ගෙවුණු දවස දෙසැම්බර් 30 – තියුණු සටනකට පසුව නාවිකයෝ පළිය ගනී

308

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

සුරාජ් රන්දිව්ගෙන් දැවැන්ත ශතකයක්

දකුණත් පිතිකරු ඕෂද ප්‍රනාන්දුගේ අති දැවැන්ත ඉනිමත්, වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක චානක කොමසාරුගේ විස්මිත පන්දු යැවීමත් නිසා ඊයේ (30) සුපිරි ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හැකි විය.

ඒ හැරෙන්නට ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණිය නියෝජනය කරමින් පැවති අනෙක් තරග ත්‍රිත්වය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 314 (පන්දුවාර 99): තරංග පරණවිතාන 123, දිනෙත් තිමෝද්‍ය 57, ශාලික කරුණානායක 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, විකුම් සංජය 3/63, හිමේෂ් රත්නායක 2/39, සුරාජ් රන්දිව් 2/81.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 106.5): සුරාජ් රන්දිව් 152*, ශශීන් දිල්රංග 84, ප්‍රමෝද් මධුශාන් 5/85, ජීවන් මෙන්ඩිස් 3/74.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 234 (පන්දුවාර 53): ජීවන් මෙන්ඩිස් 100*, තරංග පරණවිතාන 60, මනෝජ් සරත්චන්ද්‍ර 40, ටී.එම්. සම්පත් 2/68.

තරග සියල්ලේම වාර්තාව: ඕෂදට ද්විත්ව ශතකය අහිමියි; වරායට සහ හලාවතට දැවැන්ත ජයග්‍රහණ


ලංකන් පරදා ජය කුරුණෑගලට

තීරණය  කුමකින් කුමක්වේ දැයි අවසානය දක්වාම කිව නොහැකි වූ මීගමුව ක්‍රිකට් සමාජය සහ කළුතර නාගරික සමාජය අතර කදිරානේ දී ඊයේ (30) නිමා වූ Tier B තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ තරගයේ ජයග්‍රහණය සඳහා කළුතර ක්‍රීඩකයන්ට එක් ලකුණක අඩුවකිනි.

ලන්කන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 248 (83.1) ශෂීන් ප්‍රනාන්දු 55, චානක රුවන්සිරි 81, දිනුෂ්ක මාලන් 32, රජීව වීරසිංහ 31, කේශාන් විජේරත්න 2/28, ශිවකුමාර් ටිරෝන් 2/44, රුවන්ත ඒකනායක 2/51, තුසිත් ද සොයිසා 2/62

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (123.2) මලිත් කුරේ 40, ධනුෂ්ක ධර්මසිරි 52, හෂාන් ප්‍රභාත් 25, රුවන්ත ඒකනායක 51, කල්හාන් සිනෙත් 21, නවින් කවිකාර 3/67, රජිව වීරසිංහ 3/80, චානක රුවන්සිරි 2/40

ලන්කන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 224 (61.0) ලක්ෂාන් රොද්‍රිගෝ 32, මධුරංග සොයිසා 23, දිනුෂ්ක මාලන් 32, රජීව් වීරසිංහ 54(92-7) නවීන් කවිකාර 36, තුසිත් ද සොයිසා 2/55

තරග සියල්ලේම වාර්තාව: මීගමුව සහ කළුතර අතර තරගයේ ලකුණු සමවේ


    රග්බි    

නාවිකයින් පළිය ගනී

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තරගයක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් අතර තරගය ඊයේ (30) වැලිසර නාවික හමුදා රග්බි පිටියේ දී පැවැත්විය.

ඉතා උණුසුම් අවසානයක් සටහන් කරමින් පළමු වටයේ ලකුණු පුවරුව කණපිට හරවා අවසානයේ ලකුණු 27-24ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය: CH & FC 17 (1T 1PT 1C 1P) – 10 (1T 1C 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ කාලය: CH & FC 24 (1PT 2T 2C 1P) – 27 (3T 3C 2P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: රවීන් ද සිල්වා (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ තරග වාර්තාව: නාවිකයන් CH පිටියේ ලකුණු පුවරුව වැලිසරට ඔසවා ගෙන එයි


මහනුවරින් පොලිසියට තියුණු ප්‍රහාරයක්

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ අවසන් තරගය ඊයේ (30) මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල දී පැවති අතර එහි දී ලකුණු 61-20ක් ලෙස පොලිසිය පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 06 – 28 මහනුවර ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 20 (2T ,2C ,2P ) – 61 (9T, 8C) මහනුවර ක්‍රීඩා සමාජය

සම්පූර්ණ තරග වාර්තාව: මහනුවර ප්‍රහාරයෙන් පොලිසියට දැඩි අලාභ හානි

දිනයක අවසානය