2021 IPL එකට ශ්‍රී ලංකාවෙන් ආරාධනාවක්

743

2020 LPL ක්‍රිකට් තරගාවලිය ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව තුල පැවැත්වීම නිසා 2021 වසරේ පැවැත්වෙන IPL ක්‍රිකට් තරගාවලිය සඳහා අවශ්‍ය නම් සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සූදානම් බව LPL තරගාවලියේ තරග අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබන රවීන් වික්‍රමරත්න මහතා Daily FT පුවත් පතට පවසා සිටියා.

සම්පූර්ණ තරගාවලියම ශ්‍රී ලංකාව තුල පවත්වන්නේ ද, නැතිනම් තෝරාගත් තරග කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනවා ද යන්න පිළිබඳව දෙරටේ ක්‍රිකට් ආයතන දෙක මේ පිළිබඳව තවමත් කතාබහ කරමින් සිටින බව ද ඒ මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.

තවත් ක්‍රිකට් පුවත්:

“මේ වෙනකොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව ශ්‍රී ලංකාව ගැනත් ඉන්දීය ක්‍රිකට් පාලනයේ අවධානය යොමු වෙලා තියෙන්නේ, මොකද අපි ඉතාමත් සාර්ථකව LPL ක්‍රිකට් තරගාවලිය පවත්වා අවසන් කළා. ඒ වගේම එමඟින් ශ්‍රී ලංකාවට එවැනි ආකාරයක ඉහළ මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඇති හැකියාව සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ද ඔවුන්ට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා අපි විශ්වාස කරනවා” යැයි වික්‍රමරත්න මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020 වසරේ පැවැත්වූ IPL තරගාවලිය තුල දී ද සත්කාරකත්වය දැරීමට සූදානම් බව පවසා සිටි නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සතුව තිබෙන සම්පත් සහ අනෙක් පහසුකම් සලකා බලා එවර එම යෝජනාව අසාර්ථක විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <