ගෙවුනු දවස සැප්තැම්බර් 23 – ඇලෝසියස් ක්‍රීඩකයෝ ජය පැන් බොති

184

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

තිලාන්ගෙන් ජෝසප් වාස් විදුහලට ශතකයක්

pic 1

පාසල් ක්‍රිකට් සංගමයේ අනුදැනුම යටතේ පවත්වනු ලබන 2017 වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (23) අවසන් විය. එම තරගවලින් මාරිස් ස්ටෙල්ලා, ජෝසප් වාස්, සාන්ත තෝමස් හා සාන්ත අන්තෝනි යන විදුහල් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 300/9 dec (88): තිලාන් ප්‍රදීප්ත 122, යොහාන් පීරිස් 37, යසින්ත සමරරත්න 3/54.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – 80/10 (45.4): ධනංජය පෙරේරා 6/28.

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 124/10 (60): ඉසුරු දයානන්ද 44, කවිශ්ක ප්‍රනාන්දු 4/16.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 191/10 (42.3): ලසිත් කෘෘස්පුල්ලේ 57, නවීන් නිර්මාල් 36, මොහොමඩ් අමීන් 6/56.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 111/10 (40.1): ශවිත් ප්‍රනාන්දු 23, නවීන් නිර්මාල් 4/30.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම – 146/5 dec (34): චතුර අනුරුද්ධ 48, රොශේන් ප්‍රනාන්දු 36, මොහොමඩ් අමීන් 4/47.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 185/10 (57.2): ශිවාන් පෙරේරා 44, රවිඳු ප්‍රනාන්දු 5/65.

සම්පූර්ණ ලකුණු වාර්තාව: සාන්ත තෝමස්, අන්තෝනි, ජෝසප් වාස් සහ මාරිස් ස්ටෙල්ලා වැඩි වාසි


MAS සිලුඒටා අපරාජිතව පෙරටම

pic 2

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ තව දුරටත් අපරාජිත බව රැක ගැනීමට MAS සිලුඑ්ටා කණ්ඩායම ඊයේ (23දා) සමත් වෙද්දී කොමර්ෂල් ක්‍රෙඩිට් B කණ්ඩායම පිට පිට ලත් දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේ ය.

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් පිටියේ දී MAS සිලුඑ්ටා කණ්ඩායම තම අපරාජිත බව රැක ගත්තේ සිංගර් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව ලකුණු 213ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

කොමර්ෂල් ක්‍රෙඩිට් B කණ්ඩායම පනාගොඩ යුද හමුදා කඳවුර ක්‍රිකට් පිටියේ දී පැවති මොබිටෙල් සමාගම හා සමඟ තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

සම්පූර්ණ වාර්තාව: MAS සිලුඑ්ටා තව දුරටත් අපරාජිතව ඉදිරියට


   රග්බි   

තරග 3න් 2ක් පරාදයි

pic 3

දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ 3 වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඒ අනුව හෙට (24) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී ශ්‍රී ලංකාව, හොං කොං කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

.

  • ශ්‍රී ලංකාව 26 – 24 චීන තායිපේ
  • චීනය 26 – 26 ශ්‍රී ලංකාව
  • ශ්‍රී ලංකාව 05 – ජපානය 47

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට A කාණ්ඩයේ 3 වෙනි ස්ථානය


කුසලානය සාන්ත ඇලෝසියස් විදුහලට

St.-Aloysius Rugby

ගාල්ල සාන්ත ඇලෝසියස්  විදුහල හා ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර විසි හතර වන වරටත් පැවති ටී. වී. සුමනසේකර අනුස්මරණ වාර්ෂික රග්බි තරගය, ලකුණු 19-09ක් ලෙස ජය ගැනීමට සාන්ත ඇලෝසියස් විදුහල ඊයේ (23) සමත් විය.

ඇලෝසියස් විදුහලේ නව රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර විදුහල් දෙකටම ඉතා විශාල ප්‍රේක්ෂක සහයෝගයක් ලැබීම තරගයේ උණුසුම තවත් වැඩි කිරීමට හේතුවක් විය.

සම්පූර්ණ වාර්තාව: වසර හතරකට පසු ගාලු මහා රග්බි සටනේ ජය සා. ඇලෝසියස් විදුහලට


  මලල ක්‍රීඩා  

ප්‍රවීණයින්ගේ රන් පදක්කම්

NSF day 2

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (23) දිනයේ දී ජවන හා පිටිය තරග ඉසව් යටතේ උදෑසන වරුවේ දී අවසන් තරග අවසන් තරග 10ක්ද, සවස් වරුවේ අවසන් තරග 04ක්ද පැවැත්විය.

පසුගිය දා තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් හිදී පැවති ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ ගයන්තිකා අබේරත්න සහ ඉඳුනිල් හේරත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඔවුන්ගේ පළාත් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

දකුණු පළාත නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වූ ගයන්තිකා එහි දී සිය ඉසව්වේ දී මිනිත්තු 2:07.47 ක කාලයක් වාර්තා කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ දී මීටර 800 ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා ජාතික වාර්තාව තෙවරක් බිඳ දැමූ ඉඳුනිල් හේරත් මෙහි දී ද ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් මිනිත්තු 1:52.47කින් කාලයකින් තරග අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය..

සම්පූර්ණ වාර්තාව: ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඉඳුනිල් සහ ගයන්තිකාගෙන් දස්කම්

දිනයක අවසානය