ගෙවුනු දවස සැප්තැම්බර් 15 – BMS අවසන් මහා තරගයට

192

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ආනන්ද විදුහලට ජයග්‍රහණය

Jaffna-Hindu-College-v-Ananda-College-Colombo

කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර වී. ටී. එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති, උතුර දකුණ සහෝදරත්ව වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට සංචාරක ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඊයේ (15දා) සමත් වූහ. මෙම තරගය යාපනය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

වී. ටී. එස්. සිවගුරුනාදන් යාපනය හින්දු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එමෙන්ම ඔහු 1916 වසරේ සිට 1942 වසර දක්වා ආනන්දයේ සේවය කළ ආනන්දනීය ගුරුවරයෙකි. ශිෂ්‍යයෙක් ලෙසත් ගුරුවරයෙක් ලෙසත් විද්‍යාල දෙකේම නාමයන් කීර්තියෙන් බැබළවූ මේ වියතාණනන් සිහි කිරීම පිණිස 2012 වසරේ ආනන්ද විද්‍යාලයීය 125 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම තරගාවලිය “Wielding the Willow” නමින් ආරම්භ කෙරුණි.

හින්දු විද්‍යාලය – සියලුම දෙනා දැවී 130 (45.0) හර්ෂාන්ත් කජිනාත් 52, එස්. ශාන්තාස් 20, වී. සිවලක්ෂ්මන් 16, හසිඳු ශාමික 3/03, නදීෂ ප්‍රනාන්දු 2/28, කවිඳු ගිම්හාන් 2/36

ආනන්ද විද්‍යාලය – කඩුලු 5ක් දැවී 131 (27.0) ලහිරු අත්තනායක 34, දුශාන් හෙට්ටිගේ 21, කවිශ්ක රන්තිලක 26, කවිඳු ගිම්හාන් 18

සම්පූර්ණ වාර්තාව: උතුර දකුණ සහෝදරත්වයේ ශූරතාව ආනන්දයට


ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

redbullcricc

ලොව පුරා විසිරී පැතිරී තිබෙන සරසවි රැසක් එක මිටකට එකතු කර ගනිමින් පැවැත්වෙන “Red Bull සරසවි ලෝක කුසලාන” විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ඊයේ (15) ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව ලකුණු 3කින් පරාජයට පත් කරමිනි. ඊයේ දිනයේ පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් සටනේ ඉතිරි අසුන වෙන්කර ගත්තේය.

ශ්‍රී ලංකාව – කඩුලු 6ක් දැවී ලකුණු 163 (පන්දුවාර 20):  සුපේෂල ජයතිලක 50, තිලක්ෂ සුමනසිරි 40*, චාමික කරුණාරත්න 33, හේඩන් කර් 2/19, ජෝසප් කර්ශෝ 2/22, කීරන් එලී 2/29.

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී ලකුණු 160 (පන්දුවාර 20): හේඩන් කර් 54, ජෝසප් කර්ශෝ 34*, විල් ලෝරන්ස් 20, ‍රනිත ලියනාරච්චි 2/19, අමිල අපොන්සු 1/20, කොෂාන් ජයවික්‍රම 1/23, චාමික කරුණාරත්න 1/29.

සම්පූර්ණ වාර්තාව: චාමික සහ සුපේෂල තරගය කණපිට හරවයි; සිංහයින් අවසන් තරගයට!


ලෝකය පැරදේ, පාකිස්තානයට ජය

t20xi

ප්‍රේක්ෂකයින් 60,000කට ඉඩ පහසුකම් ඇති ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පුරවාලමින් පැමිණ සිටි සුවිසල් ප්‍රේක්ෂක ජනකාය මධ්‍යයේ ලෝක කණ්ඩායම පරදවා ලකුණු 33ක සුපිරි ජයක් හිමි කර ගැනීමට ඊයේ (15) සත්කාරක පාකිස්තාන කණ්ඩායමට හැකි විය.

ඒ පුරා වසර 8කටත් වැඩි කාලයක් තම මව්බිමේ ක්‍රිකට් තරග අහිමිව සිටි පාකිස්තානු ප්‍රේක්ෂකයින්ට නැවතත් ක්‍රිකට් වසන්තය උදාකර දෙමිනි. ඊයේ තරගයේ ජයග්‍රහණය සමඟින් තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජය ගත්තේ ද පාකිස්තානයයි.

පාකිස්තානය – කඩුලු 4ක් දැවී ලකුණු 183 (පන්දුවාර 20): අහමඩ් ශෙෂාඩ් 89, බාබර් අසාම් 48, ෆකාර් සමාන් 27, ශොයිබ් මලික් 17*, තිසර පෙරේරා 2/37.

ලෝක කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 150 (පන්දුවාර 20): තිසර පෙරේරා 32, ඩේවිඩ් මිලර් 32, ඩැරන් සැමී 24*, හෂිම් අම්ලා 21, තමිම් ඉක්බාල් 14, හසන් අලි 2/28, රුමාන් රයීස් 1/20.

සම්පූර්ණ වාර්තාව: ලෝක පිළ පරදවමින් තරගාවලි ජයග්‍රහණය පාකිස්තානයට


    රග්බි   

තරගය සමව නිමා වෙයි

Kandy vs Harlequins

බටහිර ආසියානු කුසලාන රග්බි තරගාවලියේ තවත් තරගයක් මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ඊයේ (15) පැවති අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේය.  ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සහ අබුඩාබි හාලිකුයින්ස් ක්‍රීඩා සමාජය සහභාගී වූ මෙම තරගය ආරම්භයේ සිටම උද්වේගකර එකක් විය.

පළමු අර්ධය : අබුඩාබි කණ්ඩායම 17 – 10 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය : අබුඩාබි කණ්ඩායම 29 – 29 මහනුවර ක්‍රීඩා සමාජය

සම්පූර්ණ වාර්තාව: කරට කර තරගයේ ජය පැරදුම සමව බෙදී යයි

දිනයක අවසානය