Home Sinhala ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023

388

ශ්‍රී ලංකා සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ඉතිහාසගත ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව අද (2) සමත් වුනා.

Chelmsford හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිම ලකුණු 104කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුනා.

එහි දී එංගලන්ත ප්‍රබල මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 21ක් තුල දවා ගත් චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එංගලන්තගේ අවසන් කඩුලු 7 ලකුණු 81ක් තුල දවා ගන්නට සමත් වුනා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාව වුනු Charlie Dean පන්දු 26ක් තුල 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 36ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු සහ ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 105ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් පන්දු 2ක් තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 110ක් ලබාගෙන සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් අතර අතපත්තු ඇයගේ ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ 8 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 31ක් තුල වේගවත් ලකුණු 55ක් ලබා ගත්තා.

ඇයගේ ප්‍රහාරාත්මක ඉනිමට 4 පහර 8ක් සහ දැවැන්ත 6 පහරක් 2ක් ඇතුළත් වුනා. හර්ශිතා සමරවික්‍රම ලකුණු 30*ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් අතපත්තු සමඟ එක්වුණු සමරවික්‍රම ලකුණු 69ක සාර්ථක සහ වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගය මේ මස 6 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා එක්දින තරගාවලියේ මෙන්ම විස්සයි විස්ස තරගාවලියේ ද උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

Result


England Women
104/10 (18)

Sri Lanka Women
110/2 (13.2)

Batsmen R B 4s 6s SR
Danni Wyatt b Chamari Athapaththu 1 4 0 0 25.00
Maia Bouchier c Kavisha Dilhari b Inoshi Priyadarshani 12 10 2 0 120.00
Alice Capsey c Inoshi Priyadarshani b Kavisha Dilhari 3 9 0 0 33.33
Heather Knight b Inoka Ranaweera 14 16 2 0 87.50
Amy Jones lbw b Inoka Ranaweera 12 12 2 0 100.00
Freya Kemp st Anushka Sanjeewani b Kavisha Dilhari 2 2 0 0 100.00
Danielle Gibson c Inoka Ranaweera b Inoshi Priyadarshani 9 11 1 0 81.82
Charlie Dean b Udeshika Prabodhani 34 26 4 0 130.77
Sarah Glenn c Anushka Sanjeewani b Kavisha Dilhari 0 4 0 0 0.00
Issy Wong b Udeshika Prabodhani 13 12 1 0 108.33
Kate Cross not out 1 2 0 0 50.00


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 104/10 (18 Overs, RR: 5.78)
Bowling O M R W Econ
Chamari Athapaththu 3 0 11 1 3.67
Udeshika Prabodhani 3 0 19 2 6.33
Inoshi Priyadarshani 4 0 16 2 4.00
Sugandika Kumari 2 0 16 1 8.00
Inoka Ranaweera 3 0 25 2 8.33
Kavisha Dilhari 3 0 17 2 5.67


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu c Kate Cross b Alice Capsey 55 31 0 0 177.42
Anushka Sanjeewani c Charlie Dean b Danielle Gibson 1 4 0 0 25.00
Harshitha Samarawickrama not out 30 35 0 0 85.71
Vishmi Gunaratne not out 18 15 0 0 120.00


Extras 6 (b 0 , lb 0 , nb 5, w 1, pen 0)
Total 110/2 (13.2 Overs, RR: 8.25)
Fall of Wickets 1-3 (1) Harshitha Samarawickrama, 2-8 (2) Chamari Athapaththu,

Bowling O M R W Econ
Kate Cross 2.2 0 33 0 15.00
Danielle Gibson 1 0 9 1 9.00
Charlie Dean 2 0 19 0 9.50
Issy Wong 2 0 24 0 12.00
Sarah Glenn 3 0 11 0 3.67
Alice Capsey 3 0 14 1 4.67



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<