B කාණ්ඩයේ අවසන් සතියේ 86-06ක දැවැන්ත ජයක් ලැබුවේ කවුද?

749

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයෙන් තරග වදින පාසල් අතර පසුගිය සතියේ පැවතී තරග නිමා වූයේ පහත පරිදියි.

අපරාජිතයින්ගේ සටනින් ඉසිපතනය පරාජය වෙයි

ලකුණු 18-17ක් ලෙස ඉතාමත් තියුණු අවසානයක් සමඟින් නිමාව දුටු, මරදාන සාන්ත ජෝසප් සහ….

ආනන්ද විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගයෙන් ලකුණු 33-05ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සත්කාරක ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. එය ආනන්ද විද්‍යාල කණ්ඩායම මෙම තරගාවලියේ ලද ප්‍රථම ජයග්‍රණයයි. ආනන්දයින්ට එරෙහිව කහ කාඩ්පතකින් ආරම්භ වූ තරගයේ මද වෙලාවක් ගතවෙද්දී ආනන්දීය කණ්ඩායම ලකුණු දඩයම ආරම්භ කළේය. තරගය අවසන් වන තුරු බෙනඩික්වරුන්ව තම අණසක යටතේ තබා ගනිමින් ක්‍රීඩා කළ ආනන්දීය කණ්ඩායම තරගය අවසන් වෙද්දී මෙම තරගාවලියේ තම ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

විද්‍යාර්ථ විදුහල හා ධර්මරාජ විදුහල අතර තරගයෙන් ලකුණු 22-20ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට ධර්මරාජ ක්‍රීඩකයෝ සමත් වූහ. කණ්ඩායම් දෙකම පලඟ ශූරතාවයට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව මග පාදාගත් අතර තරගයේ අවසන් මොහොත දක්වාම ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටීමට විද්‍යාර්ථ ක්‍රීඩකයන්ට හැකි විය. අවසන් මොහොතේ දී Line Out අවස්ථාවක් භාවිතා කරමින් මෙම තරගය ජය ගැනීමට ධර්මරාජ කණ්ඩායම සමත් විය.

තර්ස්ටන් විදුහල හා මහානාම විදුහල අතර තරගය ලකුණු 24-20ක් වශයෙන් තියුණු ජයක් අත්කරගැනීමට සත්කාරක තර්ස්ටන් විදුහල් කණ්ඩායම සමත් විය. දඬුවම් පහරවලින් පිරී ඉතිරී ගිය තරගයක් වූ මෙම තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ඉදිරියෙන් සිටියේ මහානාම කණ්ඩායමයි. එනමුත්  මහානාමයින් වෙත පීඩනයක් එල්ල කරමින් ක්‍රම ක්‍රමයෙන් ලකුණු රැස්කළ තර්ස්ටන් කණ්ඩායම අවසානයේ දී දඬුවම් පහර 4ක් ද සමඟින් තරගය ජය ගන්නේ ප්‍රථම අර්ධයේ ඉදිරියෙන් සිටි මහානාමයින් කඳුළු සයුරක ගිල්වමිනි.

>>​ගල්කිස්සේ ආක්‍රම​ණ​යට ඇතුගල්පුර තුර​ඟු​න්​ යටත් ​වේ

ශ්‍රී සුමංගල විදුහල හා රිච්මන්ඩ් විදුහල අතර තරගයෙන් 86-06ක පහසු ජයක් අත්කර ගැනීමට සුමංගල විදුහල් කණ්ඩායමට හැකි විය. තරගයේ ආරම්භයේ පටන් රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට මහත් හිසරදයක් වූ සුමංගල ක්‍රීඩක . වීරකෝන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළ අතර සුමංගල කණ්ඩායමේ ක්‍රීඩකයින් 10 දෙනෙකුම උත්සාහක දිනුම් වාර්තා කර තිබීම විශේෂත්වයකි. උත්සාහක දිනුම් 13ක් හා ප්‍රවර්තන 5ක් සමඟින් සුමංගලයින් ලකුණු 86ක් රැස්කර ගනිද්දී, රිච්මන්ඩ්වරුන්ට හැකි වූයේ දඬුවම් පහර දෙකක් සමඟින් ලකුණු 6ක් පමණි.

සී. ඩබ්. ඩබ්. කන්නන්ගර හා මහනුවර සිල්වෙස්තර විදුහල අතර තරගයෙන් ලකුණු 47-00ක් ලෙස පහසු ජයක් අත් කර ගැනීමට සිල්වෙස්තර කණ්ඩායම සමත් විය. තරගය තුළ දී කන්නංගරයින්ට කිසිදු බුරුලක් නොදෙමින් සිල්වෙස්තරයින් ක්‍රීඩා කළ අතර එහි සිල්වෙස්තර ක්‍රීඩක උදයකාන්ත මදුභාතිය පහසුවෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් රැස් කළේය. උත්සාහක දිනුම් 7ක් හා ප්‍රවර්තන 6කින් ලකුණු 47ක් සිල්වෙස්තරයින් රැස්කළ අතර ඔවුහු කන්නංගරයින්ට කිසිදු ලකුණක් හෝ රැස් කිරීමට ඉඩ නොදීමට වග බලාගත්හ.

අන්තෝනිවරුන් ගිලිහෙමින් තිබූ සිය ගෞරවය රැක ගනියි

2019 ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලාන ශූරතාවලියේ පළමු වටයේ එක් තරගයක් අද (30)….

ඩී. එස්. සේනානායක විදුහල හා ලුම්බිණි විදුහල අතර තරගයෙන් ලකුණු 38-10ක පහසු ජයක් අත් කර ගැනීමට ඩී. එස් ක්‍රීඩකයන්ට හැකි විය. ප්‍රථම අර්ධයේ ලුම්බිණි ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 10ක් වාර්තා කරගෙන සිටි අතර පළමු අර්ධය අවසන් වීමට සුළු මොහොතකට පෙර උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට DS ක්‍රීඩකයින් සමත් වෙන්නේ ලකුණු දෙකකින් ඉදිරියෙන් සිටිමිනි.

දෙවන අර්ධයේ දී කිසිවකු නොසිතූ ලෙසින් තරගය ආක්‍රමණය කිරීමට ඩී. එස් ක්‍රීඩකයෝ සමත් වූ  අතර එහි දී කිසිදු ලකුණක් ලුම්බිණි ක්‍රීඩකයින්ට රැස් කිරීමට ඉඩ නොදීමට ද වග බලාගත්හ. තරගය අවසානයේ දී උත්සාහක දිනුම් 6ක් හා ප්‍රවර්තන 4කින් ලකුණු 38ක් එක් කර ගැනීමට ඩී. එස් ක්‍රීඩකයෝ සමත් වූහ.  ලුම්බිණි ක්‍රීඩකයින්ට ප්‍රථම අර්ධයේ රැස්කර ගත් උත්සාහක දිනුම් දෙකෙන් පමණක් සෑහීමට පත්වීමට සිදු විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<