එංගලන්ත නායිකාව ස්වේච්ඡාවෙන් කොරෝනා රෝගීන්ගේ සහයට

75
Heather Knight
Heather Knight

මේ දිනවල එංගලන්තය ද ඇතුළුව ලොව පුරා වේගයෙන් පැතිර යන නව කොරෝනා (COVID-19) වයිරස තත්ත්වය නිසාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එංගලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හීතර් නයිට් සහ තවත් එක් ක්‍රීඩිකාවක් එරට  ජාතික සෞඛ්‍ය සේවය (NHS) සඳහා සිය ස්වේච්ඡා සේවය ලබා දීමට තීරණය කර තිබේ.

කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

COVID-19 වයිරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් රටවල් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර ප්‍රධාන පෙළේ ක්‍රීඩා…

මෙම වසංගත තත්වයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන් වෙනුවෙන් බෙහෙත් ලබා දීම සඳහා සහය වීම, රෝහල් වෙත ගෙන යාම සහ නිවසේ හුදකලා පුද්ගලයන් පරීක්ෂා කිරීම සඳහා දුරකථන ඇමතුම් ලබා දීම වැනි රාජකාරි සඳහා ස්වේච්ඡා සේවකයන් 250,000ක් පමණ අවශ්‍ය බවට එංගලන්ත රජය විසින් පසුගිය අඟහරුවාදා දිනයේ දී නිවේදනය කළේය. 

එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නයිට් මෙම ස්වේච්ඡා සේවය වෙනුවෙන් තමන් ද එක්වන බවට පවසන ලදි. ඒ පිළිබඳව හීතර් නයිට් පළ කර තිබූ twitter පණිවිඩය සඳහා ප්‍රතිචාර දැක්වූ තවත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ටම්සින් බවුමන්ට් ද නයිට් සමඟින් මෙම ස්වේච්ඡා සේවය සඳහා එක්වන බව පවසා ඇත.

“මේ ස්වේච්ඡා සේවය සඳහා මේ වෙනකොට ලක්ෂ 7ක පමණ පිරිසක් එකතු වෙලා තියෙනවා. මම මේ දවස්වල නිදහසේ ඉන්නේ, මම මගේ මේ අත්දෙකෙන් පුළුවන් උපරිම විදිහට මේ ජනතාව වෙනුවෙන් සහය ලබා දෙන්න සූදානමින් ඉන්නවා.” යැයි නයිට් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණි.

එංගලන්තය සංවෘත ක්‍රීඩාංගණවල තරග ආරම්භ කිරීම සලකා බලයි

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය හේතුවෙන් ලොව පුරා අවලංගු කෙරුනු තරග සංඛ්‍යාව අති විශාලය. මෙලෙස තරග අවලංගු කිරීමේ දී ලබන…

“මගේ සහෝදරයා වගේම ඇයගේ බිරිදත් දෙදෙනාම වෛද්‍යවරුන්, ඒ වගේම මගේ යහළුවන් කිහිප දෙනෙකුත් දැනට අපේ ජාතික සෞඛ්‍ය සේවයේ වැඩ කරනවා. මම පුද්ගලිකව දන්නවා ඒගොල්ලෝ කොච්චර කැපවීමකින් වැඩ කරනවා ද කියලා. මේ වගේ වසංගතයක් පැතිරෙමින් යන වෙලාවක ඊටත් වඩා ලොකු කැප කිරීමකින් ඒ ගොල්ලෝ මේ ජනතාවට ඔවුන්ගේ සහය ලබා දෙනවා.” යැයි වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ නයිට් පැවසීය. 

ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය නිමා කරමින් නයිට් ඇතුළු එංගලන්ත ක්‍රීඩිකාවන් මීට දින 11කට පමණ සිය මව් රට බල පැමිණියේය. 

“මම මගේ වාහනයෙන් රෝගීන් වෙනුවෙන් බෙහෙත් ලබා දීම සඳහා සහය වීම, වගේම නිවෙස්වලට වෙලා නිරෝධායනය වෙමින් ඉන්න අයගේ අවශ්‍යතාවයන් ලබා ගන්නත් සහය දෙන්න මේ වෙලාවේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි මේ සේවාව ලබා දීමට සිය කැමැත්ත පළ කිරීම පිළිබඳව නයිට් අවසන් ලෙස පවසන ලදි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<