එංගලන්තය සනත් ඉදිරියේ ඇඹරෙයි

Road Safety World Series 2022

244

Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය ලෙස Sri Lanka Legends සහ England Legends කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Sri Lanka Legends සමත් වුනා.

ඊයේ (13) කාන්පූර් Green Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ඉතාම අසීරු පිතිකරණයක නියැලීමට සිදු වුනා. පන්දුවාර 19කට පමණක් මුහුණ දීමට සමත් වූ එංගලන්තය සියල්ලන් දැවී රැස් කිරීමට සමත් වුනේ ලකුණු 78ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • England Legends: Mal Loye, Ian Bell (c), Tim Ambrose, Phil Mustard (wk), Rikki Clarke, Dimitri Mascarenhas, Darren Maddy, Chris Schofield, Chris Tremlett, Stephen Parry, Stuart Meaker
  • Sri Lanka Legends: Dilshan Munaweera, Tillakaratne Dilshan (c), Sanath Jayasuriya, Upul Tharanga (wk), Chaturanga de Silva, Asela Gunaratne, Isuru Udana, Nuwan Kulasekara, Chamara Silva, Ishan Jayaratne, Jeevan Mendis

එංගලන්තය වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වුනේ ලකුණු 15ක් ලබා ගත් Ian Bell විසිනුයි. ඊට අමතරව Phil Mustard ලකුණු 14ක් ලබා ගත් අතර එංගලන්තයේ  ක්‍රීඩකයින් හත් දෙනෙකුටම තනි ඉලක්කමේ ලකුණුවලින් සෑහීමට පත්වීමට සිදු වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී සනත් ජයසූරිය විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනේ තම පන්දුවාර හතර තුල දී නිලකුණු පන්දුවාර දෙකක් ද යවමින් ලකුණු 3කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වෙමිනුයි. ඊට අමතරව නුවන් කුලසේකර සහ චතුරංග ද සිල්වා අතරේ කඩුලු දෙක බැගිනුත්, ඉසුරු උදාන සහ ජීවන් මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැගිනුත් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ලෙස ජයග්‍රාහී ලකුණු 79ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු 79 වාර්තා කිරීමට සමත් වුනා.

එහි දී ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ඩිල්ශාන් මුණවීර පන්දු 43කින් ලකුණු 24ක් සහ තිලකරත්න ඩිල්ශාන් පන්දු 21කින් ලකුණු 15ක් රැස් කරනු ලැබුවා. මීට අමතරව උපුල් තරංග ලකුණු 23කින් තරගයේ ජයග්‍රහණයට තම දායකත්වය සැපයුවා.

Photos – Sri Lanka Legends vs England Legends – 5th Match | RSWS 2022

තරගයේ වීරයා – සනත් ජයසූරිය

  • England Legends: Ian Bell 15, Phil Mustard 14, Chris Schofield නොදැවී 10, Stephen Parry 10 , සනත් ජයසූරිය 4/3 , නුවන් කුලසේකර 2/11, චතුරංග ද සිල්වා 2/17 , ජීවන් මෙන්ඩිස් 1/15, ඉසුරු උදාන 1/5
  • Sri Lanka Legends: ඩිල්ශාන් මුණවීර 24, උපුල් තරංග 23, තිලකරත්න ඩිල්ශාන් 15, ජීවන් මෙන්ඩිස් 8, Stephen Parry 1/9, Chris Schofield 1/29, Dimitri Mascarenhas 1/3

මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කර ඇති Sri Lanka Legends කණ්ඩායම Road Safety World Series තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වන්නේ ඉහළ දල ලකුණු ප්‍රමාණයක් ද හිමි කර ගනිමිනුයි.

Road Safety World Series 6 වැනි තරගය ලෙස අද දිනයේ Indian legends සහ West Indies Legends කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය සැප්තැම්බර් 17 වැනිදා South Africa Legends කණ්ඩායම සමඟ පැවැත්වෙනු ඇති.

Road Safety World Series තරගාවලියේ නවතම තතු විත්ති ඔබ සමඟින් බෙදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<