Home Sinhala නජ්මුල්ගේ නායකත්වයේ ශතකය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි!

නජ්මුල්ගේ නායකත්වයේ ශතකය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි!

147
Bangladesh Cricket

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය අද (27) ආරම්භ වූයේ කුල්නා හිදීයි. එහිදී බංග්ලාදේශ නැගී එන පිළේ නායක නජ්මුල් හොසේන් වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් පළමු දිනයේ වැඩි වාසි අත්පත් කර ගැනීමට බංග්ලාදේශ පිළට හැකිවිය. මේ වනවිට ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 233කි.

පැතුම්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!

ශ්‍රී ලංකාව සතු වටිනාම යොවුන් ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම නම කියවෙන ක්‍රීඩකයෙකු වන පැතුම්…

අද තරගයේ ආරම්භයම බංග්ලාදේශ පිළේ වාසනාවට හරවා දෙමින් කාසිය දිනා ගැනීමට නායක නජ්මුල් හොසේන් සමත් විය. ඒ අනුව ඔහුගේ තීරණය බවට පත්වූයේ මුලින් පිතිකරණයේ යෙදීම වඩාත් උචිත වන බවයි. 

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව දක්ෂ යොවුන් ක්‍රීඩකයින් රැසක් ඇතුළත් සමබර කණ්ඩායමක් ඉදිරිපත් කර තිබූ අතර ඊට මේ දිනවල දස්කම් අතර සිටින පැතුම් නිශ්ශංක, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, නිශාන් පීරිස් සහ මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් ඇතුළත්ව තිබුණි. කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුනේ පසුගියදා බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට මග පෙන්වූ චරිත් අසලංකටයි. 

අද බංග්ලාදේශ පිළේ පළමු කඩුල්ල ලකුණු 12කට දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට වමතින් වේග පන්දු යවන කළණ පෙරේරා සමත් වූයේ ආරම්භක පිතිකරු මොහොමඩ් නයිම් පිටියෙන් ඉවත් කරමිනි. ඔහු රැඳී සිටි කෙටි කාලය ඇතුළත හතරේ පහර 2ක් සමඟින් ලකුණු 9ක් රැස්කර ගත්තේය. කඩුල්ල පිටුපස සිට නයිම් ලබාදුන් උඩපන්දුව සුරැකිව රැක ගත්තේ මිනෝද් භානුක විසිනි. නමුත් එතැන් සිට ශ්‍රී ලංකාවට තරගයේ පාලනය අතට ගැනීමට සත්කාරක බංග්ලාදේශය ඉඩක් තැබුවේ නැත.

යොවුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ වසරේ…

ඊට මූලික හේතුව වූයේ නයිම් වෙනුවට පිටියට පිවිසි නජ්මුල් හොසේන් පෙන්නුම් කළ විශ්වාසනීය පිතිකරණයයි. තණතිල්ලේ හැසිරීම මුල සිටම හොඳින් අවබෝධ කරගත් ඔහු අද පන්දුවාර 85ක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය. ඒ හෙට දිනයේ බංග්ලාදේශ පිළේ ලකුණු පුවරුව තවදුරටත් ප්‍රසාරණය කිරීමේ බලාපොරොත්තු පෙරදැරිවයි. මේ වනවිට පන්දු 249කට සාර්ථකව මුහුණ දී ඇති ඔහු ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් වී තිබේ. ඒ හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් ද සමඟයි.

බංග්ලාදේශ ලකුණු පුවරුව 81ක් වෙද්දී දෙවැනි කඩුල්ල බිඳ හෙලීමට නැවතත් කළණ පෙරේරාට හැකිවිය. ඒ ස්වකීය පන්දු යැවීමෙන් නොව ආරම්භක පිතිකරු සයිෆ් හසන්ව දුවද්දී දැවී යාමකට කොටුකර ගැනීමෙනි. ඒ වනවිට හසන් ලකුණු 18ක් ලබා සිටියේය. අංක 4 පිතිකරු යසීර් අලිට (04) අද සාර්ථක වන්නට හැකි නොවූයේ රමේෂ් මෙන්ඩිස් යැවූ දඟ පන්දුවක් නිවැරදිව කියවීමට ඔහුට නොහැකි වූ නිසාවෙනි.

ඉන් අනතුරුව ප්‍රතිවාදීන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගීම අද දිනයේ ගෞරවය බංග්ලාදේශයට හිමිවීමේ සංධිස්ථානය ලෙස හැඳින්විය හැකිය. එහිදී නායක නජ්මුල් හොසේන්ට සහය පළ කළේ 20 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක අෆීෆ් හොසේනුයි. දෙරට අතර පැවති එක්දින තරගාවලිය අතරතුරේ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් දස්කම් දැක්වීමට සමත් වූ මේ දෙදෙනා අද ලකුණු 194ක් දක්වා බංග්ලාදේශ ඉනිම ඉදිරියට ගෙන ඒමට සමත් වූහ.

ආසියානු යොවුන් කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය නිපුන්ට

සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු…

අවසානයේ මෙම සබඳතාවය නිමා වන්නේ නිශාන් පීරිස්ගේ දඟ කැවුනු පන්දුවක් මඟින් අෆීෆ් හොසේන්ගේ කඩුල්ල බිඳ වැටීමත් සමඟයි. ඒ වනවිට ඔහු හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් රැස් කරගෙන සිටියේය. හොසේන්ගේ දැවී යාමෙන් අනතුරුව නැවතත් මැදපෙළ පිතිකරු සකීර් හසන් සමඟ ලකුණු 39ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නැගීමට නජ්මුල් හොසේන් මේ වනවිට සමත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පිළට හෙට දිනයේ ඇති පළමු අභියෝගය දෙවැනි නව පන්දුවේ වාසිය සමඟින් මෙම සබඳතාවය හැකිතාක් ඉක්මනින් බිඳ දැමීමයි. නැතහොත් ශ්‍රී ලංකාව සතුව දක්ෂ තරුණ පිතිකරණ බල ඇණියක් සිටියද ලකුණු පුවරුවේ පීඩනය සමඟින් ඔවුන්ගෙන් කණ්ඩායමට අවශ්‍ය සේවය නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමක් ද පවතියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result
Match drawn

Sri Lanka Emerging Team
244/10 (103.4)
Bangladesh Emerging Team
360/10 (135.4) & 102/4 (43)
Batsmen R B 4s 6s SR
Saif Hassan run out (Kalana Perera) 18 94 3 0 19.15
Mohammad Naim c Minod Bhanuka b Kalana Perera 9 8 2 0 112.50
Najmul Hossain Shanto lbw b Kalana Perera 133 269 13 1 49.44
Yasir Ali c Pathum Nissanka b Ramesh Mendis 4 30 0 0 13.33
Afif Hossain b Nishan Peiris 54 108 1 0 50.00
Zakir Hasan c Pathum Nissanka b Ramesh Mendis 49 128 4 0 38.28
Mahidul Islam Ankon c & b Asitha Fernando 4 12 0 0 33.33
Nayeem Hasan c Sangeeth Cooray b Asitha Fernando 36 72 4 0 50.00
Yeasin Arafat c & b Ramesh Mendis 12 45 1 0 26.67
Tanvir Islam not out 16 43 1 0 37.21
Shafiqul Islam b Ramesh Mendis 1 10 0 0 10.00
Extras 24 (b 6 , lb 14 , nb 4, w 0, pen 0)
Total 360/10 (135.4 Overs, RR: 2.65)
Fall of Wickets 1-12 (3.1) Mohammad Naim, 2-81 (31.4) Saif Hassan, 3-95 (41.2) Yasir Ali, 4-194 (72.6) Afif Hossain, 5-249 (93.4) Najmul Hossain Shanto, 6-262 (98.6) Mahidul Islam Ankon, 7-320 (117.5) Zakir Hasan, 8-326 (120.6) Nayeem Hasan, 9-348 (131.6) Yeasin Arafat, 10-360 (135.4) Shafiqul Islam,
Bowling O M R W Econ
Asitha Fernando 25 3 74 2 2.96
Kalana Perera 27 8 62 2 2.30
Chamika Karunarathne 25 4 55 0 2.20
Nishan Peiris 30 3 76 1 2.53
Ramesh Mendis 28.4 2 73 4 2.57
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Yasir Ali b Nayeem Hasan 16 22 3 0 72.73
Sangeeth Cooray c Yasir Ali b Nayeem Hasan 6 16 0 0 37.50
Charith Asalanka c Mohammad Naim b Nayeem Hasan 18 34 2 0 52.94
Minod Bhanuka c Mahidul Islam Ankon b Nayeem Hasan 11 25 2 0 44.00
Promod Maduwantha lbw b Tanvir Islam 40 136 3 0 29.41
Ashen Bandara c Najmul Hossain Shanto b Shafiqul Islam 85 256 8 0 33.20
Ramesh Mendis c Saif Hassan b Shafiqul Islam 18 44 2 0 40.91
Chamika Karunarathne b Nayeem Hasan 8 51 0 0 15.69
Kalana Perera c Mahidul Islam Ankon b Nayeem Hasan 8 6 1 0 133.33
Nishan Peiris b Nayeem Hasan 15 28 3 0 53.57
Asitha Fernando not out 1 5 0 0 20.00
Extras 18 (b 11 , lb 6 , nb 1, w 0, pen 0)
Total 244/10 (103.4 Overs, RR: 2.35)
Fall of Wickets 1-21 (5.3) Pathum Nissanka, 2-26 (7.3) Sangeeth Cooray, 3-52 (15.2) Minod Bhanuka, 4-59 (17.4) Charith Asalanka, 5-141 (59.2) Promod Maduwantha, 6-170 (74.1) Ramesh Mendis, 7-196 (90.6) Chamika Karunarathne, 8-206 (92.6) Kalana Perera, 9-234 (100.4) Nishan Peiris, 10-244 (103.4) Ashen Bandara,
Bowling O M R W Econ
Yeasin Arafat 16 4 28 0 1.75
Shafiqul Islam 23.4 6 59 2 2.52
Nayeem Hasan 40 14 93 7 2.33
Tanvir Islam 22 7 41 1 1.86
Afif Hossain 2 1 6 0 3.00


Batsmen R B 4s 6s SR
Saif Hassan not out 40 113 0 1 35.40
Mohammad Naim lbw b Nishan Peiris 8 54 0 0 14.81
Najmul Hossain Shanto b Asitha Fernando 25 38 2 2 65.79
Yasir Ali b Nishan Peiris 3 11 0 0 27.27
Afif Hossain c Chamika Karunarathne b Nishan Peiris 1 5 0 0 20.00
Zakir Hasan not out 25 37 3 0 67.57
Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 102/4 (43 Overs, RR: 2.37)
Fall of Wickets 1-21 (16.2) Mohammad Naim, 2-48 (27.3) Najmul Hossain Shanto, 3-55 (30.5) Yasir Ali, 4-63 (32.2) Afif Hossain,
Bowling O M R W Econ
Asitha Fernando 7 2 19 1 2.71
Kalana Perera 7 4 4 0 0.57
Chamika Karunarathne 5 1 5 0 1.00
Ramesh Mendis 6 3 18 0 3.00
Nishan Peiris 15 4 43 3 2.87
Charith Asalanka 3 0 13 0 4.33