රෝහලෙන් නික්මූ ශමින්දට අයි. සී. සී. ය වැට බදියි

368
Shaminda Eranga

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයට ගොස් සිටින දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ශමින්ද එරංග ගේ දෙවන ටෙස්ට් තරගයේදි පන්දු යැවීමේ ඉරියව් පිලිබදව සැක සහිත බව අයි. සි. සි යට වාර්තා කල අතර ඒ සඳහා පැවැත් වු විමර්ශණයකින් අනතුරුව ශමින්ද එරංග වැරදිකරු බවට තහවුරු කරමින් ඊයේ ICC විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනි.

සදහා පැවැත්වුනු පරීක්ෂණයට එරංග ඊයේ  (19) දා එංගලන්තයේ ලාෆ්බ්රෝ සරසවියේ දී පෙනී සිටී ඇති බව වාර්තා වේ. එම පරීක්ෂණයේ දී ශමින්ද අංශක 15 ඉක්මවා අත හසුරුවමින් පන්දු යවන නිසා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් වහාම ශමින්දට තරඟ තහනමක් පනවා ඇත.

ශමින්ද එරංග හෘදය ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් නිසා රොහල් ගත කර තිබු අතර හදවත ආශ්‍රිතව මතුවී ඇති මෙම රෝගී තත්ත්වය  එතරම් බරපතල නොවන බව වෛද්‍යවරුන් සදහන් කර ඇත.

අනුව ශමින්දට අන්තර් ජාතික ක්‍රිකට් තරඟ සදහා සහභාගි වීමට නොහැකි අතර, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සකසා පරීක්ෂණයකින් පසු නැවතත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියට පැමිණීමට හැකි බවද තවදුරටත් අයි.සී.සී විසින් දන්වා ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට