96 වසරේ ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේම සනත් ජයසූරිය සොයා ගිය හැටි

8344
©Getty Images

සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ සුසංයෝගය ගැන ඔබට ඇති මතකය කෙබඳුද? අනූව දශකයේ මැද ක්‍රිකට් ක්‍රීඩාව හා පෙමින් බැඳුණු අයෙකුට නම් ඔවුන් දෙදෙනා ගැන ඇත්තේ අනිවාර්‍ය්යෙන්ම විනාශකාරි හැඟීමක්. 

සනත් – කළු සුසංයෝගය එතෙක් සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කළ ආකාරය සහමුලින්ම වෙනස් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට සනත් – කළු දෙදෙනාගේ ප්‍රහාරය නවමු අත්දැකීමක් වූවත් ක්‍රිකට් ක්‍රීඩා කරන සෙසු රටවලට එය ඉතා බියකරු හිසරදයක් වුනා.

ඉන්දියාවේ වේගපන්දු යවන්නන් නැහැ

1970 වසරේ ඉන්දියාවේ බොම්බාය නගරයේ පැවති …….

සනත් ජයසූරිය – රොමේෂ් කළුවිතාරණ දෙදෙනා පළමු පන්දුවාර පහළොව තුළ එල්ල කළ දැඩි ප්‍රහාරයෙන් ගැලවීමට කිසිම පන්දු යවන්නෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. බොහෝමයක් රටවල් තමන්ගේ රටෙන් මොවුන් දෙදෙනා මෙල්ල කිරීමට පන්දු යවන්නෙකු හෝ සනත් – කළු යුගලයට සමාන පිතිකරුවන් සොයා ගැනීමට මහත් උත්සාහයක් දරමින් සිටියා.

“ඔව්, ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේම සනත් ජයසූරිය කෙනෙක් සොයමින් සිටියේ” පසු කලෙක ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ ක්‍රිකට් ලෝකය භීතියෙන් මුසපත් කළ ඕස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරුවා ඇඩම් ගිල්ක්‍රිස්ට් ඔහුගේ ස්වයං චරිතාපදානයේ එක් තැනක පවසනවා.

“1995/96 සුප්‍රකට ඕස්ට්‍රේලියානු බෙන්සන් සහ හෙජස් තුන්කොන් එක්දින තරගවාරයේ දී මුල්ම වරට සනත් ජයසූරිය – රොමේෂ් කළුවිතාරණ දෙදෙනා ආරම්භ පිතිකරුවන් ලෙස භාවිතා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. එය ඇත්තෙන්ම වෙනස් අත්දැකීමක්. එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ දිනයේ පටන් බොහෝ රටවල් ආක්‍රමණශීලී ආරම්භක පිතිකරුවන් පිතිකරුවන් අත්හදා බැලුවත් එය සාර්ථක ආකාරයෙන් දිගින් දිගටම ක්‍රියාවේ යොදවන්නට කිසිවෙකු සමත් වුනේ නැහැ. නමුත් සනත් – කළු යුගලයේ අත්හදා බැලීම අති සාර්ථක වුනා.”

ඇඩම් ගිල්ක්‍රිස්ට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින්නාගේ කාර්‍ය්භාරය සහමුලින්ම වෙනස් කළ ක්‍රීඩකයා ලෙසයි සැලකෙන්නේ. සනත් ජයසූරිය මෙන්ම ඇඩම් ගිල්ක්‍රිස්ට් ද පසුකලෙක පන්දු යවන්නන්ට ඇති කළේ විශාල භීතියක් සහ පීඩනයක්.

“1996 වසරේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර තරමක වෙනස් ආකාරයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණා. එය නම් වුනේ මැලේසියා සුපිරි අට තරගාවලිය ලෙසින්. මෙහි එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් අට බැගින් ඇතුළත් වුනා. කණ්ඩායමකට පන්දුවාර 14 බැගින් වූ මෙම තරගාවලියේ එක් තරගයක පන්දු යවන්නෙකුට යැවිය හැකිව තිබුණේ පන්දුවාර තුනයි.”

ඇඩම් ගිල්ක්‍රිස්ට් නම් සීමිත පන්දුවාර රටාවේ ප්‍රවේගකාරී පිතිකරුවා ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා ලෙස ඇරඹි ගමනේ මූලාරම්භය සිදු වූ තරගාවලිය මෙය බවයි බොහෝ දෙනා පවසන්නේ.

ජයකිෂන්ගේ ඔලුව පැලූ වෝනර් සමාව ඉල්ලයි

“මට සමාවෙන්න” යැයි පසුගිය වසරේ දී ලෝවැසි ක්‍රිකට් …….

“මා එම තරගාවලියේ ඉන්දියාව සමඟ තරගයේ දී ලකුණු 44ක් රැස් කළා. නවසීලන්තයට එරෙහිව පන්දු 12කින් ලකුණු 45ක් ද, තරගාවලියට විශේෂයෙන්ම එක්ව තිබූ චමින්ද වාස්, ඇලන් බෝඩර්, සනත් ජයසූරියගෙන් සමන්විත ආරාධිත කණ්ඩායමට එරෙහිව පන්දු නමයකින් ලකුණු 30ක් රැස් කරන්නටත් මට හැකියාව ලැබුණා. එය මටම ගැළපෙන තරග රටාවක් බව වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මට හැඟී ගියා.”

මෙම මැලේසියානු තරගාවලියට ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියානු A, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ තවත් ආරාධිත කණ්ඩායමක් එක්ව සිටියා. අවසන් මහා තරගය ජය ගත්තේ ඩැරල් ලීමන්ගේ නායකත්වයෙන් පැමිණි ඕස්ට්‍රේලියානු A කණ්ඩායම. ඒ දකුණු අප්‍රිකානුවන් පරාජයට පත් කරමින්. මෙම අවසන් මහා තරගයේ දී නැවත වතාවක් ක්‍රියාත්මක වූ ගිල්ක්‍රිස්ට් පන්දු 14කින් ලකුණු 51ක් රැස් කරගත්තා.

මෙම තරගාවලියට ඕස්ට්‍රේලියානු ජ්‍යේෂ්ඨ කණ්ඩායම නියෝජනය කරමින් ක්වාලාලම්පූර් නුවරට පැමිණ සිටි මාක් වෝ, රිකී පොන්ටින්, ජෙසන් ගිලෙස්පි, පෝල් රයිෆල් සහ මයිකල් ස්ලේටර් වැනුන් ගිල්ක්‍රිස්ට්ගේ ප්‍රහාරය දෙස බලා සිටියේ වශීකෘතවය. කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානුවන් සොයමින් සිටි ක්‍රීඩකයා හමු වූ සෙයක් ඔවුන්ගේ මුහුණුවල තිබුණි.

අවසන් මහා තරගයේ එක් අවස්ථාවක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පැට් සිම්කොක්ස් ගිල්ක්‍රිස්ට් වෙත කෙටි පන්දුවක් යවන ලෙස පන්දු යවන්නාට උපදෙසක් දුන් අතර එම කෙටි පන්දුවට ගිල්ක්‍රිස්ට් එල්ල කළ පුල් පහර හීයක ස්වරූපයෙන් ගොස් හයේ සීමාවට ඉහළින් ඉගිළී ගියේය.

“සමහර විට ඒක වාසනාවකට වැදුණ පහරක් වෙන්න පුළුවන්. නැවත බවුන්සරයක් දාන්න.” සිම්කොක්ස් නැවත තම කණ්ඩායමේ සගයාට දන්වා සිටියේය.

ඊළඟට දකුණු අප්‍රිකානුවාගෙන් යොමු වූ කෙටි පන්දුව නතර වූයේ පෙර පන්දුවටත් එහා දුරක් ගමන් කරමින්ය.

මොහොමඩ් ෂමිගේ කඩුලු ත්‍රිත්වයේ රහස

ඇෆ්ගනිස්තානය ඉදිරියේ ඉන්දියානු ක්‍රිකට් …….

“මැලේසියානු තරගාවලිය නිසා මගේ ප්‍රවේගකාරී දස්කම් මතු වුනේ හරිම වෙලාවේ. මුළු ලෝකයම සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ දිහා බලාගෙන හිටියේ. ඕස්ට්‍රේලියානුවන් වගේම බොහෝ කණ්ඩායම් සනත් ජයසූරිය වැන්නෙකු සොයමින් සිටියේ.

ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරය අපිට හිතා ගන්නවත් බැරි එකක්. 1996 වසර මුලදී මෙන්ම ලෝක කුසලාන තරගවලදීත් ඔවුන් පන්දු යවන්නන්ට නොසෑහෙන්න බැට දුන්නා. ඊට පසු සිංගප්පූරුවේ පැවති තුන්කොන් තරගාවලියේ ඇතැම් තරගවලදීත් ඔවුන් දෙදෙනා පන්දුවාර තුනක් හෝ හතරක් ඇතුළත ලකුණු 50ක් රැස් කළා. සනත් – කළුගේ ප්‍රහාරය වැන්නක් ඊට පෙර කෙදිනවත්, කිසිම කෙනෙකුගෙන් කිසිම ආකාරකින් අප දැක තිබුණේ නැහැ. විශේෂයෙන්ම පළමු පන්දුවාර කිහිපයේ යාර තිහේ සීමාවෙන් එපිටට ඉහළින් එල්ල කළ පහරවල් අදහාගත නොහැකි ආකාරයක් තිබුණේ.” 

අසූව දශකයේ අග මෙන්ම අනූව දශකයේ මුල ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩ නැගුණේ ජෙෆ් මාෂ් වටා. ඔහුගේ රාජකාරිය වුනේ පන්දු 140-150කින් ශතකයක් ලබා ගැනීම සහ අනෙක් පිතිකරුවන් ඔහු වටා පන්දුවට පහර දීම. නමුත් ශ්‍රී ලාංකිකයින් භාවිතා කළ උපක්‍රමය සෑම රටකම පාහේ බලධාරීන්ගේ දෑස් විවර කිරීමට සමත් වුනා.

මැලේසියා තරගාවලියෙන් පසු ඕස්ට්‍රේලියානුවන් සොයමින් සිටි ප්‍රහාරකයා ඔවුන්ට ලැබුණ බව බොහෝ දෙනා ප්‍රකාශ කළා. ඉයන් හීලී පවා පසුව ප්‍රකාශ කළා මුල්ම වරට ඔහුට කණ්ඩායමේ ඔහුගේ ස්ථානය පිළිබඳව අවිනිශ්චිතතාවයක් මතු වුනේ මෙම මැලේසියානු තරගාවලියේ මගේ පිතිහරඹය දැකීමෙන් පසුව බව” ගිල්ක්‍රිස්ට් සනත් – කළු සුසංයෝගය ගැන මතකය ආවර්ජනය කළේ ඒ ආකාරයෙන්. 

ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසන පරිදි වර්තමාන ප්‍රවේගකාරී ක්‍රීඩාවට මුල්ම අඩිතාලම වැටුණේ 1996 වසරේ ශ්‍රී ලාංකිකයින් හඳුන්වා දුන් පළමු පන්දුවාර කිහිපයේ පන්දු යවන්නන්ට දැඩිව පහර දීමේ උපක්‍රමය නිසාවෙන්.

කලකට ඉහත ක්‍රිකට් ක්‍රීඩාවට නව සංකල්ප හඳුන්වා දෙමින් ක්‍රීඩාව නිරන්තරයෙන් නව්‍යකරණයට ලක් කළ ශ්‍රී ලාංකිකයින්ට හෙට දිනයේත් එවැනි නව සංකල්ප බිහිකිරීමට හැකියාවක් ඇති බව අප තරයේ විශ්වාස කරන්නේ ඉතිහාසය පුරාවට එවන් සාධක උවමනාවටත් වඩා හමු වී ඇති නිසායි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<