රාජකීයට අර්ධ ශතක 2ක් හා ශතකයක්

444
Singer U19 Schools Cricket January 28th roundup

සිංගර් කුසලාන 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (28) සාර්ථකව අවසන් වූයේ තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වෙමිනි.

පසිදු සූරියබණ්ඩාරගෙන් ශතකයක්

වර්ෂාවෙන් එල්ල වන බාධක ද නොතකා සිංගර් අන්තර් පාසල් පළමු පෙළ දෙදින තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (27) ආරම්භ වුනු අතර, එයින් එක් තරගයකදී…

කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගය එස්.එස්.සී. පිටියේදී අද අවසන් විය. ඊයේ පළමු දිනය සඳහා තරගය අවසන් වන විට රාජකීය විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය වෙනුවෙන් අගනා පිතිහරඹයක් දියත් කල රාජකීය විද්‍යාලයේ පසිදු සූරියබණ්ඩාර තම ඉණිම ලකුණු 138කට සීමා කරවා ගන්නා ලදි.

එමෙන්ම හිමේශ් රාමනායක හා හේලිත විතානගේ අර්ධ ශතක ලබා ගනිමින් තම විද්‍යාලයේ ලකුණු පුවරුව 300 සීමාව දක්වා ගෙන යන ගිය අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ සෙනාල් දංගල්ල කඩුලු 5ක් හා පිත්තෙන් ලකුණු 23ක් ලබාගෙන වෙස්ලි බල ඇණිය වෙනුවෙන් දස්කම් දැක්වීය.

වෙස්ලි විද්‍යාලයේ පිළිතුරු ඉණිමට ලකුණු 91ක් එක් කල මොවින් සුභසිංහ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 317 dec (පන්දුවාර 77.3): පසිදු සූරියබණ්ඩාර 138, හේලිත විතානගේ 52, හිමේශ් රාමනායක 50*, තෙවිදු සේනාරත්න 46, සෙනාල් දංගල්ල 5/86, මොවින් සුභසිංහ 2/71

වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 204 (පන්දුවාර 65.4): මොවින් සුභසිංහ 91, ජේසන් ද සිල්වා 25, සෙනාල් දංගල්ල 23, හිමේශ් රාමනායක 2/30


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

සාන්ත ජෝසප් විද්‍යාලයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයට ලබාදෙන ලදී. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

රොමේෂ් නල්ලපෙරුමගේ නොදැවුනු ලකුණු 42*ක ඉණිම සමඟින් සවිමත් වූ සාන්ත තෝමස් විද්‍යාලීය පළමු ඉණිම ලකුණු 161කට සීමා කරගෙන, ලකුණු 44ක අවාසියක් ද ඇතිව ඉණිම අත්හිටුවා, දෙවන ඉණිම ආරම්භ කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලයට අවස්ථාව ලබා දුනි.

එම ඉණිම වර්ණවත් කෙරූ නිපුන් සුමනසිංහ ලකුණු 55ක් ලබා ගන්නා ලදී. තරගය පුරාම කඩුලු 4ක් දවාලීමට සාන්ත ජෝසප් විද්‍යාලයේ රවිදු කොඩිතුවක්කු අවස්ථාව උදාකරගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 217 dec (පන්දුවාර 71.2): හරීන් කුරේ 49, පහන් පෙරේරා 47, දිනෙත් මදුරාවල 33, ශිවාන් රාසූල් 31, පවිත් රත්නායක 3/33, ඩිලෝන් පීරිස් 3/50, රවිදු කොඩිතුවක්කු 1/16

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 161 dec (පන්දුවාර 48.4): රොමේෂ් නල්ලපෙරුම 42*, කලණ පෙරේරා 32, මිතිල විජේරත්න 29, හරීන් කුරේ 3/45, රුචිර ඒකනායක 2/31

සාන්ත ජෝශප් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 215 (පන්දුවාර 63): නිපුන් සුමනසිංහ 55, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 36, රවිදු කොඩිතුවක්කු 3/32


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය

පළමු දිනය අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 2ක් ලබාගෙන තම දෙවන ඉණිම සනිටුහන් කරවූ මෙම තරගය සාන්ත ආනා ක්‍රීඩා පිටියේදී අද (28) පැවැත්විණි.

කාසියේ වාසිය තමන් සතුකරගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දු යවා සාන්ත සිල්වෙස්ටර් පළමු ඉණිම ලකුණු 48කට සීමා කරවිය. එහිදී ප්‍රවීන් නිමේෂ් හා මලිදු විදුරංග කඩුලු 3 බැගින් දවාලීමට සමත් විය.

පිළිතුරු පළමු ඉණිම දියත් කල ගුරුකුල විද්‍යාලය ලකුණු 199ක වාසියක් ලබාගෙන තම පළමු ඉණිමට තිත තබා ගත් අතර, එම ඉණිමට ලකුණු 69ක් එක් කරන්නට අසින්ත මල්ශාන්ට හැකිවිණි.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 48 (පන්දුවාර 30.3): මලිදු විදුරංග 3/16, ප්‍රවීන් නිමේෂ් 3/30

කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 56.3): අසින්ත මල්ශාන් 69, ටෙශාන් මලින්ද 41, පෘථිවි රූසර 31, මනුජ පෙරේරා 4/65, මන්ජිත් රාජපක්ෂ 2/40

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 2 (පන්දුවාර 2):

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 197ක් පසුපසින් පසුවෙයි  

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට