ලෝක කුසලානයේ කාලසටහන නිකුත් වේ

1125

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 12 වැනි වරටත් පවත්වනු ලබන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මැයි මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ දී හා වේල්ස් හිදී පැවැත්වේ.

අන්තර් පළාත් එක්දින තරගාවලියට ප්‍රබලයින් රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ..

2017 සැප්තැම්බර් මස 30 වැනිදා වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එහි පළමු ස්ථාන අටේ සිටි කණ්ඩායම් 8 නිතරගයෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ඒ සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබූ රටවල් වේ.

ඉන් අනතුරුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වූ ක්‍රිකට් තරගාවලිය සිම්බාබ්වේ හිදී පැවැත්විය. එහි අවසන් මහා තරගය ඇෆ්ගනිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති අතර එහි ශූරතාවය දිනා ගත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසිනි. නමුත් එම කණ්ඩායම් දෙකම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.

සම්පූර්ණ තරගාවලිය තුළ තරග 48ක් පැවැත්වෙන අතර මූලික වටයේ දී එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක් සමඟම (තරග 9 කට) තරග වදිනු ඇත. තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින් සිටින කණ්ඩායම් හතර එහි අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 14 වැනිදා ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. ක්‍රීඩාංගණ 11ක දී පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරා දින 46ක් පුරාවට පැවැත්වෙනු ඇති අතර මුළු ලෝකයම එම තරගාවලිය දෙස ඉතාමත් අවධානයකින් පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

2019 වසරේ පෙබරවාරි-මාර්තු මාසවල දී ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකක්, එක්දින..

වර්ෂ 1996 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරයින් ලෙස කිරුළු පැලඳු අතර ඒ සඳහා නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග විසිනි. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වර්ෂයේ දී හා 2011 වර්ෂයේ දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි නමුත් එම අවසන් මහා තරග දෙකේ දී ම පිළිවෙළින් ප්‍රබල ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අනුශූරයින් බවට පත්වීමට සිදු විය. මූලික වටයේ දී ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරගය නවසීලන්තය සමඟ කාර්ඩිෆ් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 1 – නවසීලන්තය – කාර්ඩිෆ් හිදී
  • ජුනි 4 – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ් හිදී
  • ජුනි 7 – පාකිස්තානය – බ්‍රිස්ටල් හිදී
  • ජුනි 11 – බංගලාදේශය – බ්‍රිස්ටල් හිදී
  • ජුනි 15 – ඕස්ට්‍රේලියාව – ද ඕවල් හිදී
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස් හිදී
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී
  • ජූලි 1 – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී
  • ජූලි 6 – ඉන්දියාව – ලීඩ්ස් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<