23න් පහළ මූලික පාපන්දු සංචිතයට 33ක්

AFC 23න් පහළ පාපන්දු ශූරතාවය - සුදුසුකම් ලබා ගැනීමේ වටය

406

දෝහා කටාර් හිදි පැවැත්වීමට නියමිත AFC වයස අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සඳහා සහභාගී වන මූලික පාපන්දු සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 33 දෙදෙනෙකුගෙන් සමන්විත මේ මූලික සංචිතය කටාර් දේශයේ දී පුහුණු සැසියක් සඳහා ද සහභාගී වීමට නියමිත අතර ඉන්පසුව තෝරාගනු ලබන නිල සංචිතය ඔක්තෝබර් 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකාව AFC 23න් පහළ පාපන්දු ශූරතාවලිය සඳහා A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වන්නේ කටාර්, යේමනය සහ සිරියාවයි.

මෙම මූලික පාපන්දු සංචිතය ඔක්තෝබර් 12 වැනිදා කටාර් රාජ්‍යය දක්වා පියාසර කිරීමට නියමිතයි. සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස Mohamed Amanulla කටයුතු කරනු ඇත.

තරගාවලියේ කාලසටහන:

  • ශ්‍රී ලංකාව – සිරියාව (ඔක්තෝබර් 25)
  • ශ්‍රී ලංකාව – කටාර් (ඔක්තෝබර් 28)
  • ශ්‍රී ලංකාව – යේමනය (ඔක්තෝබර් 31)

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<