විද්‍යා ක්‍රීඩකයෝ ආනන්ද විදුහලත් මට්ටු කරති

1855
Schools Rugby

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (7) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය  අතර පැවැත්වූයේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 38-14ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ගල්කිස්ස විද්‍යා  විද්‍යාලය සමත් විය.

දැඩි වර්ෂාව මධ්‍යයේ වෙස්ලි ක්‍රීඩකයෝ ජය තහවුරු කර ගනිති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් …

තරගය ආරම්භයේ සිටම සුපුරුදු අයුරින් ආක්‍රමණකාරී තරග රටාවක් සමඟ විද්‍යා විදුහල තරගයට පිවිසි අතර ආනන්ද විදුහල ද තම ක්‍රීඩකයින් එක්කාසු කර ගනිමින් ඉදිරියට ගමන් කළේ ප්‍රබල ලෙසය. තරගයේ ප්‍රථම උත්සාහක දිනුම විද්‍යා විදුහල් නායක හෂාන් මදුමාධව විසින් ලබාගත් අතර එහි ප්‍රවර්තනය ප්‍රින්ස් ආකාශ්ගේ අතින් සාර්ථක විය.

තවත් මිනිත්තු 10ක් ගතවද්දී නැවතත් උත්සාහක දිනුමක් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට විද්‍යා විදුහලේ දුලාජ් කල්හාර සමත් වූ අතර එහි ප්‍රවර්තනය හසරංග නිසි අයුරින් ජය ගැනිණි. ඒ අනුව ලකුණු තත්ත්වය 14-00ක් ලෙස දිස්විය. තරගයේ ප්‍රථම කහ කාඩ්පත ආනන්ද විදුහලට හිමිවන්නේ අනිසි තරග විලාසයෙනි.

මෙම අභියෝගයට අභියෝගයක් වෙමින් ඒ ආනන්දීය ක්‍රීඩක පී. එස්. තිලකරත්න ලබාගත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම ලබා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව ලකුණු තත්ත්වය 14-07ක් ලෙස සටහන් වූ අතර දෙපිලම තවත් ලකුණකට පොර බඳිමින් සිටීයේය.

තරගයේ අර්ධයක් නිමාවීමට ඔන්න මෙන්න තිබිය දී හෂාන් නැවතත් උත්සාහක දිනුමක් එක්කරමින් විද්‍යා විද්‍යාලය තවත් පෙරමුණට ගෙන ගිය අතර තරගය අඩක් නිමවද්දී 19-07ක් ලෙස විද්‍යා  විදුහල ඉදිරියෙන් පසුවිය.

ප්‍රථම අර්ධය: විද්‍යා විද්‍යාලය 19 – 07 ආනන්ද විද්‍යාලය

නැවතත් තරගය ආරම්භ වීමෙන් පසු තම රිද්මය තරගයට ගෙන ආ නායක හෂාන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ආකාශ් එය ප්‍රවර්තනය කරන ලදි.

ආනන්දයේ බලාපොරොත්තු බිඳ දමමින් විද්‍යා විදුහලේ හර්ශන තවත් ලකුණු 05ක් කණ්ඩායමට එක් කරන අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

ඉසිපතනයේ අපරාජිත කිරුළ ගැලවේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (7) කොළඹ ඉසිපතන විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත…

තරගයේ දෙවන කහ කාඩ්පත විද්‍යා නායක හෂාන් වෙත විනිසුරුවරයා දිගුකරන්නේ අවදානම් තරග රටාව තුලය. ආනන්දයට කිසියම් සහනයක් දෙමින් ඊ. කේ. බෙරී උත්සාහක දිනුමක් ලබා ගන්නා අතර එහි ප්‍රවර්තනය පී. එස්. තිලකරත්න සාර්ථක කර ගන්නා ලදි (31-14). ධනංජය, ආකාශ් සුසංයෝගයෙන් තවත් ලකුණු  07ක් විද්‍යා විදුහලට එක්කරමින් තරගය අවසන් වූ අතර අවසන් ලකුණු තත්ත්වය 38-14ක් ලෙස සටහන් විය.

අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 38 (6T 4C) – 14 (2T 2C) ආනන්ද විද්‍යාලය

ThePapare.comතරගයේ වීරයා: හෂාන් මදුමාධව

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<