ප්‍රේක්ෂකයන් නැතිව IPL ක්‍රීඩා කරන්න ඕස්ට්‍රේලියානු සුපිරි තරුව සූදානම්

61
Pat Cummins

මේ දිනවල ලොව පුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ලොව පුරා ක්‍රීඩා තරග රැසක් අවලංගු කිරීමට හා කල් දැමීමට සංවිධායකයන්ට සිදු විය. එයට ජපාන ඔලිම්පික් උළෙල, යුරෝපා පාපන්දු තරගාවලිය මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඇතුළත් වේ. 

මෙලෙස තරග කල් දැමීමත් සමඟින් ප්‍රේක්ෂකයන් නොමැතිව තරග ක්‍රීඩා කිරීම පිළිබඳව ද යම් හැකියාවක් ඇති බව කතාබහට ලක්විය. ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන පැට් කමින්ස් පවසන්නේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ප්‍රේක්ෂකයන් නොමැතිව වුවද ක්‍රීඩා කිරීමට තමා සූදානම් බවයි. එය සාමාන්‍ය ජීවිතය තරමක් හෝ යථා තත්ත්වයට ගෙන එනු ඇති බවත් ඔහු පවසා සිටියා. 

එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩකයන් වැටුප් කප්පාදුවකට එකඟ වෙයි

මේ දිනවල ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19

26 හැවිරිදි ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩක පැට් කමින්ස් ටෙස්ට් තරග 12ක දී කඩුලු 59ක් ලබා ගෙන ඇත. BBC වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එලෙස තරගාවලිය පැවැත්වීම මඟින් රසිකයින්ට අවම වශයෙන් නිවසේ සිට හෝ සජීවී ක්‍රීඩාවක් නැරඹිය හැකි වනු ඇති බවයි. 

මෙම වසංගතය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 29 සිට අප්‍රේල් 15 දක්වා කල් තබන ලදි. කෙසේ වෙතත් ඒ වන විට තත්ත්වය සාමාන්‍ය අතට පත්වේ යැයි අපේක්ෂා කළ ද මේ වන විට ඉන්දියාවේ වසංගතය තරමක් දරුණු වී ඇති නිසා එය අප්‍රේල් මස ආරම්භ කිරීම තරමක් අවිනිශ්චිත වී ඇත. මේ තත්ත්වය නිසාවෙන් ඉන්දියාව පසුගිය සතියේ දී සම්පූර්ණ වසා දැමීමකට යොමු විය. 

කමින්ස් සහ ඔහුගේ ඕස්ට්‍රේලියා සගයින්ට ඇති තවත් ගැටලුවක් නම් ඕස්ට්‍රේලියානුවන්ට විදෙස් ගතවීම සඳහා සීමාවන් පනවා තිබීමයි. මාස දෙකක් පුරා පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කමින්ස් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර මෙවර තරග වාරයේ වැඩිම ආදායමක් උපයන ක්‍රීඩක ලැයිස්තුවට ඔහු ද ඇතුළත් වේ. 

ක්ලාක්ගේ සැර ප්‍රකාශයට පේන්ගෙන් පිළිතුරු

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක් පසුගිය දා පැවති

මෙම විස්සයි විස්ස තරගාවලිය ඉන්දීය ආර්ථිකය සඳහා ඩොලර් බිලියන 11කට වඩා උපයනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවේ තරු වන එංගලන්තයේ බෙන් ස්ටොක්ස්, ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ ඉන්දීය නායක විරාත් කෝලි වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් එයට සහභාගි වේ. 

“ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට නැඟී සිටින්න කරන්න ඕනෑම දෙයක් ආරක්ෂාකාරීව සිදු කළ යුතුයි.” කමින්ස් පැවසුවේ ප්‍රේක්ෂකයන් නොමැතිව තරග ක්‍රීඩා කිරීම පිළිබඳව විමසූ විටය.

“පළමු ප්‍රමුඛතාවය ආරක්ෂාවයි. දෙවැන්න යථා තත්ත්වයට පත්වීමයි.”

“එය සමබරතාව සොයා ගැනීම ගැන දෙයක්. අවාසනාවකට අපිට ටික කාලයක් ප්‍රේක්ෂකයන් නැතිව ක්‍රීඩා කරන්න වෙනවා නම් එය එසේ කළ යුතුයි. එහෙත් ප්‍රේක්ෂකයන්ට රූපවාහිනියෙන් නිවසේ සිට නැරඹිය හැකියි.” 

පසුගිය වසර තුල පැට් කමින්ස් දැක්වූ දක්ෂතා නිසාවෙන් ඔහු 2019 වසර සඳහා වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස විස්ඩන් විසින් නම් කරන ලදි.

“මම ඒ ගැන මුලින්ම ඇසුවේ මාස කිහිපයකට කලින්,” ඔහු පැවසීය.

“මෙම සම්මානය ඕස්ට්‍රේලියාවේ ඉතා ඉහළින් සලකන සම්මානයක්. මට මතකයි මගේ තාත්තා සහ සීයා ඒ ගැන කතා කළා. එය දිනා ගැනීමට ලැබීම මට මහත් ගෞරවයක් හා වරප්‍රසාදයක් යැයි මට හිතෙනවා. මම එය කාටවත් කිව්වේ නෑ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<