ගෙවුණු දවස අප්‍රේල් 26 – හොඳම දස්කම් පෙන්නුම් කළ ක්‍රීඩකයා තිවංක

230

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

2019 ලෝක කුසලානය මැයි 30 වැනිදා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 12 වැනි වරටත් පවත්වනු ලබන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මැයි මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ දී හා වේල්ස් හිදී පැවැත්වේ.

2017 සැප්තැම්බර් මස 30 වැනිදා වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එහි පළමු ස්ථාන අටේ සිටි කණ්ඩායම් 8 නිතරගයෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ඒ සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබූ රටවල් වේ.

සම්පූර්ණ වාර්තාව: ලෝක කුසලානයේ කාලසටහන නිකුත් වේ


මලල ක්‍රීඩා –

වාර්තා 27ක් සමඟින් කනිෂ්ඨ ශූරතාවය අවසන්

නවීකරණයෙන් පසු අභිනවයෙන් ක්‍රීඩකයින්ට විවෘත වූ සුගතදාස ක්‍රීඩාංගණයට නැවුම් ආරම්භයක් ලබා දෙමින් 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ (26) එක් ජාතික වාර්තාවක් හා නව තරග වාර්තා 27ක් සමඟින් අවසන් විය.

සිව්වැනි හා අවසාන දිනය වූ ඊයේ (26) තරගාවලියේ උද්වේගකරම ඉසව් වූ බාලක බාලිකා මීටර 100 ධාවන තරග ඇතුළු ඉසව් කිහිපයක් පැවැත්විය. පෙර දිනවල මෙන්ම උෂ්ණාධික තත්ත්ව යටතේ වුවද, නවීකරණය කරන ලද සුගතදාස මංතීරු වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ජවන හා පිටියේ ඉසව්වලින් අදත් නව තරග වාර්තා කිහිපයක් බිහි විය.  

සම්පූර්ණ වාර්තාව: 400 වාර්තාව සමඟින් දක්ෂතම ක්‍රීඩකයා අරුණ

දිනයක නිමාව