ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක්

160

ආසියානු පාපන්දු සම්මේලනයේ සහ දකුණු ආසියානු පාපන්දු සංගමයේ විධායක කමිටුව සඳහා ද්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමාර් මහතා පත් කිරීමට පසුගිය දා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කර තිබුණේ, ජස්වර් උමාර් මහතා පසුගිය වසරේ පාපන්දු සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව රටවල් ගණනාවක විශාල සහයෝගයක් ලබා ගන්න මූලික වූ බවත්, එමෙන්ම ඔහු පසුගිය කාලසීමාවේ පාපන්දුවේ නව වෙනස්කම් සිදු කරමින් ශ්‍රී ලංකා පාපන්දු අනාගතයට විශාල බලාපොරොත්තුවක් ගෙන ආ, බවයි.

ජස්වර් මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක මණ්ඩලයට ඇතුළත් වීමත් සමඟ මෙරට ගම්මානයන් තුළ නව ක්‍රීඩාංගණ ඉදිකිරීමට සහ පාපන්දු සංවර්ධනයට අමතර සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකි.

ජූලි 02 වැනිදා පැවති එම මහ සභා රැස්වීමට ජස්වර් මහතාට අමතරව උපසභාපති රංජිත් රොද්‍රිගෝ මහතා සහ ලේකම් උපාලි හේවගේ මහතා සහභාගි ව තිබුණා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<