ගෙවුනු දවස ජුලි 15 – පාසල් වොලිබෝල් සංග්‍රාමයේ ප්‍රථම දිනය

230
Sri Lanka Sports Last day summary july 15

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

වොලිබෝල් –

රුවන්වැල්ලට සහ අම්පාරට ජයග්‍රහණ

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ DSI සමාගමේ සවිබල ගැන්වීමෙන් 16වැනි වරටත් පවත්වනු ලබන පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14න් පහල කාණ්ඩයේ අවසන් තරග ඊයේ මහනුවර තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

බාලක සහ බාලිකා යන අංශයන් දෙකෙන්ම පැවති තරගයේ බාලිකා අංශයේ ජය අම්පාර උහන තිස්සපුර විද්‍යාලය විසින් වාර්තා කිරීමට සමත් වු අතර බාලක අංශයේ ජය වාර්තා කිරීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

බාලිකා – හුංගම විජයබා ජාතික පාසල සහ අම්පාර උහන විද්‍යාලය අතර තරගයෙන් තරග වට 3/4 ලෙස ජය වාර්තා කිරීමට තිස්සපුර විද්‍යාලය සමත් විය.

  • ප්‍රථම වටය – විජයබා ජාතික පාසල 25 : 17 තිස්සපුර විද්‍යාලය
  • දෙවන වටය – විජයබා ජාතික පාසල 17 : 25 තිස්සපුර විද්‍යාලය
  • තෙවන වටය – විජයබා ජාතික පාසල 19 : 25 තිස්සපුර විද්‍යාලය
  • සිව්වන වටය – විජයබා ජාතික පාසල 17 : 25 තිස්සපුර විද්‍යාලය

බාලක – මාරවිල සාන්ත සේවියර් මහ විද්‍යාලීය ක්‍රීඩා සමාජය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර තරගයෙන් වට 5/3 ලෙස ජය ගැනීමට රාජසිංහ විද්‍යාලය සමත් විය.

  • ප්‍රථම වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 25 : 15 රාජසිංහ විද්‍යාලය
  • දෙවන වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 21 : 25 රාජසිංහ විද්‍යාලය
  • තෙවන වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 23 : 25 රාජසිංහ විද්‍යාලය
  • සිව්වන වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 25 : 21 රාජසිංහ විද්‍යාලය
  • පස්වැනි වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 11 : 15 රාජසිංහ විද්‍යාලය

තරගාවලියේ 16න් පහල සහ 18න් පහල කාණ්ඩ වල අවසන් තරග අද (16) මහරගම තරුණ සේවා සභා ගෘහස්ත පිටියේ පැවැත්වේ.

 සම්පූර්ණ වාර්තාව: 14න් පහල වොලිබෝල් තරු කිරුළු පලදි 


ක්‍රිකට් –

බදුරලිය සහ ගුවන් හමුදාවට පහසු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහල අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග වලින් කළුතර නගර ක්‍රිකට් සමාජය පරදවා බදුරලිය ක්‍රීඩා සමාජයත්, BRC සමාජය පරදවා ගුවන් හමුදා සමාජයත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

බදුරලිය ක්‍රීඩා සමාජය – 289/5 (50): සචින් හේවාවසම් 77, පැතුම් මදුසංක 57, කවින්දු මනම්පේරි 51*, රුසිරු රවිශංක 2/70, ගයාන් කනිශ්ක 2/68.

කළුතර නගර ක්‍රිකට් සමාජය – 35 (11.4): චන්දුල වීරරත්න 6/19, අාකාශ් සෙනෙවිරත්න 4/16.

BRC සමාජය – 90 (24): දිලීප් තාරක 4/10, එම්. එස්. මෙන්ඩිස් 2/14, හේශාන් උමේන්ද්‍ර 2/28, මලින් ප්‍රියන්ත 2/32.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 91/3 (22): උදයවංශ පරාක්‍රම 27*, විශ්ව චතුරංග 24, ලසිත් ලක්ෂාන් 2/23.

සම්පූර්ණ ලිපිය සඳහා රැදි සිටින්න


ගුවන් සහ යුධ හමුදාව අවසන් වටයට

අන්තර් සමාජ කාන්තා පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ගුවන් සහ යුද සෙබලියන් විය. ඒ අද පැවති අවසන් පූර්ව වටයේදී නාවික හමුදා සහ කෝල්ට්ස් ක්‍රීඩිකාවන් පරාජය කරමිනි.

යුද හමුදා කාන්තා A – 117/8 (20) – ඉරේෂා දමයන්ති 22, නිලක්ෂිකා සිල්වා 22, ඉමල්කා මෙන්ඩිස් 21, ලක්මාලි මෙත්තානන්ද 18*, පූජානි ලියනගේ 2/12

කෝල්ට්ස් කාන්තා  – 85/7 (20) – දීපිකා රසංගිකා 32, අමාෂා අංජලී 15, නිලූකා කරුණාරත්න 2/14, නිලක්ෂිකා සිල්වා 2/16 ෂෙරීනා රවිකුමාර්  1/7

නාවික හමුදා කාන්තා A – 108/9 (20) –  හසිනි පෙරේරා 38, ලසන්ති මධුභාෂිණි 31, දිනේෂා හීනටිගල 14,  ඕෂධී රණසිංහ 3/15, චමරි පොල්ගම්පොල 2/18, චමරි අතපත්තු 2/27

ගුවන් හමුදා කාන්තා A – 111/3 (18.3) – චමරි අතපත්තු 77*, යශෝධා මෙන්ඩිස් 20, ඉනෝකා රණවීර  2/19

සම්පූර්ණ ලිපිය: යුද – ගුවන් සෙබළියන් 20-20 අවසන් සටනට

දවසේ නිමාව