ක්‍රිශාන් සංජුලගෙන් ශතකයක්

194

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ අද (01) ආරම්භ වූ එකම තරගයේ දී අතිදක්ෂ පිතිහරඹයක යෙදුණ කඳාන ද මැසිනොද් විද්‍යාලයේ දකුණත් පිතිකරු ක්‍රිශාන් සංජුල මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව ශතකයක් ලබා ගනිමින් ද මැසිනොද් පිටිය අලංකාරවත් කිරීමට සමත් විය.

මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් …..

කාසියේ වාසිය දිනා ගත් ද මැසිනොද් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර තම පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 342ක් ලබා ගනිමින් ඉනිම අත්හිට විය. පිළිතුරු ඉනිම ලෙසින් පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 81ක් ලබා සිටියහ.

වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසමත් සමඟින් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගවලින් පිටත පැවැත්වෙන සුහද තරගයක් සේ පැවති මෙම තරගයේ දී ක්‍රිශාන් සංජුල පන්දු 158ක දී හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 170ක් ලබා ගත්තේය. ඉන් නොනැවතුණ සංජුල, නිම්න ප්‍රනාන්දු සමඟ එක්වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 215ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ද දායක විය.

දකුණත් පිතිකරු නිම්න ප්‍රනාන්දු පන්දු 118ක දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී පසිඳු උස්හෙට්ටි කඩුලු 3ක් ද, නවීන් ප්‍රනාන්දු කඩුලු 2ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිමේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් රොෂේන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 37ක් ලබා ගත්තේය. එම ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී අසිත ප්‍රනාන්දු සහ මිතිල ගීත් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගය දෙවැනි දිනයටත් (02) ක්‍රියාත්මක වීමට නියමිත ය.

ද මැසිනොද් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 342 (71.3) ක්‍රිශාන් සංජුල 170, මිතිල ගීත් 37, නිම්න ප්‍රනාන්දු 66, පසිඳු උස්හෙට්ටි 3/100, නවීන් ප්‍රනාන්දු 2/82

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 81 (21.0) රොෂේන් ප්‍රනාන්දු නොදැවී 37, අසිත සිල්වා 2/29, මිතිල ගීත් 2/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<