“ICCයෙන් අපිට පරීක්ෂණයක් කරන්න එපා කිව්වා.” මොහාන් ද සිල්වා

403

බුකීකරුවන් හා එක්ව තණතීරු සකසා තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් නොපවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට CID වෙත ලබා දී ඇත.

ගාලු පිටියේ මහා ක්‍රිකට් වංචාවක් හෙළි වේ; ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්

මෙම වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ …..


අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් පසුගිය සෙනසුරාදා (26) නිකුත් කළ වීඩියෝ පටයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිටින මතය හා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට අද (28) සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති වන මොහාන් ද සිල්වා මහතා මෙම සිදුවීම පිළිබඳව මෙසේ අදහස් දැක්විය.

“ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අපේ රටටත් අපේ ක්‍රීඩාලෝලීන්ටත් ලැබුණු විශාල දායාදයක්. අපි හැම විටකම මේ ක්‍රීඩාව රැක ගැනීමට බැදිලා ඉන්නවා. අපි ගාල්ල තණතීරුවේ සිද්ධිය පිළිබඳව බලන කොට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරගයේ දී ලංකාවෙන් වැඩිම විකට් ගත්තේ දඟපන්දු යවන්නන්, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම විකට් ගත්තේ වේගපන්දු යවන්නන්. අපේ ශක්තිය සැම විටම දඟපන්දු යැවීමයි.”

ක්‍රීඩා ඇමතිගෙන් SLC වෙත ලිපියක්

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් නිකුත් කළ වීඩියෝ පටයට අනුව තණතීරුව බුකීකරුවන්ගේ අවශ්‍යතා අනුව සැකසීමට ….

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර 2016 වර්ෂයේ දී ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රිකට් බුකී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතාවය අනුව තණතීරුව සකස් කරන ලද බවත්, ඒ සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙක් ක්‍රීඩාංගණයේ සේවකයන් විශාල පිරිසකට අල්ලස් ලබා දුන් බවත් එංගලන්තයේ ප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ක් ලබා ගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය මුල් ඉනිමේ දී ලකුණු 106කට සීමා විය.

දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව ලකුණු 237ක් ලබා ගත් අතර තරගය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 413 ඉලක්කයක් හිමි වූ නමුත් සිය දෙවැනි ඉනිමේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 183ක් පමණි.

“සෑම ක්‍රීඩා පිටියකටම ඉන්නවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්, අපේ රටේ ඕනෑම තණතීරුවක් සකසන විට නායකයා හා කළමනාකරු පුහුණුකරු සමඟ සාකච්ඡා කරලා අපේ ශක්තියට තමයි තණතීරුව හදන්නේ. ඒක ලොව ඕනෑම කණ්ඩායමක් කරන දෙයක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපිට විමර්ශනයක් කරන්න එපා කිව්වා ඒක නිසා අපි ඒ විමර්ශනය CIDයට දුන්නා.” යැයි මොහාන් ද සිල්වා මහතා පවසන ලදි.

ICC, CID හා ශ්‍රී ලංකා ක්‍රිකට් තුනෙන් ම විශේෂ පරීක්ෂණ

ක්‍රිකට් ලෝකය කලඹමින් අල්ජසීරා මාධ්‍ය ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ තරග පාවාදීමේ වාර්තාව පිළිබඳව ලෝ පුරා කතාබහක් …..

මෙම සිද්ධිය හා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොළඹ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන තරිඳු මෙන්ඩිස්, බස්නාහිර පළාත් පුහුණුකරු වන ජීවන්ත කුලතුංග හා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු වන තරංග ඉන්දික යන පුද්ගලයන්ගේ වැඩ තහනම් කර ඇත.

එසේම දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව යම් පියවරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ සඳහා යම් පියවරක් ගැනීමට හැකි බවත් අද පැවැත්වූ මාධ්‍ය හමුවේ දී අනාවරණය විය. ඒ සඳහා හේතුවී ඇත්තේ ලොකුහෙට්ටිගේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටීමයි. තවද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මේ වන විට කිසිදු සබඳතාවයක් නොමැති බවත් වාර්තා විය.

“දිල්හාර ලොකුහෙට්ටිගේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඒක නිසා අපිට ඔහුට විරුද්ධව කෙළින්ම තීරණයක් ගන්න බෑ. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ හැකියාව තියෙනවා. ඒක නිසා ICCය ඔහු පිළිබඳව අපෙන් ඉල්ලන ඕනෑම තොරතුරක් ලබා දෙන්න අපි සූදානම්ව ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා පවසන ලදි.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති හා දේශීය ක්‍රිකට් ප්‍රධානී මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා, ලේකම් ගුවන් හමුදා කමාන්ඩර් රොශාන් බියන්වල සහ දූෂණ විමර්ශන අංශයේ කළමනාකරු අයේශ් වීරක්කොඩි යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<