Dhawanට අපකීර්තිමත් වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

542
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (18) පැවති තරගයේ දී ලකුණු නොලබා දැවී යාමත් සමඟ තරගාවලි ඉතිහාසයේ දෙවනුවට වැඩිම වාර ගණනක් ලකුණු නොලබා  දැවී ගිය ආරම්භ පිතිකරුවන් අතර සම පෙරමුණට පැමිණීමට Shikhar Dhawanට සිදු වුනා.

හිටපු ක්‍රීඩක Gautam Gambhir සහ Ajinkya Rahane සමඟ ඔහු එම වාර්තාවේ සම තැනට පැමිණ තිබෙන අතර අවස්ථා 11ක දී පළමු පන්දුවෙන් දැවී ගොස් වැඩිම වරක් ලකුණු නොලබා දැවී ගිය ආරම්භක පිතිකරුවා ලෙස Parthiv Patel පෙරමුණේ රැඳී සිටිනවා.

එමෙන්ම තරගාවලියේ පිතිකරුවෙකු එක් කණ්ඩායමකට එරෙහිව වාර්තා කර ඇති වැඩිම ලකුණු ගණනට හිමි තමන්ගේම වාර්තාව බිඳ හෙළීමට Delhi Capitals ක්‍රීඩක David Warnerට හැකි වුනා.

ඊයේ තරගයේ දී පන්දු 31ක් තුළ ලකුණු 46ක් ලබා ගැනීමට David Warnerට හැකි වූ අතර ඒ සමඟ ඔහු  Punjab Kings කණ්ඩායමට එරෙහිව මෙතෙක් ලබා ඇති ලකුණු ගණන 1075ක් දක්වා ඉහළ ගියා.

මීට පෙර ඔහු Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව ලකුණු 1050ක් රැස් කර තිබූ අතර එය තනි ක්‍රීඩකයෙකු කණ්ඩායමකට එරෙහිව මෙතෙක් තරගාවලි ඉතිහාසයේ ලබා සිටි ඉහළම ලකුණු සංඛ්‍යාව වුනා.

Prithvi Shaw (52) සහ Rilee Rossouw (82) වාර්තා කළ අර්ධ ශතක නිසා ඊයේ තරගයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 213ක් ලබා ගැනීමට Delhi Capitals ක්‍රීඩකයින්ට හැකි වූ අතර එයට පිළිතුරු ලෙස Punjab Kings ක්‍රීඩකයින්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 198ක් පමණයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Liam Livingstone පන්දු 48ක් තුළ ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වූවත් එය තරගයේ වෙනසක් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

මෙවර IPL තරගාවලියේ සියලු තරග  ඔබට ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

Hindustan times ඇසුරිනි.              

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<