රවිඳු සහ තික්ෂිල පිත්තෙන් වැඩ පෙන්වයි

884

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (01) පැවති අතර එහි දී හලාවත ක්‍රිකට් සමාජය, කොළඹ ක්‍රිකට් සමාජය, කෝල්ට්ස්, බී. ආර්. සී, මීගමුව, එස්. එස්. සී, ටැමිල් යූනියන්, මුවර්ස්, ගුවන් හමුදාව, රාගම යන සමාජයන් ජයග්‍රාහීව දිනය අවසන් කර නමුත් යුද හමුදාව හා සැරසන්ස් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කුසල්ලා අර්ධ ශතක රැස් කරති; මාලිංගගෙන් කඩුලු 3ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සවිබලයෙන් තෙවන දිනටත් පැවැත්වූ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ …….

තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියංජන්ගේ දස්කම් නිසාවෙන් කොළඹ ක්‍රිකට් සමාජය පානදුර ක්‍රීඩා සමාජය  අභිබවා කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් විය. මෙහි දී අශාන් ප්‍රියංජන් අර්ධ ශතකයක් හා කඩුලු 2ක් දවා ගන්නා ලදි.

යුද හමුදාව හා සැරසන්ස් අතර පැවැත්වූ තරගය ලකුණු සමවීමෙන් අවසන් වූ අතර එහි දී කණ්ඩායම් දෙකම සිය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 145ක් රැස්කර ගන්නා ලදි. රුවිඳු ගුණසේකර මෙවර තරගාවලිය තුළ තරග 4කට සහභාගි වී ලබාගත් තෙවන අර්ධ ශතකය මෙම තරගයේ දී වාර්තා කළේය.

රවිඳු කොඩිතුවක්කු හා ශාලික කරුණානායකගේ මඟ පෙන්වීම යටතේ ලකුණු 103ක් දැවැන්ත ජයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් කණ්ඩායම සමත් විය. පළමුව පිතිකරණයේ නිරත වූ ටැමිල් යූනියන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 187ක් රැස්කර ගත්තේය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් රොස්කො තටිල් නොදැවී ලකුණු 25*ක් හා කඩුලු 3ක් ලබාගෙන දස්කම් දැක්වූ නිසාවෙන් ගාලු ක්‍රිකට් සමාජයට එදිරිව කඩුලු 5ක ජයක් ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා අවසන් සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන………

මුවර්ස් හා නාවික හමුදා තරගයේ දී සුපේශල ජයතිලක කඩුලු 4ක් දවා ගනිමින් මුවර්ස් කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබා දුන් අතර තික්ෂිල ද සිල්වා අර්ධ ශතකයක් හා කඩුලු 2ක් දවා ගනිමින් හලාවත ක්‍රිකට් සමාජය කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සමත් විය.

කළුතර නගර සමාජය හා හලාවත ක්‍රිකට් සමාජය

කළුතර නගර සමාජය – 140/6 (20): නිලුශාන් නෝනිස් 58*, සුරේෂ් නිරෝෂන් 33, තික්ශිල ද සිල්වා 2/25.

හලාවත ක්‍රිකට් සමාජය – 143/4 (13.2): තික්ෂිල ද සිල්වා 72, සචිත්‍ර සේරසිංහ 44, නිපුන්ක කාරියවසම් 2/18.

තරග ප්‍රතිඵලය – හලාවත ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්.


පානදුර ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රිකට් සමාජය

පානදුර ක්‍රීඩා සමාජය – 74/9 (20): ශස්රික පුස්සෙගොල්ල 30, අශාන් ප්‍රියන්ජන් 2/12, ඩිල්ෂාන් මුණවීර 2/18.

කොළඹ ක්‍රිකට් සමාජය – 75/3 (9.3): අශාන් ප්‍රියන්ජන් 51*, තරිඳු ප්‍රනාන්දු 2/33.

තරග ප්‍රතිඵලය –  කොළඹ ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයක්


ලන්කන් ක්‍රිකට් සමාජය හා කොල්ට්ස් ක්‍රිකට් සමාජය

ලන්කන් ක්‍රිකට් සමාජය – 83/9 (16): දිනුෂ්ක මාලන් 30, රජීව වීරසිංහ 22*, නිසල් තාරක 3/22, දිල්රුවන් පෙරේරා 2/11.

කොල්ට්ස් ක්‍රිකට් සමාජය – 84/1 (10.3): අවිශ්ක ප්‍රනාන්දු 49*, සධීර සමරවික්‍රම 20.

තරග ප්‍රතිඵලය – කොල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 9ක ජයක්


පොලිස් ක්‍රීඩා සමාජය හා බී. ආර්. සී

පොලිස් ක්‍රීඩා සමාජය – 125/9 (20): මංජුල ජයවර්ධන 32*, සමිත් දුශ්ශන්ත 24, ටී. එම්. සම්පත් 3/32.

බී. ආර්. සී – 126/5 (18): ලිසුල ලක්ශාන් 57, ඉන්දික ද සේරම් 22.

තරග ප්‍රතිඵලය – බී. ආර්. සී කණ්ඩායමට කඩුලු 5ක ජයක්


මීගමුව ක්‍රිකට් සමාජය හා බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය

මීගමුව ක්‍රිකට් සමාජය – 125/6 (20): දිලාසිරි ලොකුබණ්ඩාර 44, තරිඳු වීරසිංහ 29, රමේෂ් මෙන්ඩිස් 2/17.

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය – 117/9 (20): රමේෂ් මෙන්ඩිස් 44, රොෂේන් ප්‍රනාන්දු 3/20, උමේග චතුරංග 2/16.

තරග ප්‍රතිඵලය – මීගමුව ක්‍රිකට් සමාජයට ලකුණු 8ක ජයක්


කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා එස්. එස්. සී. කණ්ඩායම

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 72 (16.4): රුවන්ත ඒකනායක 26, ජෙෆ්රි වැන්ඩර්සේ 3/12, විමුක්ති පෙරේරා 2/13, සචිත්‍ර සේනානායක 2/18.

සිංහල ක්‍රීඩා සමාජය – 73/4 (12.2): දිමුත් කරුණාරත්න 19.

තරග ප්‍රතිඵලය – සිංහල ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයක්


ගාලු ක්‍රිකට් සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ගාලු ක්‍රිකට් සමාජය – 64 (15.4): බුද්ධික සඳරුවන් 4/09, රොස්කො තටිල් 3/10, සොහාන් රංගික 2/16.

ගුවන් හමුදාව – 65/5 (13.4): රොස්කො තටිල් 25*, රවීන් සේයර් 4/13.

තරග ප්‍රතිඵලය – ගුවන් හමුදාවට කඩුලු 5ක ජයක්

සුලෝහිත සංග්‍රාමයට මාන බලන ආනන්ද නාලන්ද සහෝදරත්වය

වසර 65ක් තිස්සේ දිනාගත නොහැකිවූ ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ ශූරතාව දිනා ගැනීම ……….


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය

ටැමිල් යූනියන් – 187/5 (20): රවිඳු කොඩිතුවක්කු 79*, ශාලික කරුණානායක 55, නලින් ප්‍රියදර්ශන 3/20.

වරාය අධිකාරිය – 72 (13.5): දුලංජන මෙන්ඩිස් 4/19, දිස්නක මනෝජ් 2/23.

තරග ප්‍රතිඵලය – ටැමිල් යූනියන් කණ්ඩායමට ලකුණු 115ක ජයක්


යුද හමුදා ක්‍රිකට් සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය

යුද හමුදාව – 145/8 (20): ලක්ෂාන් එදිරිසිංහ 50*, හිමාශ ලියනගේ 37, අශාන් රන්දික 34, රවිඳු ගුණසේකර 3/20, රොශේන් ජයතිස්ස 2/17, මොහොමඩ් ඩිල්ශාඩ් 2/30.

සැරසන්ස් – 145/5 (20): රවිඳු ගුණසේකර 57, සාලිය සමන් 33*, ඇන්ඩි සොලමන් 25, අජන්ත මෙන්ඩිස් 2/16, ජානක සම්පත් 2/19.

තරග ප්‍රතිඵලය – ලකුණු සම වීමෙන් තරගය අවසන්


එන්. සී. සී කණ්ඩායම හා රාගම ක්‍රිකට් සමාජය

රාගම – 165/8 (20): ශෙහාන් ප්‍රනාන්දු 47, සමීර සොයිසා 39, අක්ශු ප්‍රනාන්දු  24, ලහිරු තිරිමාන්න 23, චතුරංග ද සිල්වා 4/27, ලහිරු කුමාර 2/36

එන්. සී. සී – 107 (14.2): නිරෝශන් දික්වැල්ල 27, ඇන්ජලෝ පෙරේරා 21, කුශාන් වීරක්කොඩි 3/16, ජනිත් ලියනගේ 2/20, ඉශාන් ජයරත්න 2/30.

තරග ප්‍රතිඵලය – රාගම ක්‍රිකට් සමාජයට ලකුණු 58ක ජයක


මුවර්ස් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය

නාවික හමුදාව – 85 (17.1): ඉශාන් අබේසේකර 27, සුපේශල ජයතිලක 4/08, කෝසල කුලසේකර 3/08, දිලංක සඳකැන් 2/23.

මුවර්ස් ක්‍රීඩා සමාජය – 89/2 (13.5): ඉරෝෂ් සමරසූරිය 29*, අදීශ තිලංචන  24*, චරිත් කුමාරසිංහ 23, නුවන් සම්පත් 2/25.

තරග ප්‍රතිඵලය – මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 8ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<