“මිනිස්සු මාව Bradmanට සමාන කරනවා” – Mushfiqur Rahim

4340

බංග්ලාදේශයේ දී මම ශතකයක් ලබා ගත්තාම මිනිස්සු මාව Bradmanට සමාන කරනවා, නමුත් මම ලකුණු රැස් කළේ නැත්නම් මට දැනෙන්නේ මම මටම වලක් කපා ගත්තා කියලයි. මම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක්. මම ගොඩ කාලයක් ක්‍රීඩා කරන එකක් නැහැ. නමුත් මේක පුරුද්දක් බවට පත් වෙමින් තිබෙනවා. ඒක නිසා තරුණ ක්‍රීඩකයින්ට සහය අවශ්‍යයි.”

ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් වාර්තා කළ බංගලාදේශ පිතිකරු Mushfiqur Rahim මාධ්‍ය හමුවේ පවසා සිටියා. මේ Rahimගේ ක්‍රීඩා දිවියේ 8 වැනි ටෙස්ට් ශතකයයි. එම ශතකයත් සමඟින් ඔහු බංගලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 රැස් කළ පළමු ක්‍රීඩකයා බවට ද පත් වුනා.

Mushfiqur Rahimට පසුගිය වසර එතරම් සුබ වුනේ නැහැ. 2020 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රැස් කළ ද්විත්ව ශතකයෙන් පසුව ඉනිම් 18ක දී ම ඔහුට ලකුණු 100 සීමාවට ළඟා වන්නට ලැබුණේ නැහැ. ඔහු පාකිස්තානයට එරෙහිව 2021 වසරේ දී ලකුණු 91ක් රැස් කළ අතර ඊට අමතරව ඔහු රැස් කරගෙන තිබුණේ තවත් එක් අර්ධ ශතකයක් පමණයි.

කෙසේ වෙතත් ක්‍රීඩකයින්ට අපහසු කාලසීමාවල දී ඔවුන්ට සහය නොදෙන ප්‍රේක්ෂකයින්ට හා විචාරකයින්ට ඔහු සිය අප්‍රසාදය පළ කර සිටියා.

මම හිතන්නේ බංග්ලාදේශයේ ක්‍රීඩකයින්ගේ අත්දැකීම්වලට වටිනාකමක් නැහැ. වසර 17ක් ක්‍රීඩා කරනවා කියන්නේ ලොකු දෙයක්. බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 5000ක් රැස් කළ පළමු ක්‍රීඩකයා වීම විශිෂ්ට හැඟීමක්. නමුත් මට විශ්වාසයි මම අන්තිම කෙනා නොවෙයි. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හා කනිෂ්ඨ ක්‍රීඩකයින් අතර ලකුණු 8000-10000ක් වුනත් රැස් කරගන්න පුළුවන් ක්‍රීඩකයින් ඉන්නවා.”

Mushfiqur ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ ශතකය ඔහු වැඩිම වෙලාවක් ගත ශතකයයි. ඔහු ඒ සඳහා පැය 7යි මිනිත්තු 48ක් පිතිකරණයේ නිරත වුනා. ඔහුගේ reverse sweep පහර එම ඉනිම පුරාවට දක්නට නොලැබුණු අතර ඒ පිළිබඳව ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.

කඩුල්ල හැසිරෙන ආකාරයට සියලුම දේ වෙනස් වෙනවා. මේක හොඳ පිතිකරණ තණතිල්ලක් කෙළින් පිත්තකින් හොඳ පහරවල් එල්ල කරන්නට පුළුවන් ඔබේ ශක්තියට අනුව.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<