පළමු දිනයේම අරුණ දර්ශන වාර්තාවක් බිඳ හෙළයි

429

ජාතික යොවුන් සේවා සම්මේලනය විසින් සංවිධානය කරන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ 30 වන අදියර ඊයේ (26) මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දැඩි වර්ෂාව ද නොතකා පළමු දිනයේම නව වාර්තාවක් තුනක් බිහි කරන්නට තරගකරුවන් සමත් වීම විශේෂත්වයකි.

කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ

ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ…

ජාතික යොවුන් මහා ක්‍රීඩා උළෙල පාසල් තලයත් ජාතික තලයත් යා කෙරෙන ප්‍රධානතම වාර්ෂික තරගාවලියක් වන අතර වයස 20න් ඉහළ හා වයස 20න් පහළ ලෙස වයස් කාණ්ඩ දෙකක තරග පැවැත්විය.

වයස අවුරුදු 20ට වැඩි වයස් කාණ්ඩයට වයස අවුරුදු 28 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදීමට හැක. තවද මේ තරගාවලියේ ඇති විශේෂම කරුණ නම් මේ තරගාවලියේ ඉසව්වක් ජය ගන්නා ඕනෑම ක්‍රීඩකයෙකුට ඊළඟ වසරේ දී එම ඉසව්වට සහභාගී වීමට නොහැකි වීමයි.

තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ දැඩි වර්ෂාව නිසා ක්‍රීඩකයින්ට බාධා සිදු වුනත් නව තරගාවලි වාර්තා තුනක් බිහි කිරීමට වයස අවුරුදු 20න් පහළ පිරිමි කාණ්ඩය නියෝජනය කළ ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මීටර 400 ධාවකයා වන අරුණ දර්ශන මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වන අතර පළමු දිනයේම ඔහු මීටර 200 ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට සමත් විය. ඔහු හමුවේ එස්. පෙරේරා පිහිටුවා තිබූ තත්පර 22.16ක වාර්තාව තත්පර 21.33කින් බිඳ වැටුණු අතර අරුණගේ ප්‍රධානතම තරගකරුවා වූ පසිඳු කොඩිකාර කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් තත්පර 22.13කින් ඉසව්ව අවසන් කරමින් ඔහුගේ පෞද්ගලික දක්ෂතාව අලුත් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනාට පසුපසින් හිඳිමින් සුරාජ් කාවින්ද තත්පර 22.54කින් ඉසව්ව නිමා කරමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

නව වාර්තා 7කින් පොඩ්ඩෝ තරගාවලිය වර්ණවත් කරති

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ තරගාවලිය…

වයස අවුරුදු 20න් පහළ උස පැනීමේ ඉසව්වෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන තරිඳු දසුන් නව තරග වාර්තාවක් බිහි කළ අතර ඔහු වාර්තා කළ උස මීටර 2.12 ක්. ආර්. ඒ. ටී. ඕ කරුණාරත්න පිහිටුවා තිබූ මීටර 2.11ක වාර්තාව තරිඳුගේ දක්ෂතාව හමුවේ බිඳ වැටුණු අතර දෙවන ස්ථානය පුත්තලම දිස්ත්‍රික්කයේ පී. එස්. ටී ප්‍රනාන්දු හා තෙවන ස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයේ පී. ඩී. කෞශල්‍ය හමුවේ බෙදී ගියේ ඔවුන් දෙදෙනාම මීටර 1.95ක් බැගින් වාර්තා කරද්දී වීම විශේෂත්වයක්.

>> දිනයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව සඳහා පිවිසෙන්න <<

දිනයේ අවසන් වාර්තාව බාලක වයස අවුරුදු 20න් පහළ මීටර 800 ඉසව්වෙන් බිහි වූ අතර එම ඉසව්වේ මූලික වටයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ ඉසුරු ලක්ෂාන් 1:55.20කින් ඉසව්ව නිමා කරමින් මෙම වාර්තාව පිහිටුවන්නට සමත් විය. බදුල්ල දිස්ත්‍රික්කයේ සී. කුශාන්ත විසින් තබා තිබූ වාර්තාව බිඳ ඔහු දැමුවේය. කෙසේ වෙතත් දැඩි වර්ෂාව නිසා අවසන් මහා තරගයේ දී ලක්ෂාන්ගේ ධාවන වේගය සෑහෙන ලෙස අඩු වූ අතර ඔහු අවසන් මහා තරගය අවසන් කළේ 1:59.46කිනි. 2:00.39කින් ඉසව්ව අවසන් කළ බදුල්ල දිස්ත්‍රික්කයේ සී. අරවින්දන් දෙවන ස්ථානය දිනා ගනිද්දී, ගම්පහ දිස්ත්‍රික්කයේ සසිඳු දේශාන් 2:01.16කින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<