ආසියානු පාපන්දුවටත් කොරෝනා ආසාදනය වෙයි

100

ආසියානු පාපන්දු  සම්මේලනය විසින් ආසියානු ශූරයින්ගේ ලීග් තරගාවලියේ තරග හයක් කල් දමන්නට තීරණය කර තිබෙනවා. ඒ මේ දිනවල පැතිර යන COVID-19 වයිරසය නිසාවෙන්. ඉරාන ක්‍රීඩා සමාජ හතරක තරග මෙලෙස කල් දමන්නට තරග සංවිධායකයින් තීරණය කර තිබුණා.

තියුණු තරගයකට පසුව Liverpool ජය ගනියි

ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලානය තේරීම් තරගවලට ද මේ නිසා බලපෑම් එල්ල විය හැකි අතර චීනය, දකුණු කොරියාව, වියට්නාමය හා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තේරීම් තරග ද කල් දැමෙනු ඇතැයි වාර්තා වේ. 

“මේ කිසිවෙක් අපේක්ෂා නොකළ අමාරු කාලයක්, නමුත් ආසියානු පාපන්දු සම්මේලනය තත්වය පාලනය කරන්නට උත්සහ කරනවා.” ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් වින්ඩ්සර් ජෝන් මහතා පවසා සිටියා.

ශූරයින්ගේ කුසලාන තරගාවලියට මේ නිසා දැඩි බලපෑම් එල්ල වී ඇති අතර චීන ක්‍රීඩා සමාජ බොහොමයකට අප්‍රේල් වන තුරු ක්‍රීඩා කරන්නට නොහැකි වන අතර දකුණු කොරියාවේ පැවැත්වෙන එකම තරගයත් ප්‍රේක්ෂකයින්ට විවෘත නොවනු ඇත.

කොරෝනා නිසා කොර වූ කොරියානු පාපන්දු ලීගය

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟම එරට පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ දෙස් විදෙස් ක්‍රීඩා …..

ලබන සතියේ පැවැත්වීමට නියමිත ඉරාන කණ්ඩායම් හතරක් සම්බන්ධ වන තරග කල් දමා ඇත්තේ චීනයෙන් පසුව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉරානයෙන් නිසාවෙනි. තායිලන්ත Chiangrai United කණ්ඩායමට එරෙහිව කොරියාවේ FC Seoul ක්‍රීඩා සමාජයේ සත්කාරක තරග ද කල් දමා ඇති අතර අප්‍රේල් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත ඉරාන Sepahan හා සවුදි Al Nassr ක්‍රීඩා සමාජය අතර තරගයත් කල් දැමීමට ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර ඇත. 

ආසියානු පාපන්දු සම්මේලනයේ නැගෙනහිර සාමාජික රටවල් සඳුදා මැලේසියාවේ දී ආසියානු පාපන්දු සම්මේලනය සමඟ සාකච්ඡාවල නිරත වීමට නියමිත අතර බස්නාහිර ආසියානු රටවල් සඳුදා හා අඟහරුවාදා මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිතයි. COVID-19 වයිරසය නිසා ක්‍රීඩා තරගාවලි රැසකට බාධා එල්ල වුණු අතර ෆොර්මියුලා වන්, සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය හා යුරෝපා ශූරයින්ගේ ලීග් තරගාවලියට මේ නිසා බාධා එල්ල වුනා.

පාපන්දුවේ රජුන් බව සහිරාවන් නැවතත් ඔප්පු කරයි

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ගෝල 2-0 ක් ලෙස පරාජය කළ ….

කාන්තා ඔලිම්පික් තේරීම් තරගාවලියේ තරග ද මේ නිසා කල් දමන්නට සිදු වුණු අතර තේරීම් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ වයිරසයේ කේන්ද්‍රස්ථානය වන චීනයේ වූහාන් වලදී වීම විශේෂත්වයක්.  

පවතින තත්වය නිසා තරගාවලිය Nanjing වෙත රැගෙන ගිය අතර පසුව සිඩ්නි වෙත තරගාවලිය රැගෙන යනු ලැබේ. චීන කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණි පසුව නිරෝධායනය කරා යොමු කර තිබුණු අතර ඔවුන් ගේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ද සිඩ්නි වෙත යොමු කර තිබුණා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<