සෞම්‍ය අවසන් මොහොතේ විද්‍යාර්ථ බලාපොරොත්තුවලට පයින් ගහයි

2236

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ ඉතා වැදගත් තරගයක් අද (31) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතරයි. ඉතා තියුණු තරගයකට පසු ධර්මරාජ විද්‍යාලය අවසන් තත්පරයේ දී ලකුණු 22-20ක් ලෙස විද්‍යාර්ථ බලය බිඳින්නට සමත් විය.

උත්සාහක දිනුම් වැස්සකින් ත්‍රිත්වයන් පල්ලෙකැලේ ආක්‍රමණය කරයි

සිංගර් අන්තර් පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ කාණ්ඩය’ යටතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ප්‍රතිවාදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවති තරගයෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා…

මේ තරගය ධර්මරාජ විද්‍යාලයට ඉතා වැදගත් වූයේ පළඟ ශූරතාවයට පිවිසීමට නම් මේ තරගයේ ජය අත්‍යාවශ්‍යව තිබූ නිසයි. අනෙක් අතර විද්‍යාර්ථ විද්‍යාලයට මේ තරගය ඉතා වැදගත් වුනේ, නම් දරා සිටි විද්‍යාර්ථ කණ්ඩායම 2017 හා 2018 යන වසර ද්විත්වයම ධර්මරාජය හමුවේ නොසිතූ ලෙස පරාජය වී සිටි බැවිනි.

තරගය ආරම්භයෙන් මිනිත්තු තුනක් ගත වෙද්දී ධර්මරාජ ක්‍රීඩක තරින්ද කපුවත්ත විශිෂ්ට ධාවනයක යෙදෙමින් පන්දුවත් සමඟ ඉදිරියට ඇදුණු නමුත් ඔහුගේ උත්සාහ ධවල රේඛාව පෙනෙන මානයේම ව්‍යර්ථව ගියේ ධර්මරාජ ඉදිරිපෙළ ක්‍රීඩකයින් විසින් පන්දුව අ‍ෙහැරීම නිසාවෙනි.

ධර්මරාජ ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ යොදාගෙන දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර 6 වැනි මිනිත්තුවේ දී විද්‍යාර්ථ කණ්ඩායමේ සුපිරි ආරක්ෂක ක්‍රීඩා විලාසය නිසා ඔවුන්ට හිස් අතින් නැවත හැරී එන්නට සිදු විය.

10 වැනි මිනිත්තුවෙන් පසු මෙතෙක් වෙලා නිදා සිටි වේගවත් විද්‍යාර්ථ පසුපෙළ අවදි වූ අතර ඔවුන් දිගින් දිගටම ධර්මරාජ කණ්ඩායම දැඩි අභියෝගයක් එල්ල කළේ ඔවුන්ව තමන්ගේම අර්ධයට සීමා කරමිනි.

විද්‍යාර්ථ ඉදිරිපෙළ ක්‍රීඩකයින්, ධර්මරාජයට ලැබුණු ස්ක්‍රම් අවස්ථාවකට පසු පන්දුව සොරා ගෙන සිය පසු පෙළට භාර දුන් අතර වේගවත් ඒ. එච් රත්නායක සුපිරි ධාවනයක යෙදෙමින් ලකුණු රැස් කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ධර්මරාජ 00-05 විද්‍යාර්ථ)

ආනන්දීයයන් සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි

2019 අන්තර් පාසල් සිංගර් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ආනන්ද විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර අද (31) පැවැත්වුණේ ආනන්ද විද්‍යාලයීය…

අනතුරුව විද්‍යාර්ථ පසු පෙළ කිහිපවරක්ම අලංකාර ධාවනයන් සමඟින් ලකුණු ලබා ගැනීමට උත්සාහක කළත් 29 වැනි මිනිත්තුව වන තුරු කෙසේ හෝ වේගවත් පසුපෙළ ධවල රේඛාවෙන් මෙපිටට සීමා කරන්නට ධර්මරාජ ආරක්ෂක ක්‍රීඩකයින් සමත් විය.

29 වැනි මිනිත්තුවේ දී ධර්මරාජ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයාගේ පන්දුවට පා පහර දීමක් අවහිර කළ සී. බී. කළුආරච්චි පන්දුව රැකගෙන පවනට බඳු වේගයෙන් ධවල රේඛාව තරණය කළේ ධර්මරාජයට දැඩි පීඩනයක් එල්ල කරමිනි. කළුආරච්චි එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තේ නැත. (ධර්මරාජ 00-10 විද්‍යාර්ථ)

කෙසේ වෙතත් 34 වැනි මිනිත්තුවේ දී ධර්මරාජයට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සෞම්‍ය විජේසිරි ලකුණු රැස් කිරීම ආරම්භ පළමු අර්ධය ලකුණු සමඟින් නිමා කරමින්.

පළමු අර්ධය: ධර්මරාජ විද්‍යාලය 03 (1P) -10 (2T) විද්‍යාර්ථ විද්‍යාලය

පීඩනයට ලක්ව සිටියත් නව පණක් ලබා දෙවන අර්ධය ආරම්භ කළ ධර්මරාජ ක්‍රීඩකයෝ දෙවන අර්ධය ලකුණු සමඟින්ම ආරම්භ කිරීමට සමත් විය. ධර්මරාජ wing ක්‍රීඩක කසුන් කරුණාරත්න පිටිය කොනෙන් පන්දුව සමඟ සුපිරි ධාවනයක යෙදී ධවල රේඛාව ඉක්මවා යද්දී ඔහුව හඹා ආ විද්‍යාර්ථ ක්‍රීඩකයා ඔහුට භයානක බාධා කිරීමක් කළ නිසා විනිසුරු ධර්මරාජයට දඬුවම් උත්සාහක දිනුමක් පිරිනැමීමට තීරණය කරන ලදි. (ධර්මරාජ 10-10  විද්‍යාර්ථ)

අනතුරුව සෞම්‍ය විජේසිරි පෙරමුණ ගැනීම සඳහා නැවත වතාවක් දඬුවම් පහරක් සඳහා උත්සාහය දරූවත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

ඔලිවර් ගුණතිලක කුසලානය වෙස්ලි ක්‍රීඩකයෝ රැගෙන යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියෙහි පස්වැනි සතිඅන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (30) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා…

කෙසේ වෙතත් විද්‍යාර්ථ පසු පෙළ භයානක ආක්‍රමණ කිහිපයකම නිරත වූ අතර 56 වන මිනිත්තුවේ දී රත්නායක ධවල රේඛාව පසු කළත් විනිසුරු තීරණය කළේ ඔහු පැති රේඛාව ස්පර්ශ කරමින් පන්දුව පිටියෙන් ඉවතට යැවූ බවයි. අනතුරුව 57 වැනි මිනිත්තුවේ දී සී. බී කළුආරච්චි දඬුවම් පහරක් මගින් ලකුණු තුනක් එකතු කළේ තරගයේ පෙරමුණ විද්‍යාර්ථයට ගෙනෙමිනි. (ධර්මරාජ 10-13 විද්‍යාර්ථ)

විද්‍යාර්ථ පසුපෙළ මුලා කළ රණවිරසිංහ පිටියේ දකුණු කෙළවරින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ දෙපසට දෝලනය වූ තරගයේ වැඩි වාසි නැවත වරක් ධර්මරාජයට ගෙනෙමිනි. සෞම්‍ය හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. (ධර්මරාජ 15-13 විද්‍යාර්ථ)

අවසන් මිනිත්තු 10 ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන මිනිත්තු 10 වනු නොඅනුමානය. තරගාවසානයට මිනිත්තු 6ක් තිබිය දී විද්‍යාර්ථයට දඬුවම් පහරක් ලැබුණු අතර එය Line out අවස්ථාවක් බවට පරිවර්තනය කර ගත් ඔවුන් පිටිය කොනෙන් ලකුණු රැස් කරන්නේ තරගයේ ජය ගැනීමට එය ප්‍රමාණවත් වූ බව සිතමිනි.

චිරන්ත කළුආරච්චි එම උත්සාහක දිනුම වාර්තා කළ අතර ඉතා අපහසු ප්‍රවර්තනයක් ඔහුම ප්‍රවර්තනය කරන්නේ විද්‍යාර්ථ ප්‍රේක්ෂකයින් අමන්දානයන්දයට පත් කරමිනි. (ධර්මරාජ 15-20 විද්‍යාර්ථ)

කෙසේ වෙතත් අධිෂ්ඨානශීලී ධර්මරාජ ක්‍රීඩකයින් හමුවේ විද්‍යාර්ථ ක්‍රීඩකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද සතුට වැඩි වේලා තිබුණේ නැත. අවසන් මිනිත්තු දෙකේත් තමන්ට තරගය වෙනස් කළ හැකි බව පෙන්වමින් ධර්මරාජ ඉදිරිපෙළ තරගය නැවත ආරම්භයෙන් පසු පන්දුව දිනා ගත් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගත් අතර ඔවුන් පියවරෙන් පියවර ඉදිරියට ඇදුණේ පන්දුව තමන්ගේ අතම තබා ගනිමිනි.

අන්තෝනිවරුන් ගිලිහෙමින් තිබූ සිය ගෞරවය රැක ගනියි

2019 ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලාන ශූරතාවලියේ පළමු වටයේ එක් තරගයක් අද (30) මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර මරදාන…

විද්‍යාර්ථ ක්‍රීඩක නිරෝධ හට කහ කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේ ඔහුගේ අනවශ්‍ය බාධා කිරීමක් හේතුවෙනි. ඉන් ලැබුණු දඬුවම් පහර සෞම්‍ය අලංකාර ලෙස පිටියෙන් ඉවතට යොමු කළ අතර Line out අවස්ථාව සාර්ථක කර ගත් පසු ධර්මරාජ ක්‍රීඩකයින් ඉතා ඉවසීමෙන් පන්දුව රැගෙන ධවල රේඛාව ඉක්මවා ගියේ මිනිත්තු දෙකකට දැල්වුණු විද්‍යාර්ථ බලාපොරොත්තු නිමා දමමිනි. නායක මනුක හියාරපිටිය ඉතා ඉවසීමෙන් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර අමතර ලකුණු හා ජයග්‍රහණයේ වගකීම පැටවුණේ පන්දුවට පා පහර දෙන සෞම්‍ය විජේසිරි මතයි.

ඉතා සංයමයෙන් අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර යැවූ සෞම්‍ය විජේසිරි විද්‍යාර්ථ පරාජයට අවසන් ඇණය ද ගැසුවේ අඛණ්ඩව තෙවන වසරටත් විද්‍යාර්ථයට පරාජය හිමි කර දෙමිනි.

  • තරගයේ වීරයා – තරින්ද කපුවත්ත (ධර්මරාජ)

අවසන් ලකුණු තත්වය: ධර්මරාජ විද්‍යාලය 22 (1PT, 2T, 1P, 1C) – 20 (3T, 1P, 1C) විද්‍යාර්ථ විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ධර්මරාජ විද්‍යාලය – රණවීරසිංහ (1T), මනුක හියාරපිටිය (1T), සෞම්‍ය විජේසිරි (1P, 1C)
  • විද්‍යාර්ථ විද්‍යාලය – චිරන්ත කළුආරච්චි (1T, 1P, 1C), ඒ. එච් රත්නායක (1T), සී. කළුආරච්චි(1T)   

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<