ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි

Road Safety ලෝක ශූරතාවය 2022

702

දකුණු අප්‍රිකානු Legends කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමින් ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (18) සිය තුන්වන තරගයේ දීත් ජය වාර්තා කළා. Road Safety ශූරතාවයේ 10 වැනි තරගය වූ මෙම තරගය පැවැත්වුණේ Indoreහි Holkar ක්‍රීඩාංගණයේ දීයි.

දකුණු අප්‍රිකානු Legends නායක Jonty Rhodes කාසියේ වාසිය දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. තිලකරත්න දිල්ශාන් සහ දිල්ශාන් මුණවීර සුපුරුදු පරිදි ඉනිම ආරම්භ කළත් තිලකරත්න දිල්ශාන් අවාසනාවන්ත ලෙස එක් ලකුණකට දැවී ගියා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

මුණවීර සහ උපුල් තරංග පන්දු 39ක් තුළ දී ලකුණු 60ක් රැස් කරමින් ඉනිම ස්ථාවර කළා. ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තරමක අපහසු අඩියකට වැටුනත් ජීවන් මෙන්ඩිස් සහ අසේල ගුණරත්න එක්ව ශ්‍රී ලංකාව ලකුණු 165ක් කරා රැගෙන ගියා.

මෙන්ඩිස් පන්දු 27ක දී ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ද සමඟිනුයි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාව පළමු පන්දුවාර 6 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 50ක් රැස් කරගෙන සිටියා. Morne van Wyk දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 56ක් තුළ දී ලකුණු 76ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින්.

van Wyk හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් කිසිවෙකු සාර්ථක වුණේ නැහැ. නුවන් කුලසේකර නැවත වතාවක් සාර්ථක වෙමින් කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකාව 165/6 (20) – ජීවන් මෙන්ඩිස් 43, උපුල් තරංග 36, දිල්ශාන් මුණවීර 26, අසේල ගුණරත්න 25, Garnett Kruger 2/43.

දකුණු අප්‍රිකාව 154/6 (20) –Morne van Wyk 76, Alviro Petersen 22, Nuwan Kulasekara 2/33.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<