩකයෙක් වශයෙන් මට ශූරයින්ගෙන් කුසලානය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අතරට ශූරයින්ගේ කුසලාන දෙකකටම හිමිකම් කීමට හැකියාව ලැබී තියෙනවා. මෙවර පැවැත්වෙන ශූරයින්ගේ කුසලානය පිළිබඳව හොඳ සෙවිල්ලෙන් ඉන්නේ මමත් ක්‍රිකට් විචාරකයන් අතර සිටින නිසාවෙන්. මම හිතනවා ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට පැමිණියහොත් පැට් කියුමින්ස් හා ජේසන් රෝයි අතර හොඳ තරගයක් බලන්නට පුළුවන් වෙයි, ඒක දකිනකන් මට ඉවසිල්ලක් නැහැ.” රිකි පොන්ටින් මෙසේ පවසා ඇත.

බ්‍රෙන්ඩන් මැකලම්ගේ අදහස නම්, “ශූරයින්ගේ කුසලාන තරගාවලිය තුල ආපසු හැරී බලන කොට නොමැකෙන මතකයන් රැසක් ඉතිරිව තියෙනවා. සෑම කණ්ඩායමක්ම මෙම පන්දුවාර 50 තරගාවලිය හොඳින් අවසන් කිරීමට සූදානමින් සිටිනවා. මට රිකී පොන්ටීන්, සවුරෝ ගංගුලි හා ග්‍රැහැම් ස්මිත් සමඟින් ක්‍රිකට් විචාරකයෙක් ලෙස කටයුතු කිරීමට ලැබීමත් හොඳ සතුටක් ගෙන ඒවී. මම බලාපොරොත්තු වෙනවා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට හොඳ ක්‍රිකට් විචාරයක් ලබා දෙන්න.”

ග්‍රැහැම් ස්මිත්, “මම මෙවන් තරගාවලියක විචාරකයෙක් ලෙස නම් කළා කිව්වාම මම පුදුම වුනා. මේක ඉතා හොඳ තරගාවලියක්, ඒ නිසා සෑම කණ්ඩායමකටම තම දස්කම් පෙන්වීමට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙවර තරගාවලිය තුලින් අපට හොඳ අත්දැකීමක් හා සුවිශේෂී සිදුවීම් රාශියක් දැක බලා ගැනීමට හැකි වන බැව් නම් නිසැකය.”ICC TV commentary

කුමාර සංගක්කාර, “ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මම ආදරය කරන විශේෂ තරගාවලියක්, මම ඒ සඳහා සහභාගි වී හොඳ අත්දැකීම් ලබාගෙන තියෙනවා. දැන් මම ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස මෙම තරගාවලියේ කටයුතු කරනවා. මම මේ තරගාවලියේ ඉදිරියටත් සිටිමින් මෙහි සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් නිරීක්ෂණය කරනවා. හුඟක් කණ්ඩායම් වලට මෙම කුසලානය තමන් සතු කරගැනීමට පුළුවන්. එයට ඇත්තේ තවත් සති කිහිපයකි.”

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල නාලිකාව හරහා තරග සියල්ලම සජීවීව විකාශනය වන අතර, එහි නිශ්පාදකයින් ලෙස සන්සෙට්වයින් හා උපකරණ වලින් දායකත්වය ලබා දීමට NEP විකාශන ආයතනය සූදානම්ව සිටියි.

මෙම තරගාවලිය කණ්ඩායම් 8ක් සහභාගී වන තරගාවලියකි. එහි ආරම්භක තරගය ජුනි පළමු දා සත්කාරක එංගලන්තය හා බංග්ලාදේශය අතර ඕවල් පිටියේ දී පැවැත්වෙනු ඇත. සෑම තරගයකටම කැමරා 34ක් යොදවන බවත්, ඒ සඳහා අධි සංවේදී කැමරා, විකට්ටුවට ඉදිරිපස හා පසුපස කැමරා හා පිටියේ ඉහළින් ක්‍රියාත්මක වන කැමරා ද ඇතුළත්ව ඇත.

ජෙහාන් ඩැනියෙල්ගේ හුදකලා සටන අවසානයේ කැන්ගරුවන්ට ජය

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වුනු තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 102ක…

තවද සෑම විටකම ක්‍රීඩකයින් 6 දෙනෙකු වෙත වෙනමම කැමරා කිහිපයක් යොමු කරන අතර, ජුනි මස 18 වැනිදා ඕවල් පිටියේ දී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා අධි තාක්ෂණයෙන් යුතු ඩ්‍රෝනර් කැමරාවක් ද මෙම විකාශන කටයුතු සඳහා එක් කරනු ඇත.

විවිධ කලාප වල සජීවී විකාශනය ලබා දෙන නාලිකාවන් තවමත් තීරණය කර නොමැති අතර, එහි කටයුතු ද අවසන් අදියරේ සූදානම් වෙමින් පවතියි. ඒත් සමඟින් ක්‍රිකට් දත්ත විශ්ලේෂණය කිරීමට Cricviz ආයතනය අත්වැල් බැඳගෙන සිටින අතර, රූප විශ්ලේෂණය සඳහා ලොව ප්‍රකට සමාගමක් වන Chyron Hego ආයතනය සූදානම්ව සිටියි.

විකාශන හා තාක්ෂණික මාධ්‍ය අංශයේ සභාපති ආර්ටි ඩබාස් මහතා මෙසේ තම අදහස් දැක්විය. “මෙවර ලෝව ඉහළ පෙලේ විකාශන සමාගම් සමඟින් අප මෙම මෙහෙයුමට එක්ව සිටින අතර, ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ වින්දනය උපරිමයෙන් තබා ගැනීමට හැකි වන ලෙස විකාශනය ගෙන ඒමට කටයුතු සූදානම් කරනවා. එසේම නව තාක්ෂණය හා තාක්ෂණික උපක්‍රම වල සම්මිශ්‍රණයක් සහිතව මෙවර තරගාවලියේ සජීවී විකාශනය සුවහසක් ක්‍රීඩාලෝලීන්ට දැක ගැනීමට හැකි වනු ඇත.”

ක්‍රිකට් තරග විකාශනයක ලකුණු හා දත්ත විශාල වැදගත්කමකින් යුතු පැතිකඩකි. එය ද නව මුහුණුවරකින් හා නව පෙනුමකින් නිර්මාණය කිරීමට DixonBaxi ආයතනය සැලසුම් කරමින් සිටියි. ඒ සඳහා විශේෂඥයෙක් වන ඇල්ස්ටන් එලියට්ගේ සහය ද එයට ලැබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නාලිකාව හරහා තරගය ආරම්භ කිරීමට මිනිත්තු 30කට පෙර සජීවී විකාශනය ලබා දෙන අතර, එම මිනිත්තු 30 තුල තණතීරුවේ වාර්තාව, කාසියේ වාසිය හා කණ්ඩායම් වල ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් හා ඔවුන්ගේ යම් යම් දත්ත විශ්ලේෂණය කරනු ඇත.

තවද තරගයක එක් ඉනිමක් අවසන් වූ පසුව එහි විශේෂ අවස්ථාවන් හා එහි වැදගත් තැන් පිළිබඳ කතාබහක් ද සූදානම් කර ඇත. ICC නාලිකාව මගින් ප්‍රේක්ෂකයාට නවමු ආකාරයේ වින්දනයක් ඇතිවන ලෙස, කණ්ඩායම් වල ක්‍රීඩකයින්ගේ තතු හා දත්ත මෙන්ම තරග වාර්තා ද පිළියෙල කරගෙන යමින් සිටියි.

මෙම තරගාවලිය සඳහා ඇති පෙර සූදානම බලන විට  ශූරයින්ගේ කුසලාන තරගාවලිය දෙවන වන්නේ ලෝක කුසලාන තරගාවලියට පමණක් බවත්, මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලිය ක්‍රීඩාලෝලීන්ට නවමු අකාරයේ ආකර්ෂණීය බවකින් යුක්ත වන බවටත් මේ වන විටත් ඉඟි පහල වී හමාරය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට