ගෙවුනු දවස ජනවාරි 28 – යෞවනයෝ ඉතිහාසය අලුත් කරති

437
Sri Lanka Sports News last day summary 28th January

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

  රග්බි  

නාවිකයෝ පරාජය වේ

Sri Lanka Sports News

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරඟ දෙකක් ඊයේ (28) දින ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගනයේදී සහ වැලිසරදී පැවැත්විණි.31-10ක් ලෙස පළමු තරඟයෙන් ජයගැනීමට CR & FC පිල පරාජය කළ හැව්ලොක් කණ්ඩායමට හැකිවුණු අතර යුධ හමුදා කණ්ඩායම ඉදිරියේ 31-17ක් වශයෙන් නොසිතූ විරූ අයුරින් පරාජය වීමට නාවික හමුදා කණ්ඩායමට සිදුවිය.

.

සවිස්තර වාර්තාව: හැව්ලොක් දිනුම් කණුව වෙත දිවයද්දී නාවිකයන් සියදිවි නසාගනියි


 පාපන්දු 

සිඟින් ෆිෂ්ට ජය

Singing Fish v Great Star

නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ප්‍රීමියර් ලීග් දෙවන කොටසේ පාපන්දු තරගාවලියේ, තෙවන ස්ථානය සඳහා වන තරගයෙන් ගෝල 1-0ක් ලෙස ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කරමින් සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය තෙවන ස්ථානයට පත්විය. ඔවුන්ට එම අවස්ථාව උදාවූයේ තරගයේ ප්‍රථම අර්ධයේදී පී.ජේ. ක්‍රිස්ටියන් වාර්තා කළ ගෝලයත් සමඟිනි.

සම්පුර්ණ කාලය: සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය 1-0 ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජය.

ThePapare.com තරගයේ වීරයා: පුලේන්ද්‍රන් ප්‍රදීපන්

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්: පී.ජේ. ක්‍රිස්ටියන් 30’ (සිඟින් ෆිෂ්)

සවිස්තර තරග වාර්තාව: පළමු අර්ධයේ ගෝලයෙන් සිඟින් ෆිෂ් තෙවැනි තැනට


  ක්‍රිකට්  

තරග දෙකක් ජය පරාජයෙන් තොරයි

Singer U19 Schools Cricket January 28th roundup

සිංගර් කුසලාන 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේ (28) සාර්ථකව අවසන් වූයේ තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වෙමිනි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 317 dec (පන්දුවාර 77.3): පසිදු සූරියබණ්ඩාර 138, හේලිත විතානගේ 52, හිමේශ් රාමනායක 50*, තෙවිදු සේනාරත්න 46, සෙනාල් දංගල්ල 5/86, මොවින් සුභසිංහ 2/71

වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 204 (පන්දුවාර 65.4): මොවින් සුභසිංහ 91, ජේසන් ද සිල්වා 25, සෙනාල් දංගල්ල 23, හිමේශ් රාමනායක 2/30

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 217 dec (පන්දුවාර 71.2): හරීන් කුරේ 49, පහන් පෙරේරා 47, දිනෙත් මදුරාවල 33, ශිවාන් රාසූල් 31, පවිත් රත්නායක 3/33, ඩිලෝන් පීරිස් 3/50, රවිදු කොඩිතුවක්කු 1/16

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 161 dec (පන්දුවාර 48.4): රොමේෂ් නල්ලපෙරුම 42*, කලණ පෙරේරා 32, මිතිල විජේරත්න 29, හරීන් කුරේ 3/45, රුචිර ඒකනායක 2/31

සාන්ත ජෝශප් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 215 (පන්දුවාර 63): නිපුන් සුමනසිංහ 55, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 36, රවිදු කොඩිතුවක්කු 3/32

සවිස්තර තරග වාර්තාව: රාජකීයට අර්ධ ශතක 2ක් හා ශතකයක්


ශතක බිහිවූ දිනයක්

SLC Premier League 2016/17 Tier B January 28th roundup

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දැවැන්තම තරගාවලියක් වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 7ක් ඊයේ (28) ක්‍රියාත්මක විය. එහිදී දිනෙත් තිමෝද්‍යය, තරංග පරණවිතාන පැතුම් මධුසංක වැනි පිතිකරුවන් ශතක රැස්කල අතර දිනයේ සුපිරිම ප්‍රහාරකයා බවට පත්වන්නට ලකුණු 167ක් රැස්කල යශෝධ ලංකා සමත් විය. මෙහි දැක්වෙන මුල් තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග ලෙස ක්‍රියාත්මක වන අතර, ඉතිරි තරග 3 මූලික වටයේ තුන්දින තරග ලෙස ක්‍රියාත්මක වේ.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 269 (පන්දුවාර 82): දිනෙත් තිමෝද්‍යය 113, තරංග පරණවිතාන 104*, සිතාර ගිම්හාන් 31, නිලංක ප්‍රේමරත්න 2/63.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 67.3): දිල්හාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, දුශාන් විමුක්ති 31, කසුන් මධුශංක 3/29, දසුන් ශානක 2/41, සචිත්‍ර සේනානායක 4/43.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 58 (පන්දුවාර 20): මිනෝද් භානුක 28.

සවිස්තර තරග වාර්තාව: යශෝධගේ යෝධ ඉනිම ගාල්ලට බලාපොරොත්තු ගෙන එයි


තුන්කොන් ජය සිංහ පැටවුන්ට

Sri Lanka Sports News

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් ක්‍රිකට් කණ්ඩායම් එකම කුසලානයක් වෙනුවෙන් සටන් වැදුනු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (28) දකුණු අප්‍රිකාවේ බෝලන්ඩ් පාර්ක් හිදී ක්‍රියාත්මක විය. එහිදී සත්කාරක දකුණු අප්‍රිකානු යෞවනයින් ලකුණු 77කින් පරාජය කල ශ්‍රී ලංකා යොවුන් පිළ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ අමරණීය දිනයක් සනිටුහන් කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 44.5): ශේන් බණ්ඩාර 33, ප්‍රවීන් ජයවික්‍රම 20*, ශම්මු අශාන් 16, ක්‍රිශාන් ආරච්චිගේ 15, රුවාන් ඩි ස්වාඩ් 3/30, කෙනාන් ස්මිත් 2/29, මිචෙල් වෑන් බුරන් 1/17.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 79 (පන්දුවාර 32.4): ජේඩ් ක්ලාක් 16, මිචෙල් වෑන් බුරන් 15, මැතිව් බ්‍රීස්කි 13, රේනාඩ් වෑන් ටොන්ඩර් 11, නිපුන් රංසික 5/19, හරීන් බුද්ධිල 2/5, ප්‍රවීන් ජයවික්‍රම 2/13.

සවිස්තර තරග වාර්තාව: තුන්කොන් තරගාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් පිළට


ප්‍රථම එක්දින තරගය දකුණු අප්‍රිකාවට

Sri Lanka v South Africa 1st ODI report

විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) පෝර්ට් එලිසබත් හිදී තම පළමු එක්දින තරගය සඳහා මුහුණ දුන් අතර, එහිදී කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන 20-20 තරගාවලියේ ලද පරාජය මකාලන්නට කරන මෙහෙයුමේ, පළමු වෙඩිල්ල දියත් කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 181 (පන්දුවාර 48.3): කුසල් මෙන්ඩිස් 62, ධනංජය ද සිල්වා 28, දිනේෂ් චන්දිමාල් 22, නුවන් කුලසේකර 17, ඉම්රාන් තාහීර් 3/26, වේන් පානෙල් 3/48

දකුණු අප්‍රිකානු කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 185 (පන්දුවාර 34.2): හශීම් අම්ලා 57, ෆා‍ෆ් ඩියු ප්ලෙසිස් 55*, ක්වින්ටන් ඩී කොක් 34, ඒ.බී ඩිවිලියස් 30*, අසේල ගුණරත්න 1/19, ලක්ෂාන් සඳකැන් 1/35

සවිස්තර තරග වාර්තාව: තරගාවලියේ ආරම්භක වෙඩිල්ල දකුණු අප්‍රිකාවෙන්

දිනයක අවසානය