ගෙවුණු දවස අප්‍රේල් 07 – ක්‍රිකට්, රග්බි පිටිය වැස්ස මැද උණුසුම්

572

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

ආනන්ද ක්‍රීඩකයෝ විද්‍යා විදුහල හමුවේ පරාජය වෙයි

Schools Rugbyසිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (7) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය  අතර පැවැත්වූයේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 38-14ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ගල්කිස්ස විද්‍යා  විද්‍යාලය සමත් විය.

ප්‍රථම අර්ධය: විද්‍යා විද්‍යාලය 19 – 07 ආනන්ද විද්‍යාලය

අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 38 (6T 4C) – 14 (2T 2C) ආනන්ද විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: හෂාන් මදුමාධව

සම්පූර්ණ වාර්තාව: විද්‍යා ක්‍රීඩකයෝ ආනන්ද විදුහලත් මට්ටු කරති


සහිරා උත්සාහය වෙස්ලි විදුහල හමුවේ අපතේ යයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (7) කොළඹ වෙස්ලි විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතර මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අතර තියුණු තරගයකට පසු සහිරා විද්‍යාලය පරදවමින් ලකුණු 07-26ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 07-19 වෙස්ලි විද්‍යාලය

අවසාන ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 07 (1T,1C) – 26 (4T,3C) වෙස්ලි විද්‍යාලය

සම්පූර්ණ වාර්තාව: දැඩි වර්ෂාව මධ්‍යයේ වෙස්ලි ක්‍රීඩකයෝ ජය තහවුරු කර ගනිති


ඉසිපතනය පරදා පීතරයින් අපරාජිතව ඉදිරියට

2018 Schools Rugby Aසිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ඊයේ (7) කොළඹ ඉසිපතන විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකට පසු ලකුණු 14-20ක් ලෙස තරගය ජය ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 09-15 සාන්ත පීතර විද්‍යාලය

අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 14 (1T,3P) -20 (3T,1C,1P)  සාන්ත පීතර විද්‍යාලය

සම්පූර්ණ වාර්තාව: ඉසිපතනයේ අපරාජිත කිරුළ ගැලවේ


ක්‍රිකට් –

ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරයි

කුරුණෑගල සාන්ත ආනා සහ මලියදේව විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් හිමිව නොමැති ජයග්‍රාහී උණුසුම ලබා ගැනීමේ වැඩි වාසි මෙවර තරගයේ දී සාන්ත ආනාවරුන් සතු වූවද, මලියදේව ක්‍රීඩකයන්ගේ වාසනාවත්, නායක දුලාජ් රණතුංගගේ සටන්කාමී දෙවැනි ඉනිමත් හේතුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය තවත් වසරටත් කල් දැමුණි.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී අවසන් වූ 35 වැනි ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරව නිමා වූයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු අංගෝපායන්ගෙන් සන්නද්ධව පැමිණි සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තු සහමුලින්ම විනාශ කර දැමීමට අයහපත් කාලගුණ තත්ත්වය ආකාරුණික වීම හේතුවෙනි.

සම්පූර්ණ වාර්තාව: සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තුව සුන්වේ


සාන්ත ජෝන් විදුහලට සිය මංගල තරග ජය මෙවරත් මග හැරේ

වෙනුක් හෙට්ටිආරච්චිගේ පන්දු යැවීමත්, සොනාර කරුණාතුංග, නුරාජ් ප්‍රසංග හා තිමිර මල්ෂාන්ගේ දස්කම්වලිනුත් විචිත්‍රවත් වූ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවති 22 වන ශ්‍රී ජයවර්ධනපුර සටන 20 වන වතාවටත් ජය පරාජයෙන් තොරව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඊයේ (7) අවසන් විය.

1991 සිට පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරගයේ තරග 2ක් පමණක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී ඇත. එම තරග දෙකම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විසින් ජයග්‍රහණය කර ඇත. සාන්ත ජෝන් විද්‍යාලයට තවමත් සිය විද්‍යාල නාමයට ඉදිරියෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිව ඇති අතර ඊයේ නිමාවට පත්වූ මෙම තරගයත් සමගම තරග 20ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ජයවර්ධනපුර සටන මෙවරත් ජය පරාජයෙන් තොර

දිනයක නිමාව