ආසියානු තරගාවලියට මේසපන්දු කණ්ඩායම පිටත් වෙයි

167

මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් 05 වැනිදා දක්වා Doha Qatar හී පැවැත්වීමට නියමිත 25 වැනි ආසියානු මේසපන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත් වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චමීර ගිනිගේ කටයුතු කරන අතර කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි කටයුතු කරයි.

පිරිමි කණ්ඩායම් ඉසව්ව, කාන්තා කණ්ඩායම් ඉසව්ව, පිරිමි යුගල, කාන්තා යුගල, මිශ්‍ර යුගල, පිරිමි ඒකල සහ කාන්තා ඒකල ලෙසින් කාණ්ඩ 7ක් යටතේ තරගාවලිය පැවැත්වේ.

කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් මේසපන්දු ජාතික පුහුණුකරු චතුර දුශාන් මහතා කටයුතු කරන අතර Trainer/Physio ලෙස රවින්ද්‍ර ජීවන්ත මහතා කටයුතු කරයි.

මෙම තරගාවලිය 2022 මේසපන්දු ලෝක කණ්ඩායම් ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින් ද පැවැත්වේ.

පිරිමි කණ්ඩායම:

චමීර ගිනිගේ – නායක (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සෙනුර සිල්වා (ආනන්ද විද්‍යාලය – කොළඹ) මිලින්ද ලක්ෂිත (OMBC Solution) නිමේෂ් රංචාගොඩ (ශ්‍රී ලංකා නාවික හමුදාව) ඉමන්ත උදයංග (ශ්‍රී ලංකා යුද හමුදාව)

කාන්තා කණ්ඩායම:

ඉෂාරා මධුරංගි – නායිකා (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) බිමන්දි බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය – මහනුවර) මුතුමාලි ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකා නාවික හමුදාව) තනූෂි රොද්‍රිගෝ (ශ්‍රී ලංකා යුද හමුදාව)

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<