ඇඹුල්දෙණිය දකුණු අප්‍රිකානුවන් පාලනය කරයි

7706

දකුණු අප්‍රිකාවේ සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන දෙවැනි නිල නොලත් සිව්දින තරගයේ පළමු දිනය අද (25) ප්‍රිටෝරියා හිදී අවසන් වූයේ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා ප්‍රබල තත්ත්වයේ පසු වෙමිනි.

තෙවැනි දිනයේ දැක්වූ විශිෂ්ට දස්කම් ඵල රහිත වෙයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බොඳ කර දමමින් දෙරට අතර පැවති පළමු සිව්දින…………

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානුවන් සතු කිරීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා ප්‍රබල තත්ත්වයේ පසු වූහ. 

එහි දී වැඩි දායකත්වයක් දැක්වූයේ නායක රෙනාඩ් වැන් ටොන්ඩර් සහ සිනෙතෙම්බා කෙෂිලේ ය. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 148ක් මේ වෙද්දී රැස් කර ගෙන සිටිති. එහි දී නායක රෙනාඩ් වැන් ටොන්ඩර් පන්දු 242කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා ගනිමින් හෙට දිනයේ දී ද පන්දුවට පහර දීමට සූදානමින් සිටී. 

ඔහුත් සමඟ අනෙක් අන්තයේ සිටි සිනෙතෙම්බා කෙෂිලේ පන්දු 87ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 87ක් ලබා සිටියේ ය.

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළේ ජනේමාන් මාලන් සහ වන්ඩිලේ මැක්වෙදු ය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් දකුණු අප්‍රිකානු ඉනිමට ලකුණු 50ක් එක් කළහ. ජෙහාන් ඩැනියෙල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණි. 

මාලිංගගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගයට පෙර

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට්………..

ඉන් අනතුරුව තවත් ලකුණු 21ක් ඉනිමට එක් වෙද්දී වන්ඩිලේ මැක්වෙදු දැවී ගියේය. එවර ක්‍රියාත්මක වූයේ ලසිත් ඇඹුල්දෙණිය ය. කඩුලු රැකි ක්‍රීඩක මිනෝද් භානුක අතට උඩ පන්දුවක් ලබා දෙමින් මැක්වෙදු දැවී යද්දී පන්දු 53කට සහභාගී වී හතරේ පහර 2ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේය. 

දකුණු අප්‍රිකානු ඉනිමේ තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 80ක විය. එහි දී ක්‍රියාත්මක වූයේ නායක ටොන්ඩර් සහ ජේසන් ස්මිත් ය. නැවත වරක් ලසිත් ඇඹුල්දෙණියගේ දක්ෂ පන්දු යැවීමත් සමඟින් දකුණු අප්‍රිකානු ඉනිමේ තෙවැනි කඩුල්ල දැවී ගියේය.

ලසිත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ජේසන් ස්මිත් තම ඉනිම අවසන් කර ගනිද්දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 34ක් ලබා සිටියේය. ඊට අමතරව මැතිව් බ්‍රීට්ස්කේ පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 13ක් ලබා සිටිය දී ලසිත් ඇඹුල්දෙණියට ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් ගොදුරු විය. එවර ද ඇඹුල්දෙණියට සහයෝගය දැක්වූයේ කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක ය.

කවුරුත් නොදන්නා මාලිංග කවුරුත් දන්නා මාලිංග වූ හැටි ආදරණීය පුහුණුකරුගේ චවනයෙන්

මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන අප කතානායක දහසය……….

තරගය පළමු දිනයට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 102කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. ඊට අමතරව ලබා ගත් එකම කඩුල්ල ජෙහාන් ඩැනියෙල් සතු විය.  

තරගය දෙවැනි දිනයට අද (26) ක්‍රියාත්මක වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<