පළමු අර්ධයේ ගෝලයෙන් සිඟින් ෆිෂ් තෙවැනි තැනට

573
Singing Fish v Great Star

නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ප්‍රීමියර් ලීග් දෙවන කොටසේ පාපන්දු තරගාවලියේ, තෙවන ස්ථානය සඳහා වන තරගයෙන් ගෝල 1-0ක් ලෙස ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කරමින් සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය තෙවන ස්ථානයට පත්විය. ඔවුන්ට එම අවස්ථාව උදාවූයේ තරගයේ ප්‍රථම අර්ධයේදී පී.ජේ. ක්‍රිස්ටියන් වාර්තා කළ ගෝලයත් සමඟිනි.

කොළඹ පාපන්දු සමාජයට දක්ෂයින් අටදෙනෙක්

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ වටය අරඹමින් ජනවාරි 31 වන දින මෝහන් බගාන් කණ්ඩායමට එරෙහිව…

කණ්ඩායම් දෙකම අදියර දෙකකින් යුත් අවසන් පූර්ව තරග පරාජය වීමෙන් අනතුරුව මෙම තරගයට එක්වූයේ, තම ගෞරවය රැක ගැනීමේ අදිටනිනි. ගෙලිඔය පාපන්දු කණ්ඩායමට එරෙහිව ග්‍රේට් ස්ටාර් කණ්ඩායම ගෝල 1-0ක් වශයෙන් ප්‍රථම අදියර පරාජය වූ අතර ගෝල 1-1ක් ලෙස තම නිජබිමෙන් පිටතදී දෙවන අදියර ජය පරාජයෙන් තොරව ඔවුන් අවසන් කළේය. එබැවින් මුළු ලකුණු සංඛ්‍යාව ගෝල 2-1ක් වශයෙන් ග්‍රේට් ස්ටාර් කණ්ඩායම පරාජය විය.

සිඟින් ෆිෂ් කණ්ඩායම සමස්ත අවසන් පූර්ව වටය ගෝල 3-0ක් ලෙස පරාජය වූයේ ප්‍රථම අදියරේදී ගෝල 2-0ක් වශයෙනුත් සහ දෙවන අදියරේ ගෝල 1-0ක් වශයෙනුත්ය.

තරගයේ ප්‍රථමයෙන්ම ගෝලයක් රැස්කිරීමේ අවස්ථාව උදාකරගත් ග්‍රේට් ස්ටාර් කණ්ඩායමේ ප්‍රහාරය, සිඟින් ෆිෂ් ගෝල රකින්නා වන පුලේන්ද්‍රන් ප්‍රදීපන් විසින් වළක්වා ගැනුණු අතර අවස්ථා කිහිපයක්ම නිර්මාණය කරගත් සිඟින් ෆිෂ් කණ්ඩායම 30 වන මිනිත්තුවේදී සාර්ථක විය. අගනා පන්දු හුවමාරුවක් සමඟින් ග්‍රේට් ස්ටාර් ගෝල රකින ඉම්රාන් ඉදිරියේ තනිව පන්දුව හසුරුවාගත් ක්‍රිස්ටියන් ලබා දුන් පරතරය පළමු අර්ධය අවසාන වන විටත් සිඟින් ෆිෂ් සතුවිය.

ප්‍රථම අර්ධය: සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය 1-0 ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධයේදී කළුතර ග්‍රේට් ස්ටාර් කණ්ඩායම පහර පිට පහර දෙමින් ප්‍රතිවාදී ගෝලය ආක්‍රමණය කළත්, අවසන් කිරීමේදී ඇතිවූ දෝෂ සහ සිඟින් ෆිෂ් ආරක්ෂකයන් මඟින් ඒවා අසාර්ථක විය. ඔවුන් 11 වරකටත් වඩා ගෝලය වෙත පහරවල් එල්ල කළේය.

තම සියළු වැර යොදා ආරක්ෂණයේ යෙදුණු සිඟින් ෆිෂ් ක්‍රීඩකයින් තරගාවලියේ තෙවන ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් තම පරතරය ආරක්ෂා කරගන්නට සමත් විය.

සම්පුර්ණ කාලය: සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජය 1-0 ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජය.

ThePapare.com තරගයේ වීරයා: පුලේන්ද්‍රන් ප්‍රදීපන්

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්: පී.ජේ. ක්‍රිස්ටියන් 30’ (සිඟින් ෆිෂ්)

 තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට