ගෙවුණු දවස මැයි 28 – SLC පරීක්ෂණය CID වෙත

176

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

ගාල්ලේ සිද්ධිය ගැන SLC අදහස් දක්වයි

බුකීකරුවන් හා එක්ව තණතීරු සකසා තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් නොපවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට CID වෙත ලබා දී ඇත.

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් පසුගිය සෙනසුරාදා (26) නිකුත් කළ වීඩියෝ පටයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිටින මතය හා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ (28) සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: “ICCයෙන් අපිට පරීක්ෂණයක් කරන්න එපා කිව්වා.” මොහාන් ද සිල්වා


ක්‍රීඩා ඇමතිගෙන් පාසල්වලට ක්‍රීඩා භාණ්ඩ

Faiszer Musthaphaදැනුම හා කුසලතා සපිරි නිර්මාණශීලී, නිරෝගී සිසු පරපුරක් බිහි කිරීමේ අරමුණින් කොළඹ කලාපයේ පාසල් 11ක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමක් ගරු පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

.

.

සම්පූර්ණ වාර්තාව: පාසල් ක්‍රිකට්වලට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තල්ලුවක්


  දැල්පන්දු  

සංවර්ධන පිල මෙල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු තරගාවලිය ඊයේ (28) දෙවන දිනටත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකා සංවර්ධන හා එංගලන්තයේ PStar ක්‍රීඩා සමාජය යන කණ්ඩයම් එක්වී සිටියි.

දිනයේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා ගැටුණු අතර කණ්ඩායම් දෙකම පෙර දිනයේ ජයග්‍රහණය කිරීමට සමත් වූ කණ්ඩයම් වූ නිසාවෙන් තරගයේ උණුසුම ඉතා ඉහළ මට්ටමක පැවතුනි.     

ලකුණු සටහන කෙසේ වුවත් උපරිම උත්සාහයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ කනිෂ්ඨ ක්‍රීඩිකාවෝ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට හොඳ තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.

තරගය නිමා වූයේ 74-25ක් ලෙස සංවර්ධන ක්‍රීඩිකාවෝ පෙරමුණ ගනිමිනි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා හා සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට පහසු ජයග්‍රහණ

දිනයක නිමාව