ලෝක කුසලාන ඉතිහාසය 6- ශ්‍රී ලංකා කණ්ඩායමේ විජයග්‍රහණය (1996): 1 කොටස

372
1996 මාර්තු 17ත් වන දින සියළු ලාංකිකයින් හට අමරණීය දිනයක් වුයේ එදින ශ්‍රි ලංකා කණ්ඩායමේ සිංහයින් ක්‍රිකට් ලොවේ “එවරස්ට්” තරණය කිරිම නිසාය. කොළඹ නගරයේ සියළු විධි මහා සැණකෙළියක් බවට පත්විය.  
ශ්‍රි ලංකා පිලේ පුහුණුකරු ඩෙව් වට්මොර් හා අර්ජුන රණතුංගගේ නිවැරද් නායකත්වය නිසාත් ප්‍රබල කණ්ඩායම් රැසක් පරාජය කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවිය. ආරම්භක පිතිකරුවන් වූ සනත් ජයසුරිය හා රොමේශ් කළුවිතාරණ ඉතා ප්‍රබල ආරම්භක යුගලයක් වූ අතර ඔවුන් හට සහය වීමට අසංක ගුරුසිංහ හා අරවින්ද ද සිල්වා එක් විය. පළමු ඕවර් 15 තුලදි ලකුණු 50ත් 60ත් අතර සංඛයාවක් ප්‍රමාණවත් වූ කාලයකදි, ශ්‍රි ලංකා පිල ඉන්දියාවට එරෙහිව පළමු ඕවර් 15 දි ලකුණු 117ක් ද, කෙන්යාවට එරෙහිව ලකුණු 123ක් ද, නැවතත් ඉන්දියාවට එරෙහිව අවසන් පුර්ව තරගයේදි ලකුණු 86ක් ද රැස් කලේය. රොෂාන් මහනාම, හෂාන් තිලකරත්න හා නායක රණතුංගගෙන් මැද පෙළ පිතිකරණය ඉතා ශක්තිමත් විය. චමින්ද වාස්, ප්‍රමොද්‍ය වික්‍රමසිංහ, කුමාර් ධර්මසෙන හා මුත්තයියා මුරලිධරන්ගෙන් පන්දු යැවිම් අංශය ශක්තිමත් වූ අතර සනත් හා අරවින්දගේ සහයද ලැබිණි. 
 
96 ලෝක කුසලානය දකුණු ආසියාවට නැවතත් පැමිණි අතර, ඉන්දියාව, පකිස්තානය හා ශ්‍රි ලංකාව එහි සත්කාරකත්වය දැරිය. “ඓඨ්C” සමාගමේ “Wඉල්ල්ස්” වෙළද නාමයෙන් ලෝක කුසලානයට අනුග්‍රහ දැක්විය. ක්‍රිඩාංගන 26කදි තරග 37ක් පැවැත්වුනු අතර ඉන්දියානු ක්‍රිඩාංගන 17කද, පකිස්තානු ක්‍රිඩාංගන 6කද, ශ්‍රි ලංකා ක්‍රිඩාංගන 3කද තරග පැවැත්විණි. නෙදර්ලන්තය, එක්සත් අරාබි ඒමිර් රාජ්‍ය හා කෙන්යාව එක්විම නිසා කණ්ඩායම් 12 කාණ්ඩ 2ට බෙදන ලදි. තවද අර්ධ අවසන් පුර්ව තරග හා තෙවන විනිශ්යකරුවකු සිටි පළමු ලෝක කුසලානයද මෙය විය.
 
තරගාවලිය පැවැත්විමට පෙර ඕස්ට්‍රේලියා පිල හා කොදෙව් පිල, ශ්‍රි ලංකාවෙදි ක්‍රිඩා කිරිමට නොහැකි බව කියා සිටියේය. ඒ තම ආරක්ෂාවට තර්ජනයක් වෙවි යැයි සිතමින් ය. අන්තර් ජාතික ක්‍රිකට් කමිටුව විසින් ආරක්ෂාව තහවුරු කර තිබියදිද එසෙ චෝදනා  කිරිම නිසා කොදෙව්වන් හා ඕස්ට්‍රේලියනුවන් සමග පැවැති තරග 2ම ජය ශ්‍රි ලංකාවට ලබා දෙන ලදි. ශ්‍රි ලංකා පිල කිසිදු තරගයක් ක්‍රිඩා නොකර අර්ධ අවසන් පුර්ව තරග සදහා සුදුසුකම් ලැබිය.
 
ශතකයකින් ආරම්භවු 96′ ලෝක කුසලානය….
 
ලෝක කුසලාන තරගාවලියක පළමු වරට සත්කාරක රටක් ආරම්භක තරගයක ක්‍රිඩා නොකලේය. පෙබරවාරි 14 දින එංගලන්තය හා නවසීලන්තය අහ්මෙඩාබද් හිදි තරග වැදිනි. නෙතන් ඇස්ට්ල් අගනා ශතකයක් රැස් කල අතර නවසීලන්තය ඕවර් 50 තුලදි කඩුළු 6 දැවි ලකුණු 239ක් රැස් කලේය. එංගලන්තය උඩ පන්දු 4ක් අතහැරි අතර ඇස්ට්ල්ගෙ උඩ පන්දුවක්ද මෙයට අයත් විය. ලකුණු 240ක ඉලක්කයක් එංගලන්තයට ලැබුණු අතර එංගලන්ත නායක ඇතර්ටන් දැවි ගියෙය. ග්‍රැහම් හික් ලකුණු රැස් කලද ඔහුද ලකුණු 85කට දැවි ගියේ පාදයේ ආබාධයක් හට ගත් නිසාය. අවසානයේ එංගලන්ත ඉනිම ලකුණු  228කට සීමාවුනේ නවසීලන්තයට ලකුණු 11ක ජයක් අත්කර දෙමින්ය.
 
කර්ස්ටන් හා “සුදු අකුණ” එක්සත් අරාබි ඒමිර් රාජ්‍ය මෙල්ල කරයි…
 
එක්සත් අරාබි ඒමිර් රාජ්‍ය හා දකුණු අප්‍රිකාව අතර තරගය රාවල්පින්ඩිහිදි පැවැත්වු අතර පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ලකුණු 321ක් රැස්කලේ කඩුළු 2ක් පමණක් දැවිගෙනය. ගැරී කර්ස්ටන් ලකුණු 188ක් රැස් කල අතර මෙම ලකුණු 321 ඔවුන් රැස්කල වැඩිම ලකුණු ගණන විය. කර්ස්ටන්ගේ මෙම වාර්තාව තවමත් බිද දමා නැති අතර දකුණු අප්‍රිකාවෙ පළමු ශතකලාභියා විමට ඔහු සමත් විය.
කර්ස්ටන් හතරේ පහර 13ක් ද, හයේ පහර 4ක්ද ලබාගත් අතර ඩැරිල් කලිනන් සමග එක්වි අවසන් ඕවර් 20 සදහා ලකුණු 145 රැස් කලේය. පන්දු යැවිමෙදි “සුදු අකුණ” හෙවත් ඇලන් ඩොනල්ඩ් හා බ්‍රයන් මැක්මිලන් කඩුළු 3 බැගින් දවා ගන්න ලදි.”සුදු අකුණ” හෙවත් ඇලන් ඩොනල්ඩ්ගේ පන්දුවක් නායක සරවානීගේ හිසේ වැදුනෙය. අවසානයේ දකුණු අප්‍රිකානුවන් තම ප්‍රතිවාදින්ගේ කඩුළු 8ක් දවා ගත් අතර ඔවුන් රැස් කලේ ලකුණු 158ක් පමණි.
 
වෝග් ඉතිහාසයට එක්වෙයි…..
 
මාර්ක් වෝග්ගේ ශතකයන් මුම්බායි හා විසකාපත්නම් යන නගර විශ්මයට පත්කරන ලදි. ඔහු ලෝක කුසලානයකදි පිට පිට ශතක රැස්කල පළමු ක්‍රිඩකයා විය. ශ්‍රි ලංකාවත් සමග පැවැති තරගයට සහභාගි නොවු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙබරවාරි 23වන දින කෙන්යාව සමග පැවැති තරගයට සහභගි විය. කෙන්යාව ප්‍රථමයෙන් පන්දු යැවිමට තෝරාගත් අතර ඕස්ට්‍රේලියානු නායකයා හා රිකී පොන්ටින් දවා ගැනිමට ඔවුන් සමත් විය. නමුත් වෝග් සහොදරයින් එක්ව ලකුණු 207ක සම්බන්ධතාවයක් ගොඩ නැගීය. මාර්ක් පන්දු 128කදි ලකුණු 130ක් ද ස්ටිව් ලකුණු 82ක්ද රැස් කලේය. මෙය පළමු ද්විත්ව ශතක සම්බන්දතාවයයි. ඕස්ට්‍රේලියාව ලකුණු 307 රැස් කලේය. කෙන්යානු පිල නිර්භීත ලෙස ක්‍රිඩා කල අතර අවසානයෙදි ඔවුන් ලකුණු 207 රැස් කලේය. කෙන්යානු ආරම්භක පිතිකරු කෙනඩි ඔටියෙනො ලකුණු 85ක් රැස් කලේය.    
 
ලකුණු 97ක ජයෙන් පසුව ඕස්ට්‍රේලියාව තරග වැදුනේ ඉන්දියාව සමගින්ය. මෙම පලමු දිවා රාත්‍රි තරගයේදිද මාර්ක් වෝග් තම දෙවන ශතකයද රැස් කලේය. ඔහු තම නායක ටෙලර් සමග එක් වි ලකුණු 103ක හා ස්ටුවර්ට් ලොව් සමග එක් වි ලකුණු 75ක සම්බන්ධතාවයක්ද ගොඩනැගුවෙය. ප්‍රථමයෙන් ලකුණු 300 ක ඉලක්කය අපහසු නොවුවද අවසන් කඩුළු 7 ලකුණු 26කට දැවියාමත් සමග ඔවුන්ට රැස් කිරිමට හැකිවුයෙ ලකුණු 258ක් පමණියි. වෙන්කතෙෂ් ප්‍රසාද් හා වෙන්කටපති රාජු කඩුළු 2ක බැගින් ලබා ගත්හ. ඉන්දියානු හඹායාමෙදි අජේ ජඩෙජා හා විනොද් කම්බ්ලි දවා ගැනිමට ඩෙමියන් ෆ්ලෙමින්ග් සමත් විය. නමුත් සචින් හා ඉන්දියානු නායක ඉනිම ගොඩ ගත් අතර ෆ්ලෙමින්ග්ගේ තුන් වන කඩුල්ල ලෙස නායකයා දැවි ගියෙය. සචින් පන්දු 84කදි ලකුණු 90ක් රැස් කල අතර මාර්ක් වෝග් යැවු පන්දුවකට සචින් දැවි ගියෙය. ඉන්දියානු පිල කඩුළු සියල්ල දැවි ලකුණු 242ක්  රැස්කලෙය. ඩෙමියන් ෆ්ලෙමින්ග් ලකුණු 36කට කඩුළු 5 රැස් කලේය.
 
ප්‍රබල කොදෙව් පිල අසරණ වෙයි…. 
 
 
කෙන්යානු පිල හා කොදෙව්වන් අතර තරගය පුනේ හිදි පැවැත්විය. කොදෙව්වන් හට මෙය “තරගයක්” නොවිය. ලකුණු 166කට කෙන්යානු පිල දවා ගැනිමට ඔවුන් සමත් විය. වොල්ෂ්, ඇම්බ් රොස් හා හාර්පර් එක්වි කඩුළු 8ක් දවා ගත්හ.කෙන්යානු පිලෙ වැඩිම ලකුණු වුයේ අමතර පන්දු සදහා ලැබුණු ලකුණු 37 විය. ටිකොලො ලකුණු 29ක් රැස් කලේය. නමුත් මාරිස් ඔඩුම්බෙගේ කණ්ඩායම කොදෙව් පිලට තර්ජනයක් විය. කොදෙව් නායක රිචර්ඩ්සන්ගේ කඩුල්ල රජාබ් අලී විසින්ද කැම්ප්බෙල්ගේ කඩුල්ල සුජි විසින්ද දවා ගන්නා ලදි. කඩුළු රකින්න අතට උඩ පන්දුවක් ලබාදි ලාරා පිටියෙන් ඉවත් විය. කොදෙව් ඉනිම ලකුණු 93කට සිමා වුණු අතර කෙන්යාවට මෙය අමතක නොවන දිනයක් විය. 
      
 
ඉන්දියානු සිහින බොද වෙයි….
 
සිම්බාබ්වේ පිල හමුවේ ලැබු කඩුළු 6ක ජයෙන් පසු ශ්‍රි ලංකා පිල ඉන්දියාව සමග නව දිල්ලි හිදි තරග වැදින. ශ්‍රි ලංකා පිල පන්දු යැවිමට තීරණය කල අතර ඉන්දියාව කඩුළු 3ක් පමනක් දැවි ලකුණු 271ක් රැස් කලේය. සචින් ලකුණු 137 රැස් කලේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රි ලංකා පිලේ ආරම්භක යුගලය වු සනත් හා කළුවිතාරණ පළමු ඕවර් 3 තුල ලකුණු 42ක් රැස් කලේය. ප්‍රභාකර්ගේ දෙවන ඕවරයේදි ලකුණු 22ක් රැස් කලේය. ප්‍රසාද් විසින් කළුවිතාරණ ලකුණු 26කට දවා ගන්නා ලදි. ශ්‍රි ලංකාව ඕවර් 5ක් තුලදි ලකුණු 53ක් රැස් කර සිටි අතර ගුරුසිංහ හා සනත් එක් ව ලකුණු 117ක් රැස් කලේය. සනත් ලකුණු 79කට දැවි ගිය අතර රණතුංග හා තිලකරත්න ශ්‍රි ලංකා පිල ජයග්‍රහනය කරා රැගෙන ගියේය.
 
 
“මැඩ් මැක්ස්” හා සිංහයින් අස්ගිරිය එළිය කරයි….
 
මාර්තු 6 වන දින “ඒ” කාණ්ඩයේ ප්‍රථමයන් වූ ශ්‍රි ලංකා කණ්ඩායම හා කෙන්යාව අතර තරගය මහනුවර අස්ගිරිය ක්‍රිඩාංගණයෙදි පැවැත්විණ. වාර්තාගත ජයකින් පසු කෙන්යානු පිල ශ්‍රි ලංකා පිලටද එම ඉරණම අත් කිරිමට පෙළ ගැසි සිටියෙය. සිංහයින් ද බලා සිටියේ තමන්ගේ දක්ෂතා පෙන්විමටයි. ශ්‍රි ලංකා පිල වාර්තාගත ලකුණු 398 ක් රැස් කලේ කඩුළු 5 පමණක් පුජා කරමින් ය. සනත් හා “කළු” පන්දු 40 කදි ලකුණු 83ක් රැස් කලේය. ඔඩුම්බෙ විසින් අරම්භක පිතිකරු යුගලය දවා ගත්තද, අරවින්ද හා ගුරුසිංහ එක් ව ලකුණු 183ක් රැස් කල අතර ගුරුසිංහගේ හයේ පහරක් නිසාවෙන් නව පන්දුවක් ලබා ගැනිමට ඔවුන්ට සිදුවිය. ලකුණු 183 ක සම්බන්ධතාවය ලංකාවේ හොදම සම්බන්ධතාවය විය. ගුරුසිංහ ලකුණු 84කට දැවිගිය අතර රණතුංග හා “මැඩ් මැක්ස්” හෙවත් අරවින්ද එක්ව ලකුණු 106ක නව සම්බන්ධතාවයක් ගොඩනැගිය. අරවින්ද තම පළමු ලෝක කුසලාන ශතකය රැස් කලේය. ඔහු පන්දු 115කදි ලකුණු 145 ක් රැස් කලේ හතරේ පහර 14ක් හා හයේ පහර 5ක් සමගින්ය. රණතුංග නොදැවි ලකුණු 75 රැස් කලේ පන්දු 40කදිය. කෙන්යානුවන් තරගය කිසිවිටකත්  අත් නොහැර ලකුණු රැස් කලේය. ටිකොලො ලකුණු 96ක් රැස් කලේය. අවසානයදි මෙම ඉලක්කය ඔවුන්ට අපහසු ඉලක්කයක් විය. කෙන්යානු ඉනිම ලකුණු 254 කට සීමාවිය. සත්කාරක ශ්‍රි ලංකා පිල ලකුණු 144ක ජයක් ලැබිය.
 
ක්‍රිකට් ලොවේ ප්‍රබලයින් අර්ධ අවසන් පුර්ව තරග වලට…..
 
කිසිදු තරගයක් නොදැවි ශ්‍රි ලංකා පිල “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගත්තේ ප්‍රසාද ලකුණු 10ක් සමගින්ය.ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව තරග 3 බැගින් ජය ගත්තද, දළ ලකුණු වේගය නිසා ඕස්ට්‍රේලියාව දෙවන තැනත් ඉන්දියාව තෙවන තැනත් කොදෙව්වන් හතරවන තැනත් ලබා ගත්තෙය.
 
කිසිදු තරගයක් නොදැවි දකුණු අප්‍රිකානු පිල “බි” කාණ්ඩයේ පළමු තැනට පත්විය. දෙවන තැන පකිස්තානයද, තෙවන තැන නවසීලන්තයද ලබා ගත් අතර එංගලන්තය හතර වන තැන ලබා ගත්තේය.