ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළා. වත්මන් ආසියානු විස්සයි විස්ස ශූරියන් ලෙසින් ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම චමරි අතපත්තු වෙත ප්‍රදානය කර ඇති අතර උප නායකත්වයේ වගකීම හර්ෂිතා සමරවික්‍රම වෙත හිමිකර තිබෙනවා.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන දෙව්මි විහංඟා පළමු වරට විස්සයි විස්ස පිටියට එක් කර තිබෙන අතර නිමා වූ පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ ස්ථාන අහිමි ව තිබූ දකුණතින් මඳ වේග පන්දු යවන්නියන් වන 19 හැවිරිදි වියේ පසුවෙන මිතලි අයෝද්‍යා සහ 24 වැනි වියේ පසුවෙන චේතනා විමුක්ති ද මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා.
ඔවුන්ගේ පැමිණීමත් සමඟින් පාකිස්තාන එක්දින තරගාවලිය නියෝජනය කළ නිමාෂා මීපගේ සහ මල්කි මදාරා මෙන් ම එම සංචිතය නියෝජනය කළ රශ්මිකා සෙව්වන්දි ද මෙවර සංචිතයට ඇතුළත් කර නැහැ.
නම් කරන ලද මෙම කණ්ඩායමට 17 වැනි වියේ පසුවෙන සංජනා කාවින්දි නැවත වතාවක් කණ්ඩායම හා එක් කර තිබෙන අතර සංචිතයට එක් ව ඇති කඩුලු රකින්නිය වන්නේ කෞෂිනි නුත්‍යාංගනා.
ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම (උප නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, මිතලි අයෝද්‍යා, චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති, දෙව්මි විහංඟා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය) සහ කාව්‍යා කාවින්දි.
- ශ්‍රී ලංකාවට එරෙහි Shubman Gill ගේ ඉන්දීය බලඇණිය
- යොවුන් පිටිය බැබළවූ සඳරු, හිරාන්, මල්ෂ සහ තරුශ්ක
- මෙවර තරගාවලියේ මංගල ශතකය නිලක්ෂිකාගෙන්
- Major Club කාන්තා එක්දින තරග ආරම්භ වෙයි
- පැතුම් සහ චමරි සම්මාන වැස්සකට හසුවෙයි
6 වැනි වරටත් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර ද මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වදින අතර ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයෙන් තරගාවලියට එක් වීමට නියමිතයි. ඔවුන් සමඟින් බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් එම කාණ්ඩයට අතුලත්.
අනෙක් කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං යන කණ්ඩායම් තරගාවලියට එක් වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව, අගෝස්තු 29 වැනිදා සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමඟ තරග වදිමින් තරගාවලියට එක් වෙන අතර සැප්තැම්බර් 2 වැනිදා ඉන්දුනීසියාව සමඟින් ද සහ සැප්තැම්බර් 6 වැනිදා බංග්ලාදේශය සමඟින් ද පළමු වටයේ තරගවලට සහභාගී වීමට නියමිතයි.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















