සිංහ – කිවි සටන වැස්සට සේදෙයි

1003
CricTracker

“Road Safety 1st World Series” තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඇඟිලි ගනිමින් බලා සිටි තරගයක් ඊයේ (24) අත්හැර දැමීමට සිදු වූයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමකින් තොරවයි.

ඒ රොස් ටේලර්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ තිලකරත්න ඩිල්ශාන් මෙහෙයවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි විස්ස තරගයයි.

මේ දිනවල Road Safety තරගාවලියට වර්ෂාව නොසිතූ විරූ ලෙස බාධා කරන නිසා ලොව සුපතල ක්‍රිකට් තරු එකිනෙක ගැටෙන්නට තිබූ තරග 6ක් මේ නිසා අතහැර දමන්නට සිදු වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ඉදිරි වටයට යෑම සඳහා මෙය එතරම් ගැටලුවක් නොවන්නේ ඔවුන් තම අපරාජිත බව රැක ගනිමින් ප්‍රසාද ලකුණු 14ක් සමඟ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින නිසයි.

ඔවුන්ට පසුපසින් ඉන්දීය, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම් පිළිවෙළින් ලකුණු 12, 12 සහ 10 බැගින් ලබාගෙන සිටිනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහභාගි වන මීළඟ තරගය 27 වැනි අඟහරුවාදා රාත්‍රි 3.30ට බංග්ලාදේශ ලෙජන්ඩ්ස්ට එරෙහිව ආරම්භ වීමට නියමිතයි. 28, 29 දින දෙකේ තරගාවලියේ අවසන් පූර්ව තරගත්, ඔක්තෝබර් පළමු වැනිදා අවසන් මහා තරගයත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<