වෙළඳසේවා සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන්

255

“CDB” කුසලානය වෙනුවෙන් පැවැත්වෙන “වෙළඳසේවා සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලියේ” A කාණ්ඩයේ හා B කාණ්ඩයේ අවසන් මහා තරග පසුගිය ඉරිදා (9) කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී නිමාවට පත්විය.

තියුණු අවසානයක් සමඟින් ජයග්‍රහණය මහානාම විද්‍යාලයට

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේ ලොව ජය ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාසල් ක්‍රීඩකයින්..

එහි දී A කාණ්ඩයේ සමස්ත ශූරතාවය ඇන්ජලෝ පෙරේරා නායකත්වය දැරූ  LB Finance ‘A’ කණ්ඩායම විසින් දිනා ගන්නා විට B කාණ්ඩයේ ශූරතාවය දිනා ගත්තේ ලක්ෂාන් පෙරේරා නායකත්වය දැරූ  Fair first රක්ෂණ කණ්ඩායම විසිනි. පසුගිය 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ වෙලන්ඩ් සංගම් ක්‍රිකට් පිටියේ පැවති මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 69ක් ‘(A’ කාණ්ඩයෙන් (turf) කණ්ඩායම් 21ක් හා ‘B’ කාණ්ඩයෙන් (matting) කණ්ඩායම් 48ක්) සහභාගී විය.

අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිඵල සාරාංශය

  • ටීජායි ලංකා කණ්ඩායම MAS Unichela ‘B’ කණ්ඩායම හමුවේ  පරාජයට පත් විය.
  • LB Finance ‘A’ කණ්ඩායම Dimo ‘Nexon’ හමුවේ තරගය ජයග්‍රහණය කළා.
  • Dimo ‘Storm’ කණ්ඩායම හේලීස් කණ්ඩායම හමුවේ පරාජය විය.
  • කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම MAS Unichela “A” හමුවේ තරගය ජයග්‍රහණය කළා.

අවසන් පූර්ව තරග ප්‍රතිඵල සාරාංශය

  • LB Finance ‘A” කණ්ඩායම MAS Unichela හමුවේ තරගය ජයග්‍රහණය කළා.
  • කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම හේලීස් කණ්ඩායම හමුවේ  තරගය ජයග්‍රහණය කළා.

අවසන් මහා තරගය

කොමර්ෂල් ක්‍රෙඩිට් – 78/2 (5): සඳුන් වීරක්කොඩි 28, වනිඳු හසරංග 25*, අශාන් ප්‍රියන්ජන් 16, ශිරාන් ප්‍රනාන්දු 1/7, සහන ආරච්චිගේ 1/16.

LB Finance ‘A’ – 79/4 in (4.4): සධීර සමරවික්‍රම 26*, සහන ආරච්චිගේ 15, ඉසුරු උදාන15, ලහිරු මධුසංක 1/10,  වනිඳු හසරංග 1/10, ඩිල්ශාන් මුණවීර 1/23

තරග ප්‍රතිඵලය: LB Finance ‘A’ කණ්ඩායමට A කාණ්ඩයේ ශූරතාවය

සිංගර් වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

26 වන වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ…

විශේෂ සම්මාන

  • හොඳම පන්දු යවන්නා: වනිඳු හසරංග (කොමර්ෂල් ක්‍රෙඩිට්)
  • හොඳම පිතිකරු: සඳුන් වීරක්කොඩි (කොමර්ෂල් ක්‍රෙඩිට්)
  • වැඩිම 6 පහර: ඉසුරු උදාන (LB Finance) 12
  • අවසන් තරගයේ වීරයා: සහන් ආරච්චිගේ (LB Finance)
  • තරගාවලියේ වීරයා: ඉසුරු උදාන (LB Finance)

‘B’ කාණ්ඩය

අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිඵල සාරාංශය

  • Fair first Insurance කණ්ඩායම Sri Lankan Airlines හමුවේ තරගය ජයග්‍රහණය කළා.
  • HNB Grameen Finance කණ්ඩායම A. Baur & Co. කණ්ඩායම හමුවේ පරාජය වුනා.
  • MAS Silueta කණ්ඩායම මැලිබන් බිස්කට්ස්  “A” කණ්ඩායම පරාජය කළා.
  • Allianz Insurance කණ්ඩායම මැලිබන් බිස්කට්ස් “B” කණ්ඩායම පරාජය කළා.

අවසන් පූර්ව තරග ප්‍රතිඵල සාරාංශය

  • Fair first Insurance කණ්ඩායම A Baur & Co. කණ්ඩායම පරාජය කළා.
  • Allianz Insurance කණ්ඩායම MAS Silueta කණ්ඩායම පරාජය කළා.

අවසන් මහා තරගය

Allianz Insurance – 71/4 (5): රංග ඩයස් 34*, සමීර ප්‍රනාන්දු 15, ඉසුරු සම්පත් 1/8, අශෙල් සිගේරා 1/13.

Fair first Insurance – 73/2 (4.1): ලක්ෂාන් පෙරේරා 34*, දුලිප් සිල්වා 15, ඉසුරු සම්පත් 15*, එම්. අයි. ආබ්දීන් 1/14.

තරග ප්‍රතිඵලය: Fairfirst Insurance කණ්ඩායමට B කාණ්ඩයේ ශූරතාවය

විශේෂ සම්මාන

  • හොඳම පන්දු යවන්නා: සම්පත් පෙරේරා (Fair first Insurance)
  • හොඳම පිතිකරු: ලක්ෂාන් පෙරේරා (Fair first Insurance)
  • වැඩිම 6 පහර: සමීර ප්‍රනාන්දු (Allianz Insurance) 12
  • අවසන් තරගයේ වීරයා: ලක්ෂාන් පෙරේරා (Fair first Insurance)
  • තරගාවලියේ වීරයා:  සමීර ප්‍රනාන්දු (Allianz Insurance)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<