අන්තෝනිවරුන් ගිලිහෙමින් තිබූ සිය ගෞරවය රැක ගනියි

386
Singer Schools Rugby League 2019

2019 ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලාන ශූරතාවලියේ පළමු වටයේ එක් තරගයක් අද (30) මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර මරදාන සහිරා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර උද්වේගකර සටනකින් අනතුරුව ලකුණු 27-21ක් වශයෙන් මෙහි ජයග්‍රහණය ලබා ගැනීමට සාන්ත අන්තෝනි කණ්ඩායම සමත් වුනා.

ඔලිවර් ගුණතිලක කුසලානය වෙස්ලි ක්‍රීඩකයෝ රැගෙන යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියෙහි පස්වැනි සතිඅන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද

II A ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙකෙහි පසු වූ දෙපිළම මෙතෙක් ක්‍රීඩා කළ සියලුම තරග පරාජයට පත් වී සිටියා. එම නිසා සහිරාවන් සහ අන්තෝනිවරු ගිලිහි යමින් තිබූ සිය රග්බි අභිමානය රැක ගැනීම උදෙසා කරන සටනක් වශයෙන් සලකමින් තරගයේ නිරත වූයේ දැඩි උද්වේගකාරී විලාසයකින්.

තරගයේ මුල් කාලයේ දී උත්සාහක දිනුමක් ලබා ගැනීමට තිබූ ආසන්න අවස්ථාවක් අන්තෝනි ක්‍රීඩක මතීෂ අමරසිංහ හට ගිලිහි ගියේ ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් ඊට හරස් වීම නිසයි. මේ අතරවාරයේ දී තරගයේ 10 වැනි මිනිත්තුවේ දී පිටියේ මධ්‍ය රේඛාවට ආසන්නයේ සිට ක්‍රියාත්මක කළ දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට සහිරා ක්‍රීඩක එස්. ඒ. සලාම් සමත් වුනා. (සහිරා 03-00 සාන්ත අන්තෝනි)

තරගයේ ආරම්භයේ පටන්ම ජවසම්පන්නව ක්‍රීඩාවෙ නිරත වූ අන්තෝනි පිළ පිටියේ වාසිය සියතට ගනිමින් ගෝලය දෙසට යම් ත්වරණයක් ලබා ගන්නට විය. ටී. එමෑනුවෙල් සහ එස්. වසීම් එකිනෙකා අතර පන්දුව හුවමාරු කර ගනිමින් ඉදිරියට ගිය අතර ඔවුන් වෙතින් පන්දුව සියතට ලබා ගත් එච්. ශිවාක් පැති රේඛාවක් ඔස්සේ දිව යමින් උත්සාහක දිනුම් රේඛාවට ආසන්න වත්ම, සහිරා ක්‍රීඩකයෙකු ඔහුව පිටියෙන් ඉවතට ඇද දැමුවේ ලකුණු රැස් කිරීමට තිබූ හොඳ අවස්ථාවක් ව්‍යර්ථ කරමින්.

සහිරා ක්‍රීඩකයෙකුගේ අතින් සිදු වූ off side ක්‍රියාවක් හේතුවෙන් විනිසුරු ලබා දුන් දඬුවම් පහරක් නිසි ඉලක්කයට එල්ල කිරීමට ටී. ඒ. ඒකනායක අපොහොසත් වීම නිසා නැවත වතාවක් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ අරමුණ ඉටු වූයේ නැත. නමුත් කෙසේ හෝ ප්‍රතීවාදීන් මග හරිමින් ගෝල රේඛාව වෙත දිව ගොස් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට අන්තෝනි නායක මකාරිම් හට හැකි විය. එහි ප්‍රවර්තනය ටී. ඒ. ඒකනායක විසින් සාර්ථක කර ගනු ලැබුවා. (සහිරා 03-07 සාන්ත අන්තෝනි)

අපරාජිතයින්ගේ සටනින් ඉසිපතනය පරාජය වෙයි

ලකුණු 18-17ක් ලෙස ඉතාමත් තියුණු අවසානයක් සමඟින් නිමාව දුටු, මරදාන සාන්ත ජෝසප් සහ කොළඹ ඉසිපතන විදුහල් අතර

තරගයේ විසි වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ලකුණු ලබා ගැනීමත් සමඟම ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන් කෙසේ හෝ ලකුණු ලබා ගැනීමේ අරමුණ ඇතිව ඉදිරියට ඇදුණු සහිරා ක්‍රීඩකයින් හට මිනිත්තු පහක් ඇතුළත ලැබුණු දඬුවම් පහරවල් දෙකක් සාර්ථක ලෙස ගෝල කණු අතරින් එල්ල කිරීමට එස්. ඒ. සලාම් සමත් වුනා.

සහිරාවන්ගේ මෙම වේගවත් ලකුණු ලබා ගැනීමත් සමඟ කලබලයට පත් වූ බවක් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් වෙතින් දිස් වූ අතර එම නිසාවෙන්දෝ ඔවුන් අතින් කිහිප විටක් පිටිය තුළ දී ප්‍රතිවාදීන් හට වාසි වන අන්දමින් අත්වැරදීම් සිදුවනු දක්නට ලැබුණා. නමුත් මෙම අර්ධයේ දී කිසිදු උත්සාහක දිනුමක් ලබා ගැනීමට සහිරා විද්‍යාලයට හැකි වූයේ නැත.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 09 – 07 සාන්ත අන්තෝනි විද්‍යාලය

විවේකයෙන් පසු පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය තරමක් නැවුම් බවක් පෙන්නුම් කළ අතර පන්දුව වෙත එල්ල වූ ටී. ඒ. ඒකනායකගේ සුපිරි පා පහරවල් වල සහයෙන් වේගවත් ඉදිරි ගමනකට ඉඩ සලසා ගත් අන්තෝනීන් සිය ගෝලය ආක්‍රමණය කරන්නට වූවා.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දහයක් ගත් වීමට මත්තෙන් නැවත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඔවුන් සමත් වුනා. මෙහි දී පන්දුව ඩැහැ ගත් තීක්ෂ ගුණසිංහ ගෝලය වෙත යමින් මධ්‍ය රේඛාව ආසන්නයේ දී නායක මකාරිම් හට පන්දුව පිරිනැමූ අතර ඔහු වේගවත් ධාවනයක් සිදු කරමින් නැවතත් පන්දුව ඒකනායක හට බාර දුන්නේ ගෝල රේඛාවට මීටර 30ක් පමණ එපිටින් ය. ඒ විගසම ක්‍රියාත්මක වූ ටී. ඒ. ඒකනායක පන්දුව රැගෙන ගොස් මනරම් උත්සාහක දිනුමක් වාර්තා කළේ එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම ලබා ගනිමිනි. (සහිරා 09-14 සාන්ත අන්තෝනි)

මේ අතර උත්සාහක දිනුමක් ලබා ගැනීමේ පිපාසාවෙන් යුතුව හැකි වෙර දරමින් ගෝලය වෙත ගමන් කළ සහිරා විද්‍යාලය වෙත ඉහළ ප්‍රතිරෝධයක් එල්ල කිරීමට සාන්ත අන්තෝනි ආරක්ෂක පෙළ පියවර ගත්තා.

ශීඝ්‍ර ලකුණු ලබා ගැනීමක නිරත වූ ආගන්තුක කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් ලබා ගත්තා. එහි දී උෂාන් සචින්තගේ සහය ඇතිව පැති රේඛාවක් ඔස්සේ දිව යමින් ගෝලය වෙත ගමන් කර යූ. කේ. ජයසූරිය එම ලකුණු සංඛ්‍යාව සිය විද්‍යාලයේ නමට බැර කළා. නමුත් එහි ප්‍රවර්තනය නිවැරදිව එල්ල කිරීමට ඒකනායක අපොහොසත් වුනා. (සහිරා 09-19 සාන්ත අන්තෝනි)

වසර 5කට පසු රාජකීය බළකොටුවට බම්බලපිටියෙන් ප්‍රහාරයක්

වසර 5කට පසු කොළඹ රාජකීය විද්‍යාලය සමග පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය ජය ගනිමින් බී. සී. අන්ගී කුසලානය

පිට පිට උත්සාහක දිනුම් ලබා ගනිමින් සිය ලකුණු පුවරුව වේගයෙන් ඉහළ දැමීමට අන්තෝනි ක්‍රීඩකයින් කටයුතු කළා. තරගයේ වාසිය තමන් සතුව ඇති බව දැන සිටි ඔවුන් පීඩනයක් නොගෙන ආක්‍රමණශීලී ලෙස තරගයේ නිරත වූවා.

සහිරා ගෝලය පස පන්දුව සමඟ පොර බදිමින් සිටිය දී තීක්ෂ ගුණසිංහ විසින් විසින් පිරිනැමු පන්දුව රැගෙන මීටර 60ක පමණ දුරක් සුපිරි ධාවනයක නිරත වෙමින් ගොස් සිය කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට යූ. කේ. ජයසූරිය සමත් වූවද නැවත වතාවක් ඒකනායකගේ ප්‍රවර්තනය ව්‍යර්ථ විය. (සහිරා 09-24 සාන්ත අන්තෝනි)

මේ වන විට දරුණු පසු බෑමකට ලක්ව සිටි සහිරා ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදීන්ගේ දැඩි තරග රටාව හමුවේ අසරණ වන බවක් දිස් වූව ද විටෙන් විට තර්ජනාත්මක ලෙස තරගය තුළ ඉස්මතු වූවා. සිය ගෝලයට ආසන්න ස්ථානයක දී ස්ක්‍රම් අවස්ථාවක වාසිය ලබා ගනිමින් රෝලින් මෝල් ක්‍රමයට පන්දුව සමඟ සඟයින් මෙහෙය වූ සහිරාවන් සාන්ත අන්තෝනී ඉදිරිපෙළ පසු බස්සවමින් ගෝල රේඛාව වෙත කඩා වැදුණු අතර එම්. මිර්සාන් උත්සාහක දිනුම වාර්තා කළා. නමුත් මෙහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (සහිරා 14-24 සාන්ත අන්තෝනි)

තරගයේ අවසාන මිනිත්තු කිහිපය මේ වන විට ගත වෙමින් තිබූ අතර සුළු ලකුණු පරතරයක් ඇතිව සිටි නිසා දෙපිළේම ක්‍රීඩකයින් උද්වේගකාරී සටනක් දියත් කරනු ලැබුවා. මේ අතරතුර දී ලැබූ දඬුවම් පහරකින් තවත් ලකුණු 03ක් සිය ලකුණු පුවරුවට එකතු කිරීමට ටී. ඒ. ඒකනායක පියවර ගත්තා.

පන්දුව කණ්ඩායම් ද්විත්වය අතර මොහොතක් දෝලනය වෙමින් තිබූ අතර එක ඩැහැ ගත් සහිරා ක්‍රීඩකයින් සාමූහික ප්‍රයත්නයක් දරමින් සිය ගෝල රේඛාවට ළඟා වුවද ලකුණු ලබා ගැනීමට කිසිදු ඉඩක් ලබා දීමට අන්තෝනි ආරක්ෂක බැම්ම ඉඩ තැබුවේ නැත. කෙසේ හෝ මහත් අරගලයක් අවසානයේ සහිරා විද්‍යාලයේ උත්සාහක දිනුමට නීති විරෝධී ආකාරයෙන් අන්තෝනි ක්‍රීඩකයෙකු හරස් වීම නිසා විනිසුරු විසින් ඔවුන්ට දඬුවම් උත්සාහක දිනුමක් පිරිනැමුවා.

ඉන් විනාඩියකට පමණ පසුව තරගය නිමා වීමේ සංඥාව විනිසුරු විසින් නිකුත් කළා සාන්ත අන්තෝනි විද්‍යාලය හට තරගයේ ජයග්‍රහණය හිමි කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 21 – 27 සාන්ත අන්තෝනි විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • සාන්ත අන්තෝනි: යූ. කේ. ජයසූරිය 2T, ටී. ඒ. ඒකනායක 1T 2C 1P, එම්. මකාරිම් 1T
  • සහිරා: එස්. ඒ. සලාම් 3C, එම්. මිර්සාන් 1T

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<