කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ඩී. එස්. පරදා කඩුලු 10 ජයක් සාන්ත ඇලෝසියස් විදුහලට

ඊට අමතරව ඊයේ ආරම්භ වූ අනෙකුත් තරගවල පළමු දිනය අවසානයේ වැඩි වාසිය ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස්, මලියදේව, වෙස්ලි හා ත්‍රිත්ව විද්‍යාල සමත් විය.
සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 283/7 d (81.1): අශේන් බණ්ඩාර 101, ගිම්හාන ආශිර්වාද 39, රවිඳු සංජන 28, පසිඳු ආධිත්‍යය 2/28, මුදිත ලක්ෂාන් 2/62.
ඩී. එස්. සේනානායක විද්‍යාලය – 112 (46.2): චමත් යටවර 24, කවිශ්ක ඩිල්ශාන් 5/27, නිලුෂ දුල්මිණ 3/16.
ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම (F/O) – 178 (47.4): චමත් යටවර 53, පසිඳු අවිශ්ක 47, හරින් බුද්ධිල 4/48, කවිශ්ක ඩිල්ශාන් 4/58.
සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම – 11/0 (2.1):
සම්පූර්ණ වාර්තාව: හසරින්ද ශතකයකට යද්දී සඳකැලුම්ට අර්ධ ශතකයක්
ඉහළ දක්ෂතා වර්ධන කළමනාකරු තනතුරට ඇබෑර්තුවක්

2016 වර්ෂයේ මැයි මාසයේ දී සිය පත් වීම ලබාගත් විලිස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් එළඹුණු තුන් වසරක ගිවිසුමෙන් වසර දෙකක කාලයක් සම්පූර්ණ කර මේ වසරේ ජුනි 30 වැනිදා සිය ධුරයෙන් ඉවත්ව යනු ඇත.
සම්පූර්ණ වාර්තාව: සයිමන් විලිස් ඉල්ලා අස්වෙයි





















