වසර හතරකට පසු ගාලු මහා රග්බි සටනේ ජය සා. ඇලෝසියස් විදුහලට

1402

ගාල්ල සාන්ත ඇලෝසියස්  විදුහල හා ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර විසි හතර වන වරටත් පැවති ටී. වී. සුමනසේකර අනුස්මරණ වාර්ෂික රග්බි තරගය, ලකුණු 19-09ක් ලෙස ජය ගැනීමට සාන්ත ඇලෝසියස් විදුහල අද (23) සමත් විය.

ශ්‍රී ලංකාවට A කාණ්ඩයේ 3 වෙනි ස්ථානය

දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා…

ඇලෝසියස් විදුහලේ නව රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර විදුහල් දෙකටම ඉතා විශාල ප්‍රේක්ෂක සහයෝගයක් ලැබීම තරගයේ උණුසුම තවත් වැඩි කිරීමට හේතුවක් විය.

පසුගිය වර ශූරයින් වූ රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දමින්ද එරංග ඉටු කළ අතර, ප්‍රතිවාදී ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වීම ෆයිරාස් ෆයිරුස් විසින් ඉටු කරන ලදි.

සම්ප්‍රදායික  නවසිලන්ත හකා නැටුමකින් පිටියට පිවිසුණු රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම සාන්ත ඇලෝසියස් පිලට ආරම්භයේ සිටම ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.  තරගයේ  4 වන මිනිත්තුවේ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ රිච්මන්ඩ් කණ්ඩායම, තරගයේ පළමු භාගය පුරා පිටියේ ඇලෝසියස් අර්ධය සිය ග්‍රහණයට ගැනීමට සමත් විය .

කණ්ඩායම් දෙකම සිදු කළ අතපසුවීම් නිසා දඬුවම් පහර රාශියක් සඳහා තරගය වරින් වර නතර වීම පළමු අර්ධයේ විශේෂ කරුණක්  විය.

අනාරක්ෂිත ක්‍රීඩා විලාසය හේතුවෙන් තරගයේ 12 වන මිනිත්තුවේ දී ඇලෝසියස් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු පියවර ගත් අතර අනතුරුව ක්‍රීඩකයෙකු අඩු වීමේ වාසිය තමන් පිටට ගත් රිච්මන්ඩ් පිල ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට සමත් විය.

රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් හේෂාන් කාවින්ද දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 06ක් රැස් කර ගැනීමට සමත් විය.

රිච්මන්ඩ් විදුහල අවස්ථා ගණනාවක් උත්සහ කළ ද, ඇලෝසියස් පිලේ පසුපෙළ ග්‍රහණයෙන් මිදී උත්සාහක දිනුමක් කරා යාමට නොහැකිවූ අතර මිනිත්තු තිස් පහක් පුරා පැවති  රිච්මන්ඩ් ආධිපත්‍ය බිඳ දැමූ සචින්ද්‍ර මදුලංක සාන්ත ඇලෝසියස් පිල වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මල්ෂාන් ආදිත්‍ය හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

පළමු අර්ධය: රිච්මන්ඩ් විදුහල 06-05 සාන්ත ඇලෝසියස් විදුහල

දෙවැනි අර්ධය ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ සාන්ත ඇලෝසියස් පිල, තරගය සිය ග්‍රහණයට නතු කර ගනිමින් තරගයේ 45 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. සචින්ද්‍ර මදුලංකගේ දෙවෙනි උත්සාහක දිනුම වූ එය ඔහුම ප්‍රවර්තනය කළ අතර සාන්ත ඇලෝසියස් පිල පළමු වතාවට තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය (ලකුණු තත්වය 06-12).

දකුණුලක සිසාරා හමන රිච්මන්ඩ් ඇලෝසියස් රග්බි උණුසුම

දකුණුලක අග නගරයේ විරාජමානව පිහිටි කඳු දෙකකි. ඉන් එකක නම් ලැබ ඇත්තේ කල්වාරි කන්ද නමිනි. අනෙක රිච්මන්ඩ් කන්ද නම් වන්නේ ය. මේ කඳු දෙකේ පිහිටි පාසල් ද්විත්වය…

වරින් වර ප්‍රේක්ෂකයින්ගෙන් ඇති වූ බාධා මධ්‍යයේ වුවද තරගය ඉදිරියට ගෙන යාමට විනිසුරු ක්‍රියා කළ අතර ක්‍රීඩා පිටියේ පැවති අනාරක්ෂිත ස්වභාවය නිසා ක්‍රීඩකයින් වරින්වර ආබාධවලට ලක්වීම කැපී පෙණුනි.

දෙවැනි අර්ධයේ ද දුර්වල ක්‍රීඩා විලාසය නිසා කණ්ඩායම් දෙකටම වරින්වර දඬුවම් පහර නියම කිරීම නිසා තරගයේ කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ ගිය අතර කිහිප වරක්ම විනිසුරුට තරගය නවත්වන්නට ද සිදු විය.

නැවතත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් හේෂාන් කාවින්ද රිච්මන්ඩ් ලකුණු මට්ටම 09-12ක් දක්වා ඉහළ දැමීමට සමත් වුවත් ඇලෝසියස් ග්‍රහණයෙන් මිදීමට ඔවුන්ට නොහැකි විය.

64 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ සචින්ද්‍ර මදුලංක සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් උදුරා ගැනීමට සමත් විය .එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් සචින්ද්‍ර තරගය පුරා සුපිරි දස්කම් පෙන්වමින්, සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමට සමත් විය (ලකුණු තත්වය 09-19).

අනාරක්ෂිත ක්‍රීඩා විලාසය හේතුවෙන් රිච්මන්ඩ් විදුහල් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර, තරගයේ අවසාන මිනිත්තුවේ ඇලෝසියස් පිලට ලැබුණු එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට මල්ෂාන් ආදිත්‍ය අසමත් වීමත් සමඟම ගාල්ල සාන්ත ඇලෝසියස්  පිලට ජය හිමි කර දෙමින් තරගය ලකුණු 09-19ක් ලෙස අවසන් විය.

උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබාගත් සචින්ද්‍ර මදුලංක තරගයේ වීරයා ලෙස සම්මාන දිනීය

අවසන් ලකුණු තත්වය: රිච්මන්ඩ් විදුහල 09-19 සාන්ත ඇලෝසියස් විදුහල

ලකුණු ලබා ගැනීම

සාන්ක ඇලෝසියස් විදුහල

  • උත්සාහක දිනුම් – සචින්ද්‍ර මදුලංක (03)
  • ප්‍රවර්තන – සචින්ද්‍ර මදුලංක (2)

රිච්මන්ඩ් විදුහල

  • දඬුවම් පහර – හේෂාන් කාවින්ද (03)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුව