14න් පහල වොලිබෝල් තරු කිරුළු පලදි

558

ශ්‍රී ලංකා වොලිබෝල සම්මේලනය සහ DSI අායතනයේ සවිබල ගැන්වීමෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසානය කරා මේවන විට පැමිණ අැත.

වයස් කාණ්ඩ 3ක් යටතේ කණ්ඩායම් 2000 අධික සංඛ්‍යාවක සහභාගීත්වයකින් යුතුව පැවති තරගාවලියේ වයස අවුරුදු 14න් පහල බාලක සහ බාලිකා අංශයේ අවසන් මහා තරගය ඊයේ (15) මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදි පැවැත්විය. 2013 වර්ෂයෙන් පසුව වසර 2ක් පමණ තරගාවලිය නොපැවැත්වුනු අතර මෙවර එය පවත්වන්නේ 16වැනි වතාවටය.

ප්‍රථමයෙන් අාරම්භ වු බාලිකා තරග සඳහා අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සහ හුංගම විජයභා පාසල් සහභගි විය. තිස්සපුර විද්‍යාලය අවසන් පූර්ව වටයේ දි කුරුණෑගල මලියදේව අාදර්ශ මහා විද්‍යාලය තරගවට 2/0 ලෙස පරාජය කරමින්ද, විජයබා ජාතික පාසල අවසන් පූර්ව වටයේදි රුවන්වැල්ල කොටළුගොඩ කන්ද කනිශ්ඨ විදුහල 2/0 ලෙස පරාජය කරමින්ද අවසන් මහා තරගය සඳහා ප්‍රවේශ වන ලදි.

නියමිත වේලාවට මදක් ප්‍රමාද වී, කණ්ඩායම් දෙකම අාරාධිත අමුත්තන් සමඟ අතිනත දීමෙන් අනතුරුව තරගය අාරම්භ විය. කරට කර පැවති තරගයක් වු මෙම බාලිකා තරගය වට 4ක් පුරා දිවගිය අතර අවසානයේදි තරගය වට 3:1 ලෙසින් ජය වාර්තා කිරීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සමත් විය.

එහිදි තරගයේ ප්‍රථම වටය ජය ගැනීමට විජයබා ජාතික පාසල සමත් වූ අතර ඉන්පසු පැවති තරග ත්‍රිත්වයම ජය ගැනීමට අම්පාර උහන පාසල් ක්‍රීඩිකාවන් සමත් විය. ඒ 17/25, 19/25 සහ 17/25ක් ලෙසිනි. තරගය මදක් උණුසුම්කාරී ස්වභාවයක් ගත් අතර දෙපිලම විසින් සිදුකර ගන්නා වු වැරදි අනෙක් කණ්ඩායම සිය වාසියට හරවා ගැනීමට තරම් තීක්ෂණ විය.

  • ප්‍රථම වටය – විජයබා ජාතික පාසල 25 : 17 තිස්සපුර විද්‍යාලය
  • දෙවන වටය – විජයබා ජාතික පාසල 17 : 25 තිස්සපුර විද්‍යාලය
  • තෙවන වටය – විජයබා ජාතික පාසල 19 : 25 තිස්සපුර විද්‍යාලය
  • සිව්වන වටය – විජයබා ජාතික පාසල 17 : 25 තිස්සපුර විද්‍යාලය

තරගයේ තෙවැනි ස්ථානය රුවන්වැල්ල කොටළුගොඩ කන්ද කනිශ්ඨ විදුහලට හිමිවිය.

තවත් වොලිබෝල් පුවත් කියවන්න – පිවිසෙන්න

සුළු මොහොතක විරාමයෙන් අනතුරුව අැරඹි බාලක තරගාවලිය සඳහා මාරවිල සාන්ත සේවියර් මහ විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලබා තිබුනු අතර සාන්ත සේවියර් විදුහල සියඹලාගොඩ නැගෙනහිර මහා විද්‍යාලය සහ රාජසිංහ විදුහල නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල සමග තරග වැද තරග වට 2/0 ලෙස ඔවුන් පරාජය කරමින් අවසන් මහා තරගයේ සිය අසුන වෙන් කර ගැනීමට සමත් විය.

සැබැවින්ම උත්කර්ශවත්, අතිශයින් තරගකාරීත්, තීරණාත්මක වූත් තරගයකට අාරම්භය ලබා දීමට විනිසුරුවරුන් නලා නාද කල අතර අාරම්භයේ පටන් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය. එය මනාවට කියාපාමින් තරගය වට 5ක් දක්වා ගමන් කරන ලදි.

පලමු වටයේ පලමු ලකුණ සේවියර් විදුහල ලබා ගත් අතර ප්‍රථම වටය නිමා වූයේ ඔවුන්ට වැඩි ගෞරය හිමිවෙමිනි. ඉන් අනතරුව පැවති තරග වට දෙකම ජයග්‍රහණය කිරීමට රාජසිංහ විදුහල සමත් විය. ඒ 21/25 සහ 23/25ක් ලෙසිනි. තෙවැනි තරග වටයෙන් පසුව තරගය නිමා කිරීමට ඉඩ නොතැබු සේවියර්ස් විදුහල 25/21 ලෙස එය ජයග්‍රහණය කරන ලදි.

ඉන් අනතුරුව තරගයේ පස්වන වටය ලකුණු 15කට සීමා වු අතර ඉතාමත්ම තියුණු තරගයකින්  11/15 ලෙස රාජසිංහයෝ ජයග්‍රහණය වාර්තා කරමින් කුසලානය සිය පාසල් සෙවනට රැගෙන යාමට සමත් විය.

  • ප්‍රථම වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 25 : 15 රාජසිංහ විද්‍යාලය
  • දෙවන වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 21 : 25 රාජසිංහ විද්‍යාලය
  • තෙවන වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 23 : 25 රාජසිංහ විද්‍යාලය
  • සිව්වන වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 25 : 21 රාජසිංහ විද්‍යාලය
  • පස්වැනි වටය – ශාන්ත සේවියර්ස් විද්‍යාලය 11 : 15 රාජසිංහ විද්‍යාලය

තරගයේ තෙවැනි ස්ථානය නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහලට හිමිවිය.

තරගයේ ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

තරගය අවසානයේ බාලක සහ බාලිකා අංශයන්හි පාසල් ත්‍රිත්වයටම සහතික පත්‍ර පිරි නැමීම සිදුවු අතර එහිදි,

  • හොදම Setter ක්‍රීඩිකාව – චිවන්කි මධුමාලි (උහන තිස්සපුර විදුහල)
  • හොදම Setter ක්‍රීඩකයා – නිපුන් එදිරිසිංහ (රාජසිංහ විදුහල)
  • ‍හොදම ප්‍රහාරක ක්‍රීඩිකාව –  කෞමදි විජේවීර (විජයබා විදුහල)
  • හොදම ප්‍රහාරක ක්‍රීඩකයා – එම්. ඒ. එච්. ජි. ලක්ෂාන් (සාන්ත සේවියර් විදුහල)
  • දක්ෂතම ක්‍රීඩිකාව – අමන්දි භාග්‍යා බාලසූරිය (තිස්සපුර විදුහල් නායිකා)
  • දක්ෂතම ක්‍රීඩිකයා – කවිශ්ක මදුශංක (රාජසිංහ විදුහල)

යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍රවිය.

අවසන් මහා තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය අද (16) පැවැත්වෙන අතර 16න් පහල සහ 18න් පහල බාලක බාලිකාවන් අද දිනයේදි ශූරතාවයට තරග වදිනු අැත. තරග සියල්ල මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට