ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග කාලසටහන නිකුත් වෙයි

689

පසුගිය සති අන්තයේ දී (23) සාර්ථකව නිමාවට පත්වූ ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග එළඹෙන 2019 වසරේ ජනවාරි 04 වැනිදා යුධ හමුදා ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි. එහි දී ලීගයේ දෙවන වටය ආරම්භ කරමින් තරග වදින්නේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ යුධ හමුදා ක්‍රීඩා සමාජයයි.

>>LeaderBoard – Dialog Rugby<<

පසුගිය නොවැම්බර් මස ආරම්භ කළ මෙවර ඩයලොග් රග්බි ලීගයේ පළමු වටයේ තරග සති 7ක් තුළ පැවැත්වුණු අතර එකිනෙකාට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කරමින් ඉතාමත් තියුණු තරග රාශියක් දැකගත හැකි විය. එහි දී මහනුවර ක්‍රීඩා සමාජය ලීගය පුරා දැක්වූ දක්ෂතා කැපී පෙනුණි.

මෙවර ඩයලොග් රග්බි ලීගයේ පළමු වටය අවසන් වන විට අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වී ඇත. හැව්ලොක් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවන ස්ථානය හිමිකර ගෙන සිටින්නේ මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ එක් තරගයක් පමණක් පරාජයට පත්වීමෙනි.

(2018 ඩයලොග් රග්බි ලීගයේ පළමු වටයෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහන)

පළමු වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනෙහි හිමිකර ගත ස්ථානය අනුව දෙවන වටයේ තරග පැවැත්වෙන අතර ලීගයේ දෙවන වටයේ තරග ද එළඹෙන ජනවාරි මාසයේ සිට සති 7ක් පුරා පැවැත්වීමට නියමිතයි. අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය ඔවුන්ගේ දෙවන වටයේ තරග ආරම්භ කරමින් තරග වදින්නේ මෙවර ලීගයේ 8වන ස්ථානය හිමිකර ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟයි.

(මහනුවර ක්‍රීඩා සමාජයට මෙවර ලීගයේ අපරාජිතව සිටීමට වැඩි දායකත්වයක් දැක්වූ තිළිණ විජේසිංහ)

මෙවර ඩයලොග් රග්බි ලීගයේ තිබෙන විශේෂිත කරුණක් වන්නේ ශූරතාවය හිමිකර ගැනීමට සඳහා ආරම්භ වීමට නියමිත දෙවන වටයේ තරග වලින් අනතුරුව පැවැත්වීමට නියමිත “සුපර් ලීගය” ද ජයග්‍රහණය කළ යුතු වීමයි. 2019 වසරේ පෙබරවාරි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත සුපර් ලීගය මාර්තු මස 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග කාලසටහන

Date Day Home Team vs Visiting Team Venue Time
4-Jan Friday Army SC vs Havelock SC Army Ground 4.00 pm
5-Jan Saturday CR & FC vs Police SC Longdon Place 4.00 pm
6-Jan Sunday CH & FC vs Navy SC Race Course 4.00 pm
6-Jan Sunday Kandy SC vs Air Force SC Nittawala 4.00 pm
12-Jan Saturday CH & FC vs CR & FC Race Course 4.00 pm
12-Jan Saturday Air Force SC vs Police SC Ratmalana 4.00 pm
13-Jan Sunday Navy SC vs Havelock SC Welisara 4.00 pm
13-Jan Sunday Kandy SC vs Army SC Nittawala 4.00 pm
18-Jan Friday Air Force SC vs CH & FC Ratmalana 4.00 pm
19-Jan Saturday Police SC vs Kandy SC Police Park 4.00 pm
19-Jan Saturday Havelock SC vs CR & FC Havelock Park 6.30 pm
19-Jan Saturday Navy SC vs Army SC Welisara 4.00 pm
25-Jan Friday CR & FC vs Army SC Longdon Place 4.00 pm
26-Jan Saturday Kandy SC vs Navy SC Nittawala 4.00 pm
26-Jan Saturday Police SC vs CH & FC Police Park 4.00 pm
27-Jan Sunday Havelock SC vs Air Force SC Havelock Park 6.30 pm
2-Feb Saturday CR & FC vs Navy SC Longdon Place 4.00 pm
2-Feb Saturday Army SC vs Air Force SC Army Ground 4.00 pm
2-Feb Saturday CH & FC vs Kandy SC Race Course 6.30 pm
3-Feb Sunday Havelock SC vs Police SC Havelock Park 6.30 pm
9-Feb Saturday Army SC vs Police SC Army Ground 4.00 pm
9-Feb Saturday CR & FC vs Kandy SC Longdon Place 4.00 pm
10-Feb Sunday Navy SC vs Air Force SC Welisara 4.00 pm
10-Feb Sunday CH & FC vs Havelock SC Race Course 4.00 pm
16-Feb Saturday Air Force SC vs CR & FC Ratmalana 4.00 pm
16-Feb Saturday CH & FC vs Army SC Race Course 4.00 pm
16-Feb Saturday Havelock SC vs Kandy SC Havelock Park 6.30 pm
17-Feb Sunday Navy SC vs Police SC Welisara 4.00 pm

ආරම්භ වීමට නියමිත ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග වල සජීව දසුන්, තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThaPapare.com අපි සූදානමින් සිටින්නෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<