සතියක නිහැඬියාවකින් පසු සුමංගලයින් පරාජයේ අවමානය දියකර හරියි

1213

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘බී කාණ්ඩය’ යටතේ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර අද (31) පල්ලෙකැලේ දී පැවති තරගයෙන් ලකුණු 80ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පසුගිය සතියේ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් පරාජයට පත් වූ ප්‍රබල මහනුවර සුමංගල විද්‍යාලය සමත් විය.  

සිල්වෙස්තර ක්‍රීඩකයෝ කන්නංගරයින් බිංදුවටම මෙල්ල කරති

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ අවසන් සතියේ තරගයක් අද (31) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ සත්කාරක සී. ඩබ්. ඩබ්. කන්නංගර…

ගෙවී ගිය සතියේ ලකුණු 31-22ක් ලෙසින් ඩී. එස්. කණ්ඩායමෙන් අනපේක්ෂිත පරාජයකට ගොදුරු වූ සුමංගලයින් එම පරාජයේ අඩුපාඩු මඟ හරවා ගනිමින් එහි වාඩුව රිච්මන්ඩ් කණ්ඩායම වෙත පැටවූයේ අවසන් ප්‍රතිඵලය 86-06ක් ලෙසින් තරගය අවසන් කරමිනි.

මුල් අදියරේ සිටම තරගයේ පාලනය සියතට ගත් සුමංගලයින්ගේ පළමු උත්සාහක දිනුම 2 වන මිනිත්තුවේ දී වාර්තා කළේ ආර්. රාජපක්ෂ විසිනි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

අනතුරුව සුමංගලයේ එම්. ජී. රාමනායක 12 වැනි මිනිත්තුවේ නැවත වරක් ධවල රේඛාව පසුකර යමින් ලකුණු 05ක් එක් කළ නමුත් එහි ද ප්‍රවර්තනය අසාර්ථකයි.

14 වැනි මිනිත්තුවේ යළිත් ධවල රේඛාව මත පන්දුව තැබීමට ඒ. එම්. මන්ත්‍රීගම සමත් වූ අතර එහි ලකුණු සම්පූර්ණ කරමින් සී. ආර්. අල්පොන්සු ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය.

අනතුරුව තරගයේ 22, 27, 32 සහ 35 වැනි මිනිත්තුවල උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමට පිළිවෙළින් යූ. එම්. වීරකෝන්, ආර්. ආර්. ජයතිලක, එම්. වී. මනාස් සහ ඒ. ඩී. ජයසිංහ සමත් විය. එම ලකුණු සියල්ල සම්පූර්ණ කරමින් පළමු ප්‍රවර්තන ත්‍රිත්වය සී. ආර් අල්පොන්සු විසින් සාර්ථක කර ගත් අතර 35 වැනි විනාඩියේ වාර්තා වූ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය යූ. එම්. වීරකෝන් විසින් සාර්ථක කර ගත්තේය. (සුමංගල 45-00 රිච්මන්ඩ්)

අනතුරුව පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ ආර්. ආර්. ජයතිලක විසින් පළමු අර්ධයේ සුමංගල ලකුණු පුවරුවට එක් කළ අවසන් ලකුණු එක් කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළ ද, එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

දඬුවම් පහර වර්ෂාවක් මතින් තර්ස්ටනයිට්වරුන් ජය ලබයි

තරගයේ අවසාන කාල සීමාව තුළ දී මහත් පෙරළියක් සිදු කරමින් ලකුණු 24-20ක් වශයෙන් තියුණු ජයක් හිමි කර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වූයේ තම….

සුමංගලයින්ගේ දැඩි ආක්‍රමණයකට නතුව සිටි රිච්මන්ඩ් ක්‍රීඩකයින් පළමු අර්ධයේ ලබා ගත් එකම ලකුණ සාර්ථක කර ගැනීමට දඬුවම් පහරක් නිවැරදි කර ගත් පී. එච්. ද සිල්වා සමත් විය. පසුව රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හුවමාරු වීමෙන් අනතුරුව පළමු අර්ධය නිමාවට පත් විය. (සුමංගල 50-03 රිච්මන්ඩ්)

පළමු අර්ධය: මහනුවර සුමංගල විද්‍යාලය 50- 03 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

විශාල ලකුණු පරතරයක් සහිතව නිමාව දුටු පළමු අර්ධය හේතුවෙන් රිච්මන්ඩ් ක්‍රීඩකයින් දැඩි පීඩනයකින් සහ බලාපොරොත්තු සහිතව දෙවන අර්ධය වෙනුවෙන් පිටියට පිවිසුණි.

කෙසේ වෙතත් රිච්මන්ඩ් ක්‍රීඩකයින් තබා ගත් බලාපොරොත්තු කිසිවක් සඵල කර ගැනීමට ඉඩ නොදුන් සුමංගලයින් දෙවන අර්ධයේ ද ආක්‍රමණය තීව්‍ර කරමින් තවදුරටත් පීඩනය රිච්මන්ඩ් ක්‍රීඩකයන් දෙසට යොමු කළේය.

දෙපිලේම ක්‍රීඩක හුවමාරු කිහිපයකින් අනතුරුව දෙවන අර්ධයේ සුමංගල ලකුණු පුවරුවට පළමු ලකුණ එක් කිරීමට කේ. ඒ. අබේරත්න සමත් වූ අතර, එහි ප්‍රවර්තනය සුරැකිව සටහන් කිරීමට යූ. එම්. වීරකෝන්ට හැකි විය.

14 වැනි මිනිත්තුවේ සී. ආර්. අල්පොන්සු යළිත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම නිවැරදි කළේය. (සුමංගල 64- 03 රිච්මන්ඩ්)

දෙවන අර්ධයේ 15 වැනි සහ 19 වැනි මිනිත්තුවල නැවත වරක් සුමංගලයින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ ද එහි ප්‍රවර්තන දෙකම අසාර්ථක විය. එම උත්සාහක දිනුම් දෙක වෙනුවෙන් දක්ෂ ධාවනයක යෙදුණේ එස්. එල්. රාජපක්ෂ විසිනි.

සෞම්‍ය අවසන් මොහොතේ විද්‍යාර්ථ බලාපොරොත්තුවලට පයින් ගහයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ ඉතා වැදගත් තරගයක් අද (31) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ මහනුවර ධර්මරාජ විද්‍යාලය…

අසාර්ථක වූ ප්‍රවර්තන දෙකින් අනතුරුව 23 වැනි මිනිත්තුවේ යූ. එම්. වීරකෝන් විසින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම නිවැරදි කර ගන්නා ලදි. අනතුරුව නැවත වරක් දෙපිලේම ක්‍රීඩක හුවමාරු කිහිපයකින් පසුව තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට 28 වැනි මිනිත්තුවේ යළිත් වරක් ක්‍රියාත්මක වූ යූ. එම්. වීරකෝන්ට හැකි විය. නමුත් එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (සුමංගල 86- 03 රිච්මන්ඩ්)

අනතුරුව තරගය පුරාවට රිච්මන්ඩ් ක්‍රීඩකයින් වාර්තා කළ අවසන් ලකුණු 03 රිච්මන්ඩ් පිලේ පී. එච්. ද සිල්වා විසින්ම දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් වාර්තා කළේය.

කෙසේ වෙතත් තරගය පුරාවට දක්ෂ ක්‍රීඩා විලාශයක් ප්‍රකට කළ සුමංගලයින්ට, තරගය පුරා ලබා දුන් එකම කහ කාඩ් පත නිකුත් කිරීමට ප්‍රධාන විනිසුරු ඇලෙක්සැන්ඩර් රවී පියවර ගත් අතර අපරික්ෂාරී ක්‍රීඩා රටාව හේතුවෙන් එම කහ කාඩ් පත හිමිවී පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ යූ. බී. රන්දෙණියටය.

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර සුමංගල විද්‍යාලය 86-06 ගල්කිස්ස රිච්මන්ඩ් විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

  • මහනුවර සුමංගල විද්‍යාලය:  සී. ආර්. අල්පොන්සු (5C, 1T), යූ. එම්. වීරකෝන් (3T, 2C), එස්. එල්. රාජපක්ෂ (2T), ආර්. රාජපක්ෂ (1T), එම්. ජී. රාමනායක 1T, ඒ. එම්. මන්ත්‍රීගම (1T), ආර්. ආර්. ජයතිලක (1T), එම්. වී. මනාස් (1T), ඒ. ඩී. ජයසිංහ (1T), කේ. ඒ. අබේරත්න (1T)
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය: පී. එච්. ද සිල්වා (2P)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<