රුහුණු – මායා රන් සිංහයෝ මාතර දී සටනට පිවිසෙති

579

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 30 සහ 31 දෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

රුහුණු – මායාවරුන්ගේ ආශීර්වාදයෙන් ඇරඹි මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වර්තමාන කියවීම රන් සිංහ ලෙසින් වෙනස් වූවද, තරග ඉතිහාසයේ දත්තයන් එලෙසින්ම පවත්වාගෙන යෑමට දෙවිදුහල් හී ම සාමාජිකයෝ එකඟ වී තිබේ.

ඒ අනුව 2012 වසරේ දී ඇරඹි මේ තරගමාලාවේ මෙතෙක් පැවති තරග අතුරින් 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ධර්මපාලවරුන් සමත්ව සිටින්නේ මංගල තරගයේ දී ලැබූ ජයග්‍රහණයත් සමඟිනි.

“ගාලු ආදරවන්තයන්ගේ සටන් කෙරුවාවේ පැටිකිරිය: එදා සහ අද “

දකුණුලක ගාලු පුරවරවරයට වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම කැඳවමින් පැවැත්වෙන…

ධර්මපාල විද්‍යාලය මෙවර මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ අවිශ්ක හසරින්ද වෙත ය. සත්කාරක රාහුල විද්‍යාලය වෙනුවෙන් නායකත්වයේ වගකීම යුරාජ් චලක වෙත පැවරී ඇත. ඔවුන් දෙදෙනාගේ විශ්වාසවන්ත සහායකයන් වී ඇත්තේ චමිඳු සමරසිංහ සහ සසිත් මනුරංග ය.

රුහුණු – මායා පළාත් යා කරමින් පැවැත්වෙන මම තරගමාලාවේ වසරකට වරක් දෙවිදුහල් මේ මහා තරගය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ නෑගම් යනුයේ තම තමන්ගේ ධජයන් පෙරටු කර ගත් පෙරහැරක අසිරියකිනි. මෙවර ඒ ගමනේ යෙදෙනුයේ පන්නිපිටිය ධර්මපාලවරුන් ය.

සත්කාරක රාහුල විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ දෙවැනි කොටසේ තරගාවලිය නියෝජනය කරන අතර එම තරගාවලියේ තම කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනා ගනිමින් මෙවර මහා ක්‍රිකට් තරගයට සහභාගී වේ. ඔවුන් මේ වෙනුවෙන් සම්පූර්ණ ජයග්‍රහණ දෙකක ප්‍රසාද ලකුණු ලබා ඇත. පැවති තරග අතරින් තරග පරාජයක් ද අනෙකුත් තරග ජය පරාජයන්ගෙන් ද අවසන් කිරීමට සමත්ව සිටී.

සංචාරක ධර්මපාල ක්‍රීඩකයෝ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන අතර ඔවුන් මෙම තරග වාරයේ දී සම්පූර්ණ ජයග්‍රහණ දෙකක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් වාර්තා කරගෙන සිටී. එම ප්‍රසාද ලකුණුත් සමඟින් ඔවුන් තමන්ගේ කාණ්ඩයේ 7 වැනි ස්ථානය දිනා ගනිමින් මෙම තරගයට සහභාගී වීමට පැමිණේ.

රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ…

රාහුල විද්‍යාලයීය පාර්ශ්වත් සංචාරක ධර්මපාල විද්‍යාලයීය පාර්ශ්වයත් එකිනෙකා ගැටෙන මෙම තරගයේ දී විද්‍යාලය දෙක වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තරය ජය ගත් ක්‍රීඩකයෝ රාශියක් ද, ආදි සිසු මණ්ඩප තුළ සිටිමින් වර්තමාන ක්‍රීඩකයන්ගේ ජවයට ශක්තියක් වීමට බලාපොරොත්තුව සිටිති.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සුරාජ් රන්දිව්, ජේ. සී. ගමගේ, මහින්ද ඒකනායක, අජන්ත ලංකාතිලක සහ සත්පත් කැලුම් වැනි ආදි රාහුලයෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිධ කණ්ඩායම් මගින් ශ්‍රී ලාංකීය සටහන් තැබූවන් ලෙසින් විද්‍යාලයීය ක්‍රිකට් මතකයන් අවදි කරන්නෝ ය. ශ්‍රී ලාංකීය පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිස රාහුල නාමය වර්ණවත් කළවුන් අතර අනුර ප්‍රියන්ත වැන්නෝ ද සිටී.

ධර්මපාලවරුන් වෙනුවෙන් වත්මන් ක්‍රිකට් පිටියේ කියැවෙන නම් අතුරින් ඉදිරියෙන්ම සිටිනුයේ මේ වන විට ද ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කබාය පැළඳ සිටින රවින්ද්‍ර විමලසිරි ය. ඊට අමතරව ජාත්‍යන්තර විනිසුරු දීපාල් ගුණවර්ධන ද වේ. ඒ සමඟින් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියේ පෙළහැර පෑ ආදි පාලියන්වරුන් අතර ගාමිණි පෙරේරා, චින්තක ජයසිංහ, ඔලිවර් රණසිංහ, රංජිත් වේරගල, පී. කේ. පාලිත, පසන් වනසිංහ, සේනක අඟුළුගහ වැන්නෝ ද සිටිති.

රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ සීමිත පන්දුවාර තරගය ජය ගනී

ගාලු ආදරවන්තයන්ගේ වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර…

මේ සියලු දෙනාගේ මතකයන් සමඟින් මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාල අතර පැවැත්වෙන රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් මස 1 වැනිදා උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.

එකිනෙකා තමන්ගේ ජවයන් මුසු කරමින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කඳවුරු බඳිද්දී ඒ වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරන්නන් අතරට ThePapare.com අප ද එක් වෙමු.

 ධර්මපාල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

අවිශ්ක හසරින්ද (නායක) චමිඳු සමරසිංහ (උප නායක) දුලාජ් එගොඩගේ, අමිල දහනායක, කුශන්ක පීරිස්, තිසර සිසාර, දනේෂ් අයෝද්‍ය, මලිත් සඳකැළුම්, චාමර සිරිවර්ධන, ෂෙවෝන් නදීජ, චේතිය ශානුක, නඳුන් හේවානායක, හෂාන්ත විශ්වජිත්, ලක්ෂිත පුරසිංහ, තරිඳු සඳරුවන්, සසික දිල්ශාන්, යසිරු සිතුමිණ

නිලධාරීන්,

ඔෂාර පණ්ඩිතරත්න ( විදුහල්පති ) ඩබ්ලිව්. එම්. එස්. එන්. වාසල (නියෝජ්‍ය විදුහල්පති) මංජුල ගලප්පත්ති (ක්‍රීඩා භාර ආචාර්ය) සජිත් ලියනගේ (ක්‍රිකට් භාර ආචාර්ය) සංජය දේවපුර ( ප්‍රධාන පුහුණුකරු ) ඉෂාන් අංජන (සහාය පුහුණුකරු)

 රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

යුරාජ් චලක (නායක) සසිත් මනුරංග (උප නායක) චමුදිත ඩිල්ශාන්, අයේෂ් විමුක්ති, තරුෂ දක්ෂිණ, කවිශ්ක චමෝද්, ඔවින් බෝපගේ, සජිත රාජපක්ෂ, නමිත් ගිම්සර, සිතුම් අංජන, ලකිඳු චමෝද්‍ය, සහන් බණ්ඩාර, හෂාන් දිල්හාර, බිනුර සන්කේත්, බාග්‍ය හිමත්, තරිඳු රාජපක්ෂ, පසිඳු අවිශ්ක

නිලධාරීන්,

ෆ්‍රැන්සිස් වැල්ලගේ (විදුහල්පති) අතුල විදානමගම (නියෝජ්‍ය විදුහල්පති) නිහාල් අබේවික්‍රම (ක්‍රීඩා භාර ආචාර්ය) එච්.ඩී. අචල යාපා (ක්‍රිකට් භාර ආචාර්ය) පී. අයි. ඩබ්ලිව්. ජයසේකර (ප්‍රධාන පුහුණුකරු) රනිල් රසාංග (සහාය පුහුණුකරු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<