Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උළෙල 2023

69
Sri Lanka Women vs Thailand Women Quarter Final

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවැනි තරගය අද (22) චීනයේ Hangzhou හිදී ක්‍රියාත්මක වුනා. 

එම තරගයෙන් තායිලන්තය පරාජය කරමින් කඩුලු 8ක පහසු ජයක් හිමි කර ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකක් වර්ෂාවට සේදී යාමෙන් අනතුරුව ක්‍රියාත්මක වුනු මේ තරගයේ ද ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර ඒ නිසාවෙන් පන්දුවාර 15ක තරගයක් ලෙස මේ තරගය ක්‍රියාත්මක වුනා. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් තායිලන්තය නියමිත පන්දුවාර 15ක් තුල කඩුලු 7ක් දැවී ලකුණු 78ක් ලබා ගත්තා.  

අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩිකා Chanida Sutthiruang නොදැවී ලකුණු 31*ක් ලබාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර ඒ හැරෙන්නට ඔවුන්ගේ අනෙක් එකඳු හෝ ක්‍රීඩිකාවකට ලකුණු 9 සීමාව අභිබවා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 

ඉනෝෂි ප්‍රියදර්ශනී ඇයගේ හොඳම විස්සයි විස්ස ජාත්‍යන්තර පන්දු යැවීමේ දස්කම ප්‍රදර්ශනය කරමින් ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තා. 

ලකුණු 79ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 10කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා. එහි දී අනුෂ්කා සංජීවනී පන්දු 23ක් තුල ලකුණු 32ක් ලබාගෙන වේගවත් ආරම්භයක් ලබා දුන්නා.  

චමරි අතපත්තු පන්දු 21ක දී ලකුණු 27ක් ලබා ගත් අතර දැවී ගිය කඩුලු 2කම දවා ගත්තේ Thipatcha Putthawong විසින්. අවසානයේ දී හර්ශිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා.

Result


Sri Lanka Women
84/2 (10.5)

Thailand Women
78/7 (15)

Batsmen R B 4s 6s SR
Suwanan Khiaoto c & b Inoshi Priyadarshani 1 5 0 0 20.00
Nannapat Koncharoenkai c Udeshika Prabodhani b Inoshi Priyadarshani 8 10 1 0 80.00
Natthakan Chantham c Chamari Athapaththu b Inoshi Priyadarshani 0 3 0 0 0.00
Naruemol Chaiwai c & b Inoshi Priyadarshani 7 8 1 0 87.50
Rosenan Kanoh c & b Sugandika Kumari 0 4 0 0 0.00
Nattaya Boochatham c Kavisha Dilhari b Chamari Athapaththu 9 12 1 0 75.00
Chanida Sutthiruang not out 31 24 3 0 129.17
Phannita Maya c Anushka Sanjeewani b Kavisha Dilhari 8 19 0 0 42.11
Sornnarin Tippoch not out 3 5 0 0 60.00


Extras 11 (b 2 , lb 1 , nb 0, w 8, pen 0)
Total 78/7 (15 Overs, RR: 5.2)
Bowling O M R W Econ
Udeshika Prabodhani 2 0 12 0 6.00
Inoshi Priyadarshani 3 0 10 4 3.33
Sugandika Kumari 3 0 13 1 4.33
Chamari Athapaththu 2 0 11 1 5.50
Inoka Ranaweera 3 0 15 0 5.00
Kavisha Dilhari 2 0 14 1 7.00


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu c Naruemol Chaiwai b Thipatcha Putthawong 27 21 5 0 128.57
Anushka Sanjeewani c Sornnarin Tippoch b Thipatcha Putthawong 32 24 5 0 133.33
Harshitha Samarawickrama not out 14 13 0 1 107.69
Vishmi Gunaratne not out 8 8 0 0 100.00


Extras 3 (b 0 , lb 1 , nb 0, w 2, pen 0)
Total 84/2 (10.5 Overs, RR: 7.75)
Bowling O M R W Econ
Nattaya Boochatham 2 0 13 0 6.50
Chanida Sutthiruang 2 0 21 0 10.50
Thipatcha Putthawong 3 0 21 2 7.00
Onnicha Kamchomphu 3 0 17 0 5.67
Sornnarin Tippoch 0.5 0 11 0 22.00



ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුහුණ දෙන මීළඟ තරගය වන දෙවැනි අවසන් පූර්ව තරගය මේ මස 24 වැනිදා පාකිස්තානය සමඟ මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර එම තරගය ජය ගන්නා කණ්ඩායමට අවම වශයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට හැකියාව තිබෙනවා. 

ආසියානු ක්‍රීඩා උළෙලේ උණුසුම් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<