Java Lane දැවැන්ත ජයග්‍රහණයට Olawaleගෙන් ගෝල පහක්

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

189

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (26) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට Pelicans SC, Super Sun SC සහ Java Lane SC කණ්ඩායම් සමත් වුනා.

Police SC සහ Super Sun SC අතර තරගය

මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට Super Sun SC ක්‍රීඩකයින් සමත් වුනා.

ආරම්භයේ සිටම දෙපිලට දෝලනය වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිලේ ම ක්‍රීඩකයින්ට නොහැකි වුණේ පසුපෙළ ක්‍රීඩකයින්ගේ දස්කම් නිසාවෙනුයි.

නමුත් 80 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් සාර්ථකව ප්‍රතිවාදී ගෝලය තුළට එල්ල කරමින් පළමු සහ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට  Super Sun SC ක්‍රීඩක Bausu Kwabenaට හැකි වුනා.

එම අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින්ට ද ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම ලැබුනත්, ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Police SC 00 – 01 Super Sun SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • Super Sun SC: Bausu Kwabena 80’

Pelicans SC සහ SLTB SC අතර තරගය

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 4-0ක පහසු ජයග්‍රහණයක් ලැබීමට සමත් වුනේ Pelicans SC කණ්ඩායමයි.

තරගය ආරම්භ වී මිනිත්තු 4ක් ගත වන විට ක්‍රියාත්මක වූ Pelicans ක්‍රීඩක ජේ. සාන්තනන් ගෝල ලබා ගැනීම ආරම්භ කළේ දඬුවම් රාමුව තුල සිට පන්දුව ගෝලය තුළට එල්ල කරමිනුයි.

එම ගෝලයෙන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ Pelicans ක්‍රීඩක එන්. මොහොමඩ් ගෝල ද්විත්වයක් ලබා ගැනීමට සමත් වුනේ තරගයේ 06 වැනි සහ 13 වැනි මිනිත්තු තුළ දීයි.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට SLTB ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසාවෙන් Pelicans ක්‍රීඩකයින් පෙරමුණේ තබමින් පළමු අර්ධය අවසන් වුනා.

දෙවැනි අර්ධය තුළ දී ද සිය ආධිපත්‍ය පැතිර වූ Pelicans වෙනුවෙන් සිව්වැනි ගෝලය තරගයේ 80 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේ ආර්. රත්වත්තේ විසිනුයි.

අවසන් ලකුණු තත්වය: Pelicans SC  04 – 00 SLTB SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • Pelicans SC: ජේ. සාන්තනන් 04 ‘ , එන්. මොහොමඩ් 06’ & 13’, ආර්. රත්වත්තේ 80’

Solid SC සහ Java Lane SC අතර තරගය

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Solid SC ක්‍රීඩකයින්ට ගෝල 7-1ක දැවැන්ත පරාජයක් අත්කර දීමට ප්‍රබල Java Lane SC ක්‍රීඩකයින්ට හැකි වුනා.

14 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලය තුළට එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනේ Solid ක්‍රීඩක සමිත් මධුරංග විසිනුයි.

එයට පිළිතුරු ලෙස 32 වැනි මිනිත්තුවේ දී Java Lane ක්‍රීඩක නවීන් ජූඩ් ගෝලයක් රැස් කරමින් ලකුණු තත්වය සම කළා.

එම අර්ධයේ 38 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් Java Lane ක්‍රීඩක Oluwaseeun Olawale ලබා ගත් ගෝලය නිසාවෙන් පළමු අර්ධය අවසන් වුනේ ගෝල 2-1ක් ලෙසයි.

දෙවැනි අර්ධය තුළ දී ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ Oluwaseeun Olawale 58 වැනි සහ 59 වැනි මිනිත්තුවල දී ගෝල ද්විත්වයක් රැස් කරමින් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට සමත් වුනා.

එම ගෝල ලබා ගැනීමෙන් පසුව නැවතත් 70 වැනි සහ 78 වැනි මිනිත්තුවල දී ක්‍රියාත්මක වූ Oluwaseeun Olawale තවත් ගෝල ද්විත්වයක් රැස් කරමින් සිය කණ්ඩායමට විශාල ඉදිරියක් ලබා දුන්නා.

තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ නවීන් ජූඩ් අවසන් අතිරේක කාලයේ දී තවත් ගෝලයක් රැස්කළේ සිය කණ්ඩායමට දැවැන්ත ජයක් ගෙන එමිනුයි.

අවසන් ලකුණු තත්වය: Java Lane SC 07 – 01 Solid SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • Java Lane SC: නවීන් ජූඩ් 32’ & 90+2’ , Oluwaseeun Olawale 39’, 58’,59’,70’&78’

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<