සයිමන් විලිස් ඉල්ලා අස්වෙයි

567
Simon Willis

තුන් අවුරුදු ගිවිසුමකට එළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා වර්ධන කළමනාකරු ලෙස කටයුතු කළ සයිමන් විලිස් මහතා පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඊට අදාළ අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහු විසින් ලබා දී ඇත.

[rev_slider LOLC]

2016 වර්ෂයේ මැයි මාසයේ දී සිය පත් වීම ලබාගත් විලිස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් එළඹුණු තුන් වසරක ගිවිසුමෙන් වසර දෙකක කාලයක් සම්පූර්ණ කර මේ වසරේ ජුනි 30 වැනිදා සිය ධුරයෙන් ඉවත්ව යනු ඇත.

මුරලිගෙන් ඇරඹී ලක්මාල්ගෙන් අලුත් වූ කඩුලු ශතක සමාජය

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු ශතක සමාජයට අලුතෙන්ම එක් වූ ක්‍රීඩකයා…

“සයිමන් විලිස් මහතා ඔහුගේ නික්ම යෑමට පසුව හිස්වන තනතුර සඳහා ආදේශකයක් සොයා ගැනීමට මාස හයක කාලයක් ලබා දී ඇති අතර, ඒ අනුව ජුනි 30 වනදා දක්වා ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ රැඳී සිටිනු ඇත. එබැවින් අප එම තනතුර සඳහා සුදුස්සෙක් තෝරා ගැනීමට අදාළ  ප්‍රචාරණය  ඉදිරි සතියේ දී ආරම්භ කරනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා විසින් බඳවා ගෙන සිටි විලිස් මහතා විශේෂයෙන් බඳවා ගනු ලැබුවේ 2015 ජුනි මස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇකඩමිය අධීක්ෂණය සඳහායි. එය අලුතින් ස්ථාපනය කරන ලද තනතුරකි. තරුණ කුසලතා හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීම එහි අරමුණයි.

විලිස්ගේ කාලය අවසන් වීමට මාස දෙකකට පෙරාතුව විලිස් වෙනුවට සිදු කරනු ලබන ආදේශ කිරීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුව සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<