ක්‍රීඩකයින් 420ක් සමඟ 2024 LPL ක්‍රීඩක වෙන්දේසියට සියලු කටයුතු සූදානම්

LPL 2024

133

2024 LPL තරගාවලිය සඳහා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියට දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙකුගේ නම් ඇතුළත් වී තිබෙනවා. 

මෙම ක්‍රීඩකයින් 420 අතුරින් 154 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් වන අතර, එමෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් ලද ක්‍රීඩකයින් මෙන්ම, තවමත් ජාත්‍යන්තර අත්දැකීම් නොලද ක්‍රීඩකයින් ද මෙම ලැයිස්තුවට ඇතුළත්. 

එළඹෙන අඟහරුවාදා (21) දහවල් 12.00ට කොළඹ Hilton හෝටලයේ දී පැවැත්වීමට නියමිත මෙම වෙන්දේසිය අදියර 18කින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙහි දී මෙම අදියර මගින් පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, කඩුලු රකින්නන් වැනි විවිධ කාණ්ඩ යටතේ ක්‍රීඩක වෙන්දේසිය ඉදිරියට රැගෙන යනු ඇති. 

මේ අතර, වෙන්දේසියට සහභාගී වන කණ්ඩායම් පහට ඇමරිකානු ඩොලර් 500,000 බැගින් බෙදා වෙන් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වටිනාකමක් වෙන්දේසියට එක් කර ඇති අතර, සෑම කණ්ඩායමක් ම තමන් සතුව ඇති මුදලින් 85%ක් වෙන්දේසිය සඳහා වැය කළ යුතුයි. 

පෙර වර්ෂයේ පැවැත්වුණු LPL ක්‍රීඩක වෙන්දේසිය මෙහෙය වූ Charu Sharma විසින් මෙවරත් ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවීමට නියමිතයි. 

එමෙන්ම මෙවර ක්‍රීඩක වෙන්දේසිය ThePapare හරහා සජීවී ව දැක බලා ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි වී තිබෙනවා. 

2024 LPL ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<